• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ව්‍යවස්ථාදායක කුමන්ත‍්‍රණයකින් බලය මාරු කිරීමේ උත්සාහයක්

dhammika by dhammika
October 30, 2018
in Articles
0

ව්‍යවස්ථාදායක කුමන්ත‍්‍රණයකින් බලය මාරු කිරීමේ උත්සාහයක්

අප රට මේ වනවිට පෙර කිසි දිනක අත්නොදුටු ඝනයේ ඉතා තියුණු ව්‍යවස්ථාදායක කුමන්ත‍්‍රණයකට හා අර්බුදයකට මුහුණදී සිටී. ජනාධිපති සිරිසේන විසින් වික‍්‍රමසිංහ සමග අටවාගෙන තිබූ ඊනියා ජාතික ආණ්ඩුව බිඳ දැමිමට තනි පංගලමේ තින්දු කරන ලද අතර පුද්ගලිකව තමාගේ ආසන්නතම හතුරාව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැළඳගෙන ඔහු අමැතිධුරයට පත් කිරීමට පියවර ගෙන ඇත. මෙම ව්‍යවස්ථාදායක කුමන්ත‍්‍රණය ගැන අපගේ ස්ථාවරය විග‍්‍රහකිරිමට පෙර පසුගියදා පැවැති අප පක්ෂ සම්මේලනයේ ලියවිල්ලේ සඳහන්ව ඇති කරුණු කිපයකින් ආරම්භ කිරිම සුදුසුය.

