lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

Repeal PTA – ප්‍රති ත්‍රස්ත පනත අකුල ගනිව්

dhammika by dhammika
December 15, 2020
in Articles
0
USP මාර්තු 21 උද්ඝෝෂණය
Share on FacebookShare on Twitter

යුද්ධය අවසන්වීමෙන් පසුව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ප‍්‍රබල ජන මතයක් ගොඩනැගී තිබුණි. එම පසුබිම යටතේ ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වු විගස ජිනිවා මානව හිමිකම් කොමිෂමට එවකට හිටපු විදේශ ඇමති මංගල සමරවීර වාර්තා කලේ එම පනත අහෝසි කිරිමට ආණ්ඩුව කටයුතු කරන බවයි. එසේ වුවද මෙම ආණ්ඩුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරිමේ මුවාවෙන් ප‍්‍රති ත‍්‍රස්ත පනත නමින් ඉතා භයානක පනතක් ගෙනඑ්මට කටයුතු කරමි සිටි.
මෙම අලූත් ප‍්‍රති ත‍්‍රස්ත පනත සම්මත වුවහොත් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට එයින් බරපතල බාදා පැමිනෙනු ඇත. ඕනෑම ජනතා විරෝධයක් ත‍්‍රස්තවාදි කි‍්‍රයාවක් ලෙස නිර්වචනය කර ඊට සහභාගි වන අය අත්අඩංගුවට පත් කිරිම සහ වසර 20ක සිර දඩුවමකට යටත් කිරිමට මෙයින් බලය ලැබෙනු ඇත. මෙයින් පොලිසියට අසීමිත බලයක් පැවරෙන අතර එමගින් පොලිස් රාජ්‍යයක් බිහිවීම සිදුකෙරෙනු ඇත.

මෙම පනත ගෙන එ්මේ යටි අරමුණ දේශපාලන ප‍්‍රතිවාදින් මර්ධනයට ලක් කිරිමය. ධනපති රාජ්‍ය යන්ත‍්‍රණය ආරක්ෂා කිරීමය. වැඩ වර්ජනල පෙලපාලිල උද්ඝෝෂණ වැනි කි‍්‍රයාවන් හා වෘත්තිය සමිති කි‍්‍රයාමාර්ග පවා ත‍්‍රස්තවාදි කි‍්‍රයාවන් ලෙස හදුන්වා ඊට සහභාගි වන අය අත් අඩංගුවට පත් කිරිමට මෙයින් බලය ලැබෙන්නේය. මෙම නව ත‍්‍රස්ත පනතේ සඳහන් දඩුවම් කි‍්‍රයාදාමය ඉතා බරපතලය. එනම් නිති කඩකරන අයට වසර 20ක සිර දඩුවමක් හා ලක්ෂ 10ක දඩ මුදලක් ගෙවීමට සිදුවිමය. ප‍්‍රති ත‍්‍රස්ත පනතට එරෙහිව රටපුරා ප‍්‍රබල ජනමතයක් ගොඩනැගෙමින් පවතින පරිසරය තුළ මහින්ද රාජපක්ෂ ඇතුලූ එ්කාබද්ධ විපක්ෂයේ නායකයෝ ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුලූ හෙලීමට ඉදරිපත්ව සිටිනු පෙනේ. පසුගිය රාජපක්ෂ පාලනය රට පාලනය කලේ මර්ධනය දියත් කරමිනි. කටුනායක රොෂේන්, හලාවත ඇන්ටනී හා රතුපස්වල තරුණයින් තිදෙනෙකු ඝාතනය කලේ රාජපක්ෂවරුන් බව ජනතාවට අමතක නොවනු ඇත. එම පරිසරය තුළ කෙසේ හෝ නැවත බලයට එ්මට වලිකන රාජපක්ෂවරුන්ගේ ප‍්‍රති ත‍්‍රස්ත විරෝධයේ ඇත්ත ස්වභාවය තේරුම් ගතයුතු අතර ඔවුන් ප‍්‍රති ත‍්‍රස්ත පනත ඔවුන්ගේ මර්ධන උපකරණයක් ලෙස අනාගතයේ යොදාගන්නා බවට අපි අනතුරු අගවන්නෙමු.

මෙපනත මගින් ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධතා කි‍්‍රයාවක් ත‍්‍රස්තවාදය ලෙස හංවඩු ගසා සියලූ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතින් උදුරා ගැනිමට කටයුතු කරනු ඇත . එබැවින් මෙයින් සිදුවිය හැකි මහා විනාශය තේරුම් ගනිමින් කම්කරු පංතිය ප‍්‍රමුඛ වෘත්තිය සමිති ව්‍යාපාරයද ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියලූ දේශපාලන බලවේගයන්ද එක සටන් පෙරමුණකට පැමිණ මෙම භයානක පනත පරාජය කිරිමට පෙරට පැමිනෙන ලෙස එක්සත් සමාජවාදි පක්ෂය නිකුත් කල නිවේදනයක් හරහා ආයාචනය කර සිටි. මෙම පනත සම්මත වුවහොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම බව සලකා එක්වන ලෙස අපි වැඩිදුරටත් අවධාරණය කරන්නෙමු.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
Raratutharuwa

Raratutharuwa

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.