• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

රටම අනාතයි කුජීතයි

Prasad Welikumbura by Prasad Welikumbura
December 31, 2020
in Articles, Ratutharuwa
0
රටම අනාතයි කුජීතයි

කෙරෝනා වසංගතය මේ වන විට රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනය කර ගැනීමට නොහැකි බංකොලොත් තත්වයට ආණ්ඩුව පත්ව ඇත. වයිරසය පාලනය කර ගැනීමට ගතයුතු පියවර කුමක්ද යන්න සම්බන්ධව ජනාධිපතිවරයා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දරන්නේ එකිනෙකට පරස්පර අදහස්ය. මේ අතර තවදුරටත් ගෝඨාභය හමුදා යාන්ත්‍රණය මත කොවිඩ් 19 පාලනය කිරීමේ ක්‍රියාන්විතය දිගටම පවත්වාගෙන යනු ලැබීම නිසා අර්බුදය තවත් උග්‍රවී ඇත. මේ සමග රට ක්‍රමයෙන් හමුදා පාලනයකට යටත් කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කර ඇති බව පැහැදිලිය. වසංගතය පාලනය කිරීමට ආණ්ඩුවේ නොහැකියාව පසුගියදා ජනාධිපති ගෝඨාභය ප්‍රසිද්ධියේ පිළිගනිමින් කියා සිටියේ යුද්ධය ජය ගැනීම තමන්ට කළහැකිවුවද මෙම වසංගතයක් නිසා එලෙස මැඩ පැවැත්විය නොහැකි බවය. යුද්ධය ජය ගත්තාසේම මෙම වසංගතය මැඩ පවත්වන බවට ගැසු කයිවාරුවේ සැබෑ තත්වය ඔහුගේ කටින්ම ප්‍රකාශවීම හාස්‍යජනකය.

බස්නාහිර පළාත ඇතුලූ දිවයිනේ ප්‍රදේශ ගනනාවක් දින 11ක් පමණ වසා දැමීමෙන් කොවිඩ් වයිරසය පැතිරිම පාලනය කිරිමට නොහැකිවු අතර මෙම කාලය තුළ වසංගතය හේතුකොට ගෙන මිය යන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල යමින් තිබේ. එසේම රෝගීන් නිවෙස් තුළම මරණයට පත්වීම පෙන්නුම් කරන්නේ පාලනය කිරීමට නොහැකිවිම හා තත්වයේ බරපතල ස්වභාවයයි. කොරෝනා පළමු රැල්ල පාලනය කල බවට උදම් ඇනු ආණ්ඩුවට දෙවන වටයේ මෙය ව්‍යාප්තවීමට තිඛෙන හැකියාව හා ඉඩ ගැන කිසිදු ඉදිරි දැක්මක් නොතිබු බව ඉතා හොදින් ප්‍රදර්ශණය විය. සෞඛ්‍ය අංශයට 2021 ඉදිරි අයවැය ඇස්තමේන්තු බැලීමේදී එම තත්වය හොදින් පැහැදිලිවේ. 2020 අයවැය ලේඛණය සඳහා රුපියල් බිලියන 178ක් වෙන්කර තිබූ අතර 2021 ඉදිරි වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කර තිඛෙන මුදල රුපියල් බිලියන 20කින් කප්පාදු කර තිබේ. ඇත්ත වශයෙන් කොවිඩ් වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වන අන්දම බැලීමේදී කළ යුතුව තිබුණේ සෞඛ්‍ය අංශයට අයවැයෙන් වෙන්කරන මුදල වැඩි කිරීමය. නමුත් ආණ්ඩුව කර ඇත්තේ තිබුණු මුදලත් කප්පාදු කර ජනතාවට කොකා පෙන්වීමය.

මේ අතර ආණ්ඩුව කොවිඩ් ආසාදිතයන් හදුනා ගැනීම සඳහා යොදා ගන්නා PCR පරීක්ෂණය කප්පාදු කිරීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය හදුන්වා දීමට පියවර ගෙන ඇත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය PCR පරීක්ෂණයට ආදේශකයක් ලෙස යොදාගත නොහැකිබව වෛද්‍ය විශේෂඥයින්ගේ අදහස බව ප්‍රකාශකර තිබියදී ආණ්ඩුවේ තැරැව්කාරයින්ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මෙම පියවර ගැනීම ගැන බරපතල විරෝධයක් මතුව ඇත. හිතුවක්කාර හා දඩබ්බර අන්දමට ගෝඨාභයගේ ආණ්ඩුව ගෙනයන මෙම අමනෝඥ පියරයන් නිසා මුලූ රටම බරපතල අනතුරකට ඇදවැටිය හැකිය. මෙම පසුබිම තුල දෙවන වටයේ වසංගතයේ ව්‍යාප්තිය ජනතාව පිට පටවා ඇඟබේරා ගැනීමට ගෝඨාභය ඇතුලූ ආණ්ඩුවේ නායකයින් කටයුතු කිරිම ආණ්ඩුවේ බංකොලොත්කම පෙන්නුම් කරන අතර රෝගීන් නිවෙස් වලට සිමා කිරීම හරහා ජනතාවට මරණය තෝරා ගැනීමට ඉඩහැර ඇත.

මේ අතර කොවිඩ් වසංගතය මුවාවෙන් රැකියා අහිමි කෙරෙන කම්කරුවන්ගේ ප්‍රශ්ණය උග්‍ර වන අතර වැටුප් කප්පාදුව හා වැඩි පැය ගනනක් සේවයේ යෙදවීම ධනපති පාලකයින් පියවර ගනිමින් සිටී. උග්‍රවන ආර්ථීක අර්බුදය හමුවේ ජීවත්විය නොහැකි අන්දමට ජීවන වියදම ඉහල නැගීමද සිදුවෙයි. රැකියා අහෝසිය හා අධික ජීවන වියදමට එරෙහිව කම්කරු පංතිය හා ජනතාව අතර මතුවෙමින් එන විරෝධය එක්සත් ජනතා බලයක් බවට පත් කිරිම සඳහා වෘත්තිය සමිති ව්‍යාපාරය පියවර ගතයුතු බව රතුතරුව අවධාරණය කර සිටී.

Tags: Covid 19Job LossSri Lanka
Previous Post

Raratutharuwa

Next Post

කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.

Next Post
කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.

කොවිඩ් 19ට මුවා වී රට මිලිටරීකරණය කිරීමේ උත්සාහය පරදවමු.

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« Apr   Jan »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.