එක්සත් සමාජවාදි පක්ෂයේ සමුලූවාරය පැවැත්වුයේ මෙකී පාර්ලිමේන්තු කුමන්ත‍්‍රණය සිදුවීමට පෙර හරියටම සති දෙකක් ඉක්මවීමෙනි. මෙම සමුලූවාරය තුල සම්මත කෙරුණු දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ලේ පළමු ජේදයේ මෙසේ සඳහන්වේ. අප පක්ෂයේ 15 වන ජාතික සම්මේලනය පවත්වන්නේ ලාංකේය ධනපති පංතිය ගැඔුරු අර්බුදයකට මුහුණ දෙමින් සිටින අවධියකය. බි‍්‍රතාන්‍යයෙන් ඊනියා නිදහස ලබා වසර 70කින් පසු බලයට පත් දුර්වලම ආණ්ඩුව ලෙස මෙම යහපාලන” අණ්ඩුව සඳහන් කළහැකිය. එම ලියවිල්ලේ 9වන ජේදයේ මෙසේ සඳහන්ව ඇත. ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වයන් දෙක වන එජාපය හා ශ‍්‍රීලනිපයට සාමුහිකව ආණ්ඩු කල නොහැකි ප‍්‍රමාණයට අර්බුදය උග‍්‍රකර ඇත. කැබිනට් මණ්ඩලය රැුස්වෙන්නේ නාමික වශයෙන් පමණී. අගමැති රනිල් වික‍්‍රමසිංහට විරුද්ධව මහින්දගේ නායකත්වයෙන් යුක්ත එ්කාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහණය කිරීම සඳහා එකිනෙකාට දේශපාලන විරුද්ධවාදීන් ලෙස කටයුතු කරන ජනාධිපති මෛති‍්‍රපාල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග රහසේ සාකච්ජා කිරීමෙන් පෙන්නුම් කලේ ආණ්ඩුව මුහුණදෙන අර්බුදයේ ස්වභාවයයි. මහින්දට මෙන්ම මෛති‍්‍රපාලටද උවමනාවුයේ රනිල් අගමැතිධුරයෙන් පන්නා දැමීමටය. එසේ වුවද මෛති‍්‍රපාලගේ හා මහින්දගේ එ්කාබද්ධ මෙහෙයුම පාර්ලිමේන්තුව තුළ විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට රනිල්ට හැකිවීම හරහා ඔහු තාවකාලික ශක්තියක් අත්කර ගත්තේය. එසේ වුවද ආණ්ඩුවේ අර්බුදය සමනය කර ගැනිමට එය සමත්වූයේ නැත. එම දේශපාලන ලියවිල්ලේ අවසන් ජේදය වන 41හි තවදුරටත් මෙසේ සඳහන්ව ඇත ග වර්තමානයේ අප ගමන් කරමින් සිටින්නේ සුළු කම්පනයකින් විශාල පරිවර්තනයකට අවශ්‍ය කොන්දේසි පවතින සමාජ වටපිටාවක බව පැහැදිලිය.
ජනාධිපති සිරිසේනගේ හදිසි කුමන්ත‍්‍රණකාරී අඩව්ව ඇල්ලීමට පෙර මාක්ස්වාදීන් වන අපහට ලාංකේය ධනපති කඳවුරු දෙකම මුහුණ දෙමින් සිටින තීරණාත්මක අර්බුදය සම්බන්ධයෙන් පැහැදිලිව පෙර දැකීමට සමත්විම ගැන අපට නිහතමානීව ආඩම්බර විය හැකිය. ජනාධිපති සිරිසේන තම ජනාධිපති බලය අත්තනෝමතිකව උපයෝගී කර ගනිමින් අගමැති වික‍්‍රමසිංහ පන්නා දමා මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කර ගැනීමෙන් දේශපාලන අර්බුදයකට රට ඇඳ දමා ඇත. සිරිසේන විසින් ගනුලැබූ පියයවර ව්‍යවස්ථානුකුලද නැද්ද යන්න ගැන විවාදයක් මේ වන විට ආරම්භවී තිබේ. නමුත් දේශපාලනික වශයෙන් වැදගත් වනුයේ ඔහු මෙම ආණ්ඩු පෙරලිය සිදු කලේ බරපතල කුමන්ත‍්‍රණකාරී වැඩ පිළිවෙලක් හරහා යන්නය. සිරිසේන ගත් මෙම පියවර ගැන ඔහු කෙතරම් කුමන්ත‍්‍රණකාරීව කටයුතු කලේද යත් හිටපු අගමැතිවරයාට පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලයට මෙය නොදැන්වීමෙන් එ් බව පැහැදිලිය.
