• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ධනවාදයේ අර්බුදයට විසඳුම සමාජවාදයයි

dhammika by dhammika
October 5, 2018
in Articles
0

මූල්‍ය අර්බුදයෙන් වසර 10කට පසු
ධනවාදයේ අර්බුදයට
විසඳුම සමාජවාදයයි

මෙම වසරේ සැප්තැම්ර් 15 වන දින ලන්ඩනයේ රහසිගත ස්ථානයකදී ඉහළ පෙලේ එකමුතුවක් පැවැත්වීය. මෙහිදී වරෙක ලෝකයේ තිබු විශාලතම ආයෝජන බැංකුවක් වූ ”ලේමන් බ‍්‍රදර්ස්” බැංකුවේ ප‍්‍රමුඛ පෙලේ බැංකුකරුවන් පිරිසක් 2008 මූල්‍යමය කඩාවැටීමේ දස වන සංවත්සරය මත්පැනින් හා ප‍්‍රණීත අවුළුපත් සමගින් සමරනු ලැබීය.
2007 වසර තුලදීද කැකෑරෙමින් තිබූ මුල්‍යමය අර්බුදයේ තීරණාත්මක අවස්ථාවක් වූයේ උක්ත බැංකුවේ අභාවයයි. පසුව මෙම අර්බුදය ලොවපුරාම පැතිර ගිය සමස්ථ ආර්ථික කඩාවැටීමක් බවට වර්ධනය විය. මෙම අර්බුදයෙන් ධනේෂ්වර ලෝක ආර්ථිකයට සම්පූර්ණයෙන්ම මිදීමට නොහැකිව ඇත. එමඟින් සමස්ථ පෘථිවි ගෝලය හරහාම දේශපාලනමය මුලික වශයෙන් වෙනස්විමිවලට භාජනය වී ඇත. එ් සියල්ලටත් වඩා එම අර්බුදයේ ප‍්‍රථිපලයක් ලෙස සිය ජීවන තත්වයන් විශාල අයුරින් බිඳවැටීම් වලට ඉලක්ක වූ බිලියන ගණනක් ජනතාවන්ට එවැනි සංවත්සරයක් සැමරීමට කිසිදු හේතුවක් නොතිබෙනු ඇත. ”ලේමන් බ‍්‍රදර්ස්” බැංකුව කඩා වැටෙන තුරුම ලෝකයේ ආණ්ඩු හා බැංකුකරුවන් හා ආර්ථික විශේෂඥයින් යලි යලිත් මතුරමින් සිටියේ රාජ්‍ය මැදිහත්වීමකින් යුතු නිදහස් වෙළදපොල ධනවාදය සැමවිටම ඉතාමත්ම හොඳ බවය. නමුත් තමන් මැදිහත් වූයේ නොමැති නම් හුදෙක් කඩාවැටීමක් පමණක් නොව 1929 වසරේ සිදුවූ පරිදි අති විශාල ව්‍යසනයක් සිදුවිය හැකි බවට ධනපති පංතිය පසුව තේරුම් ගත්හ. 1929 සිදුවු විශාල කඩාවැටීම හේතුවෙන් 1930දී ලෝක ආර්ථිකය දරුණු අවපාතයකට මුහුණදිමට සිදුවූ අතර එහි ප‍්‍රථිපල ලෙස විප්ලව හා ප‍්‍රතිවිප්ලව ගණනාවක් ලොවපුරා ඇතිවිය.

ධනපති ආණ්ඩුවල මැදිහත්වීම

මෙම නවලිබරල්වාදී ධනවාදි ආණ්ඩු අර්බුදය සමග අංශක 180ක් යලි කැරකී ආපසු හැරුණහ. ඔවුහු බැංකු ජනසතු කිරිමට පටන් ගත්හ. බැංකුවලට සහනාධාර සැපයුහ. ලෝකයපුරා ආර්ථිකයන්ට පවුම් ටි‍්‍රලියන ගණනින් ආධාර පොම්ප කළහ. එහෙත් මේ කිසිවක් කම්කරු පන්ති ජනතාව ඉලක්ක කොට සිදුවූ දේවල් නොවේ. එම අතිවිශාල මුදල් පොම්පකරනු ලැබුවේ බැංකුවලට හා මුල්‍ය ආයතනවලටය. මෙම දැවැන්ත මැදිහත්වීම මගින් ධනවාදයට 1929 සිදුවූ පරිදි ව්‍යාසනයක් සිදුවිම වළක්වා ගත හැකිවිය. එහෙත් ලෝක ආර්ථිකය කැපී පෙනෙන ලෙස පසුගමනයකට යොමුවීම ඔවුනට වලක්වා ගත නොහැකි විය. ඉහතින් සඳහන් ඊනියා ජනසතු කිරීම් කිසිසේත් සමාජවාදීන් හඳුන්වන මාදිලියේ සැබෑ ජනසතු කිරීමක් නොවිණ. එ් වෙනුවට සිදුවූයේ ධනවාදයට මුක්කු ගැසීමේ අරමුණ සහිතව ”ධනපතියන්ට සමාජවාදය” ඉටු කිරීමක් පමණක් වූ අතර එමගින් ධනවාදයේ දුර්වලතාවයන් ඉස්මතුවී පෙනීමය. ලොවපුරා කම්කරු පන්ති ජනතාවන් මිලියන ගණනකට රැුකියා හා නිවාස අහිමි විය. ජීවන තත්වයන් නගා සිටුවීමට සැපයු සහනාධාර කපා දමන ලදී . එහෙත් මෙම අර්බුදය නිර්මාණය කර තීව‍්‍ර කල බැංකු අධිපතින්ට කිසිදු දඬුවමක් ලබාදුන්නේ නැත . එ් වෙනුවට පවුම් කෝටි ගණනින් යුත් පාරිතෝෂිකයන් අඛණ්ඩවම ඔවුහු ලබාගත්හ.

යලිත් වරක් සිදුවූයේ මාක්ස්වාදයේ නිවැරදිතාවය ඔප්පු විමයග ධනවාදය පිළිබදව මාක්ස්ගේ සවිස්තර විග‍්‍රහය අද දක්වාම වලංගු වන බවට ධනවාදය වෙනුවෙන් පෙනී සිටින ප‍්‍රධානතම කථිකයන්ට පවා අපහසුවෙන් වුවද පිලිගැනීමට සිදුවිම මාක්ස්වාදින් ලැබු ජයග‍්‍රහණයක් විය. පසුගිය
වසරේ පලකරන ලද ”ද ඉකොනොමික්ස්” සඟරාවක පළවුයේ කාල්මාක්ස් විසින් කියන ලද බොහෝ දේ දිනෙන් දිනම වඩ වඩාත් අදාල වන බව හා උචිත වන බව පෙනී යයි” යනුවෙනි. එහෙත් ඔවුන්ගේ නිගමනය වන්නේ ධනවාදයෙන් බැහැරවීම නොව එය පවත්වාගෙන යාම සඳහා තව තවත් ආධාරකයන් එයින් සපයා ගැනීමය.

උපතේ සිට පැවත එන ජන්මානුගත ජානවලින් ධනවාදී ආර්ථික අර්බුදයන් ගොඩනැංවී ඇත. කලින් කලට සිදුවන උත්පාතයන් හෙවත් අවපාතයන් මෙන්ම පරිහානීන්ද වලකා ගැනීමට නොහැකිවී ඇත. එ් තත්වයන්ට අදාල වන කාලයක් පුරාම ගොඩනැගෙමින් පවතින භාණ්ඩ අගය නිෂ්පාදන ධාරිතාවය හා කම්කරු නිපුණතාවයද එවැනිවු අනපේක්ෂිත තත්වයන්ට ගොදුරුවීමද එ් සමගම සිදුවෙයි. මෙසේ සිදුවන කඩාවැටීම් තුලින් කම්කරුවන් හා පීඩිත ජනතාවගේ ජීවිත වලට මෙන්ම ඔවුන්ගේ ජීවන තත්වයන්ටද දැඩි ලෙස බලපෑම් එල්ල කරඇත. එ් සමඟම පද්ධතියක් ලෙස ගතහොත් ධනවාදයේ නිෂ්ඵල බවද කෲරත්වයද මෙම සිදුවීම් වලින් මොනවට විදහා දක්වයි. වසර සිය ගණනක් මුළුල්ලේ මෙම මුලික ගැටළුව විසඳීමට ධනවාදී ආර්ථික විද්‍යඥයෝ අපොහොසත්වී ඇති බව මැනවින් ප‍්‍රදර්ශනයවේග