එ් අනුව පාර්ලිමේන්තුව තුළින් තේරී පත්ව සිටින අගමැතිවරයා ඉවත් කිරීමට ඔහු අනුගමනය කළ කි‍්‍රයාමාර්ගය තුළින් පැහැදිලි වන්නේ මෙය ව්‍යවස්ථාදායක කුමන්ත‍්‍රණයක් බවය. මෙවැනි මාදිලියේ ව්‍යවස්ථාදායක කුමන්ත‍්‍රණයක් අපරටේ සිදුවු පළමු අවස්ථාව මෙය වන අතර ද. ආසියානු කළාපයේ පකිස්ථානය හා මාලදිවයින රටවල මෙවැනි සිදුවීම් අප අත්දැක තිබේ. රාජපක්ෂ කඳවුරට හිතවාදී පිරිස් මෙම බලමාරුව 2015 ජනවාරි මස හිටපු අගමැති දි.මු ජයරත්න ඉවත්කර පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබු වික‍්‍රමසිංහ අගමැතිධුරයට පත් කිරිමට සිරිසේන ගත්තාවු කි‍්‍රයාවට සමාන කිරිමට උත්සාහ ගනු පෙනේ. එහි සමානකම් ඇතිවා මෙන්ම බරපතල වෙනස්කම්ද ඇත. එ් අන්දමට අගමැතිවරුන් දෙදෙනෙකු ඉවත් කිරීමට 2015 දී හා 2018 සිරිසේන අනුගමනය කළ පියවර එකහා සමාන නොවන්නේය. 2015දී ලක්ෂ 62 ජනවරමකින් සිරිසේන ජනාධිපතිධුරයට පත්වීමට පෙර මැතිවරණ පොරොන්දුවක් ලෙස තමා ජනාධිපතිධුරයට පත්වුවහොත් වික‍්‍රමසිංහ අගමැතිධුරයට පත්කරන බවට ජනතාව ඉදිරියේ ප‍්‍රසිද්ධව පොරොන්දුවක්දී තිබුණි. එයටත් වඩා වැදගත් වනුයේ වික‍්‍රමසිංහ අගමැතිධුරයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ පැවැත්ම කල් නොතැබු අතර රාජපක්ෂ කඳවුර පාර්ලිමේන්තුවේදී වික‍්‍රමසිංහ අගමැතිධුරයට පත්කිරීම ගැන කිසිදු අභියෝගයක් ඉදිරිපත්නොකිරිම මෙහිදී වැදගත් වනු ඇත.
ඊට අමතරව සිරිසේන හා වික‍්‍රමසිංහගේ ජාතික ආණ්ඩුව බලයට පත්ව පළමු දින 100 තුළ සම්මත කරගත් 19වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගමැතිධුරය වෙනස් කළ හැකි වන්නේ අගමැතිධුරය දරන්නාවූ පුද්ගලයා මියගිය අවස්ථාවකින් හෝ ඔහු ඉන් ඉවත්වූ අවස්ථාවක බව පැහැදිලිව ස`දහන්ව තිබේ. එම නීති තර්කය කෙසේ වුවද ප‍්‍රශ්නය බරපතල වන්නේ මෙවර වික‍්‍රමසිංහ අගමැතිධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමිමට ඔහුගත් අත්තනෝමතික හා එ්කාධිපති ස්වරූපයේ පියවර ගැන සැලකිමට ගැනීමේදියග සිරිසේන ප‍්‍රකාශ කරන අන්දමට ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු නම් ඔහු කල යුතුව තිබුනේ අගමැති වෙනස් කිරීමෙන් අනතුරුව එම තීරණය සනාත කිරීමට පාර්ලිමේන්තුවට වහාම අවස්ථාව උදාකරලීමයග රාජපක්ෂට ආවඩන පරාජිකවු දේශපාලන නායකයින් සැඟවීමට උත්සාහ දරන්නේ පාර්ලිමේන්තුව කල්දමනු ලැබුවේ රාජපක්ෂට අවශ්‍ය මන්තී‍්‍ර සංඛ්‍යාව හොදින් හො නරකින් මිලදී ගැනීම සඳහා යන්නය. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින බොහෝමයක් මන්ති‍්‍රවරුන්හට ආරක්ෂා කිරිමට කිසිදු දේශපාලන ප‍්‍රතිපත්තියක් නොමැති අතර ඔවුන් මුදලට හා වරප‍්‍රසාදවලට ඉතා පහසුවෙන් විකිනෙන අය බව ජනතාවට නෙරහසකිි.
මහින්ද හා රනිල් යන දෙදෙනාම මේ වන විට තමන්හට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගෙන් බහුතරයක් වන 113ක් සිටින බවට පුනපුනා කියති. වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරු පත්ව සිටින අන්දම මෙසේය. එක්සත් ජාතික පක්ෂයට ආසන 87කි. එජාපය හා සම්බන්ධ පෙරමුණ නියෝජනය කරන මන්තී‍්‍රවරු වශයෙන් ආසන 7ක් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයටද ආසන 6ක් වතුකරය නියෝජනය කරන දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානයටද ආසන 5ක් රිසාඞ් බදුයුද්දීන්ගේ සමස්ථ ලංකා මුස්ලිම් කොංග‍්‍රසයටද ආසන 2ක් ජාතික හෙල උරුමයටද අයත්යග මහින්ද හා සිරිසේන එකතුවී විට ඔවුන්ට මන්ත‍්‍රී ආසන 95ක් හිමිව ඇත. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයට ආසන 16ක් හා ජනතා විමුක්ති පෙරමුණට ආසන 6ක් තිබේ. මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ මෙම බල අරගලයේදී කිසිවුට සහාය නොදී මධ්‍යස්ථව සිටින බව ප‍්‍රකාශකර ඇති අතර දෙමළ සන්ධානයේ ස්ථාවරය තවමත් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්ව නොමැත.
ප‍්‍රධාන ධනපති කඳවුරු දෙක අතර මතුව තිබෙන බල අරගලය මහින්දට මෙන්ම රනිල්ට ඉතාම තීරණාත්මකය. එසේම රටතුල මතුව තිබෙන මෙම අර්බුදය කම්කරු පංතිය හා ජනතාවටම බරපතල අනතුරු ඇඟවිමකිග යම් හෙයකින් මහින්දට බහුතර මන්තී‍්‍ර සංඛ්‍යාව පෙන්වීමට අසමත් වුවහොත් රටතුළ ඉතා භයානක අරාජිකත්වයක් නිර්මාණය වීමට බොහෝ ඉඩඇත. මහින්ද තම ආධාරකරුවන් මහපාරට කැඳවා පාර්ලිමේන්තුවේ තින්දුව අභියෝගයට ලක්කිරීමට තිබෙන ඉඩ අවතක්සේරු කළ නොහැකිය. විශේෂයෙන් මහින්දට හා රනිල්ට මෙය ”වෝල්ටර්ලූ” අවසන් සටන බවට පරිවර්තනය වී තිබේ.
මේ වන විට මහින්ද රාජපක්ෂ හිතවාදින් රාජ්‍ය මාධ්‍ය ඇතුලූ රජයේ ප‍්‍රධාන ආයතන වෙත කඩාපැන තම බලය තහවුරු කිරීමට පියවර ගැනීම පෙන්නුම් කරනුයේ ඉහත තත්වයේ පෙරහුරුවක් විය හැකිය. මේ වන විටත් හිටපු ඇමති අර්ජුන රණතුංග හා ඔහුගේ ආරක්ෂකයින් සමඟ රාජපක්ෂට ගැතිකම් දක්වන මැරයන් අතර ඇතිවූ ගැටුමකින් අහිංසක කම්කරුවකුට ජීවිතය පූජා කිරීමට සිදුව ඇත ග පාර්ලිමේන්තුව රැුස්කිරීමට නියමිත නොවැම්බර් 16 වෙනිදාට පෙර මෙවැනි මාදිලියේ සිදුවීම හා විපක්ෂ නායකයින් අත් අඩංගුව පත්වීමට පවා තිබෙන ඉඩකඩද බැහැර කළ නොහැකිය. එ් අතර රාජපක්ෂට සහාය පළ කරමින් තිබෙන සමාජ මාධ්‍ය ජාල හරහා අත්අඩංගුවේ සිටින ”රණවිරුවන්” නිදහස් කරන ලෙසත් සිරදඬුවමකට යටත්ව සිටින ඥනසාර නිදහස් කරන ලෙසටද පවතින මතවාදය අනාගත රාජපක්ෂ පාලනයේ ස්වභාවය පෙන්නුම් කිරීමකි.
සිරිසේන හා වික‍්‍රමසිංහ යන දෙදෙනා පසුගිය වසර 3 1/2ක කාලයක් පුරා අධිරාජ්‍යවාදින්ගේ සුවච කීකරු ගෝලයින් වශයෙන් ජනතා විරෝධී නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙල ක‍්‍රියාවට නැගීය. වැඩ වර්ජන හා ශිෂ්‍යයන්ගේ අරගල අමානුෂික අන්දමින් මර්ධනය කරන ලදී. රුපියල වාර්තාගත ලෙස අවප‍්‍රමාණය වීමට ඉඩහරිමින් කම්කරු පංතිය ඇතුලූ ජනතාව මරුමුඛයට ඇද දමන ලදි. මේ වනවිට ඔවුන් දෙදෙනා දෙපැත්තක් ගෙන එකිනෙකාට බැණ වැදගන්නේ ජනතාවට තිබෙන කිසිදු ආදරයකට නොව බලකෑදරකම උදෙසා බව ජනතාව තේරුම් ගතයුතු බව අපි අවධාරණයෙන් කියා සිටිමු.
මෙම පරිසරය තුළ සමාජවාදී විකල්ප බලයක් වෙනුවෙන් කටයුතු කරන අප කියා සිටිනුයේ කම්කරු පංතිය හා වෘත්තිය සමිති විසින් වැඩකරන ජනතාව ඇතුලූ සමස්ථ පීඩිත ජනතාවගේ දැවෙන ඉල්ලිම ලබාගැනීම වෙනුවෙන් ධනපති පංතියේ එ් හෝ මේ පිලට යටත් නොවී ස්වාධීන වාමාංශික වැඩ පිළිවෙලක් වෙනුවෙන් වහා පියවර ගතයුතු බවය. ධනපති පාලනය තුල ජාතික පීඩනයට ලක්ව සිටින දෙමළ ජනතාව එම වැඩ පිළිවෙල වටා එ්කරාශී කර ගැනීමද අත්‍යවශ්‍යය. එමගින් කම්කරු පංතියේ පුලූල් ව්‍යාපාරයක් ගොඩනගා ගනිමින් කම්කරුවන්ගේ හා දුගී ගොවියන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රිය සමාජවාදී පාලනයක් සඳහා වන දිගුකාලින ඉදිරි වැඩපිලිවෙලක් සඳහා වහාම පෙළගැසෙන ලෙසය.

සිරිතුංග ජයසුරිය
ප‍්‍රධාන ලේකම්
එක්සත් සමාජවාදී පක්ෂය

Previous Post

වතු කම්කරුවෝ රු.1000/-ක් ඉල්ලා සටන් මගට

Next Post

Ratutharuwa

Next Post
Ratutharuwa

Ratutharuwa

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
October 2018
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Sep   Nov »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.