උත්පාතය හා බංකොලොත් බව

ධනපති ආර්ථිකය සරුවන සැම උත්පාතයකදීම ධනවාදයේ නියෝජිතයෝ තමා පිලිතුරු සොයා ගත්තා යයි උදම් අනති. ආර්ථිකය කඩා වැටීම සිදුවන අවස්ථාවේදී එංගලන්තයේ බලයට පත්ව සිටී නව කම්කරු පක්ෂ අග‍්‍රාමාත්‍ය ගෝඩන් බ‍්‍රවුන් සැවොම දන්නා පරිදි යලි යලිත් ප‍්‍රකාශ කර සිටියේ ධනවාදයේ සියළු රෝගයන් විසඳන ලද බවයි. එසේ කඩාවැටීමට මාස ගණනකට පෙර 2007 වසරේ අයවැය කථාවේදී ඔහු ප‍්‍රකාශ කළේ ”අපි යළිත් කවදාවත් උත්පාතයන්ට හා බංකොලොත් තත්වයන්ට මුහුණ නොපාන” බවයි. මීට බොහෝ කාලයකට පෙර සිටම වැලැක්විය නොහැකි අයුරින් කඩා වැටීමක් සිදුවීමට අදාල වන කි‍්‍රයාවලින් ගැන විශ්ලේෂණය කරමින් එක්සත් සමාජවාදී පක්ෂයේ සහෝදර පක්ෂය වන බි‍්‍රතාන්‍යයේ සමාජවාදී පක්ෂය ”ද සෝෂලිස්ට්” හා ”සෝෂලිසම් ටුඬේ” යන ප‍්‍රකාශනයන්හි ලිපි මගින් සිය අදහස් දක්වා ඇතග එම ලිපි ඉස්මතු කොට ඇත්තේ එසේ වන්නේ නම් යනුවෙන් නොව එය සිදුවන්නේ කවදාද යනුවෙන් වු අදහස්ය. සෑම වසරක් පාසාම මහා ව්‍යාසනකාරී ධනපති අර්බුදයක් ඔන්න මෙන්න යනුවෙන් ඉතා රළු ලෙස කට්ටිවාදී අයුරින් පවසන ඇතැමුන් මෙන් නොව අප ඉහත නිගමනයන්ට එලඹ ඇත්තේ ආර්ථික සාධක ඉතා සියුම් ලෙස ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙන් පසුවය.

අර්බුදයට ප‍්‍රථම වෙඩිමුරය වූයේ විශාල ආයෝජන බැංකු වෙත තිබූ විශ්වාසනියත්වය බිඳ වැටීමයි. මෙම බැංකු ඇත්ත වශයෙන්ම යලිත් කෙදිනක හෝ ආපසු ගෙවීම් නොකරන විශාල ණය මුදල් වලට සිය ආයෝජනයන් යොදාගෙන තිබිණ. ඇමරිකාවේ මෙවැනි උදාහරණයක් වූයේ නිවාස යෝජනා ක‍්‍රම බුබුළයි. බුබුළ යනුවෙන් හඳුන්වන්නේ ඇත්ත වශයෙන්ම අභ්‍යන්තරය හිස් කුහරයකි. මෙම පිපිර යන සුළු නිවාස යෝජනා ක‍්‍රම බුබුළ යටතේ යලි කිසිසේත් ණය ආපසු ගෙවිය නොහැකි පිරිසකට නිවාස මිලදී ගැනීම සඳහා ණය මුදල් ලබාදී ඇතග මෙය ඇමරිකා එක්සත් ජනපදයේ උප ප‍්‍රධාන උගස් කිරීමේ වෙළද පොලක් ලෙස ස්ථාපිත වී තිබිණග මෙවැනි අවදානම් සහිත ණය අනෙකුත් ණය වර්ගද සමගින් විවිධ සංකීර්ණ ක‍්‍රම ඔස්සේ මූල්‍යමය නිෂ්පාදන ලෙස විකුණා දමනු ලැබිණ. සිය සම පේ‍්‍රක්ෂණයන් තුලින් බැංකු විශාල ලාභ ලබා ගත්තේය. එහෙත් එ් සියල්ල ණය හා අවදානම් යන දුර්වල මූල්‍යමය පදනමක් මත ගොඩනැගු කල්පිතයන් විය. මෙසේ අවදානම් ව්‍යාප්ත කරලීම සඳහා යොදාගත් විවිධාකාර අනුමාන කි‍්‍රයාමාර්ග අවසානයේදී මහා පරිමාණ විනාශයක මුල්‍යමය උපාංග බවට පත්විය. එම සමහර අවදානම් කි‍්‍රයාමාර්ග අසමත් වන විට ගැටළු මතුවිම ආරම්භ විය. එ් සමගම තම ආයෝජන අරමුදල්වල සැබෑ අගයන් පිළිබදව අදහසක් ඔවුනට නොමැති බවට පිලිගැනීමට බැංකුවලට සිදුවිය.

”ලේමන් බ‍්‍රදර්ස්” බැංකුවද දැවැන්ත ලෙස ආධාරකයක් යොදා ගන්නා ලදී. පැහැදිලිව ප‍්‍රකාශ කරන්නේ නම් එම බැංකුව තමාගේ වත්කම මෙන් 35 ගුණයක ණය ආධාර ලබාගෙන ඇත. සමස්තයක් ලෙස බැංකු ආයතන අවශ්‍ය තරමට වඩා අඩුවෙන් ප‍්‍රාග්ධනය සපයන්නෝ වූහ. ඔවුන්ගේ දුර්වලතාව සහිත වත්කමට සාපේක්ෂව වැඩි ප‍්‍රමාණයෙන් යුත් ණය ලබා දුන්හ. මෙසේ දුර්වල කඩදාසි කැබලි මත ගොඩනැංවුනු මුල්‍යමය නිවාස ක‍්‍රමය ගරා වැටීමට පටන් ගත්තේය. එහි බලපෑම ලෝකයපුරාම පැතිර ගියේය. මෙම මුල්‍යමය අර්බුදය නිතැතින්ම සැබෑ ආර්ථිකය වන එනම් භාණ්ඩ නිෂ්පාදනය වෙතද පැතිර ගියේය. එම අවස්ථාවේදී ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව සුවිශාල ආයෝජන බැංකු ඇපකරනයන් මත මුදා ගැනීමට පියවර ගත්තේය.

”බෙයාර් ස්ටියර්න්ස්” එවැනි ආයෝජන බැංකුවකි. එමෙන්ම රජයේ අනුග‍්‍රහය ලත් මුල්‍ය බ්‍රෝකර්වරුන් වන ප්‍රෙඞී මේ හා (Freddie mae and Fannie mac ෆැනි මැක් එසේ මුදාගත් මුල්‍ය ආයතන වෙතිග
මහා බි‍්‍රතාන්‍යයේ නෝදර්න් රොක් Northern Rock ද රෝයල් බෑන්ක් ඔෆ් ස්කොට්ලන්ඞ් හා ලොයිඞ් යන බැංකු බේරා ගැනීම සඳහා එම ආණ්ඩුවට මැදිහත්විමට සිදුවිය. එවකට ලෝකයේ තිබූ විශාලතම බැංකුව වන රෝයල් බෑන්ක් ඔෆ් ස්කොට්ලන්ඞ් RBS හි සභාපතිවරයා සමග පැවැත්වූ සාකච්ජාවක් පිළිබඳව එරට මුදල් අමාත්‍ය (චාන්සලර්” ඇලස්ටෙයාර් ඩාලිං මෙසේ සිහිගන්වයි. තම බැංකුවට තවදුරටත් මුදල් නිකුත් කිරීමට නොහැකි බව එම සභාපති තමාට දැනුම්දුන් අවස්ථාවේදී තව කොපමණ කාලයක් අපට තිබේද? යනුවෙන් චාන්සලර් විසින් නැගූ ප‍්‍රශ්නයට පිළිතුර වූයේ තව පැය කීපයක් පමණයි යනුවෙන් බැංකු සභාපති පැවසු බවය. අර්බුදයේ ස්වභාවය මෙම ප‍්‍රකාශණය තුළින් මැනවින් පෙන්නුම් කරන ලදී . එහෙත් ධනේෂ්වර ක‍්‍රමය තුළ මතුවූ මෙම අර්බුදයට පාදකවූ හේතුව හුදෙක් මුල්‍යමය අනුමානයන් වැරදීම නිසාය යන්නට වඩා බොහෝ ගැඹුරු දෙයකි. මුළු ලෝකයපුරාම ණයවී ඇති මුදල් ප‍්‍රමාණය සිතාගන්නටවත් නොහැකි තරම්ය. මෙම හේතුන් පිළිබදව මාක්ස්වාදීන් ලෙස අපි කල්තියාම අනතුරු ඇඟවීමුග 2006 දෙසැම්බර් මස ”සෝෂලිස්ට් ටුඬේ” නැමැති බි‍්‍රතාන්‍යයේ පළකරන අප සඟරාවේ ලින් වෝල්ස් සහෝදරයා ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකය පසුබෑමක් දෙසට ගමන් කරමින් තිබේද? යන මාතෘකාවෙන් යුත් ලිපියක් පලකරන ලදී . එ් දක්වාම පවත්නා ආර්ථික උත්පාතය පවත්වාගෙන යනු ලබන්නේ පාරිභෝගික ණය වලින් බව ඔහු පැහැදිලි කොට තිබිණ. එසේම වසර ගණනාවක් පුරාම ක‍්‍රමයෙන් වර්ධනයවූ අසමානතාවය හා කම්කරුවන්ගේ දරිද්‍රතාවය ආර්ථිකයේ අස්ථාවරභාවයක් නිර්මාණය කරමින් තිබේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ධනපතින් ගැන ලින් සහෝදරයා පැවසුවේ මෙසේය. ”එහි අදුරදර්ශී ලාභ උන්මාදය විසින් සිය පදනම පවා අඩු තක්සේරුවකට ලක්කර ඇත. එම පද්ධතිය ගැඔුරු ආර්ථික අර්බුදයකට හා දේශපාලනික කැලඹිමකට අනාගතයේදී මුහුණ දෙනු ලබයි”. 2007 මැයි මාසයේ පලකරන ලද තවත් ලිපියකින් අප ජාත්‍යන්තරයේ බි‍්‍රතාන්‍ය සමාජවාදී පක්ෂය මෙසේ පවසයි. ද්‍රවශීලතා ප‍්‍රවාහයට පිටුපසින් වඩාත් ගැඔුරු ප‍්‍රභවයක් තිබේ. එනම් ප‍්‍රාග්ධනයේ එ්කරාශීවීමයි. ධනවාදින් තම මුදල් ආයෝජනය කරන්නේ ලාභදායක ආයෝජන කේෂ්ත‍්‍ර හමුවු විටදී පමණයග 1945 – 1973 දක්වා කාලය තුල පැවති පශ්වාත් යුධ ආර්ථිකය ඉහලනැගීමේ ප‍්‍රවණතාවයේ අවසාන කාල වකවානුවෙන් පසු නිෂ්පාදනය සඳහා වන ආයෝජනයේදී ලාභ ලැබිය හැකි කේෂ්ත‍්‍ර සොයා ගැනීම ධනපතින්ට වැඩි වැඩියෙන්ම දුෂ්කර කාර්ය්‍යයක් විය.

ධනේෂ්වරයේ පරස්පර විරෝධතා

ධනවාදයේ අත්තිවාරම තුල අසමානතාවයත් සූරාකෑමත් ඇතුලත්වී එය ගොඩනංවා ඇත . ධනවාදය පදනම් වන්නේ ලාභය නිර්මාණය කිරිම තුල බව කාල් මාක්ස් පැහැදිලි කොට ඇත. සැබෑ වත්කම් නිර්මාණකරුවන් වන්නේ කම්කරු පන්තියයි. ලාභය නිර්මාණය වන්නේ එම කම්කරුවනට තම ශ‍්‍රමය සඳහා ගෙවනු නොලබන මුදලිනි. අගය නැතහොත් වටිනාකම නිර්මාණය කරන්නේ කම්කරුවන් විසිනිග වටිනාකමට වඩා අඩු මුදලක් කම්කරුවන්ට ගෙවීම තුලින් ඔවුන්ගේ හාම්පුතුන් විශාල ලාභ උපයා ගනිති. මේ සමග තමන් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයන්හි හෝ සේවාවල සම්පූර්ණ වටිනාකම ලාබ ගැනීමට කම්කරුවන්ට නොහැකිවීමේ ප‍්‍රවණතාවය වැඩෙනු ඇත. එහි ප‍්‍රථිපලය වන්නේ නිෂ්පාදනයේ හැකියාවන් අධි මට්ටමකට එලඹීමයි. ධනවාදින් මෙම අතිරික්තය යලි නිෂ්පාදන කි‍්‍රයාවලිය සඳහා ආයෝජනය කරන්නේ නම් සුළු කාලයකට හෝ ධනවාදය මගින් මෙම පස්පර විරෝධය මගහැර ගතහැකග නමුත් දැන් ඔවුන් අතින් එවැන්නක් සිදු නොවේ.

අඩු ගණනේ නිෂ්පාදන කි‍්‍රයාවලිය වර්ධනය කිරීමේ ඓතිහාසික මෙහෙවර හෝ ඔවුන් දැන් ඉදිරියට ගෙන යන්නේ නැත. ධනවාදයේ උත්පාත අවපාත චක‍්‍රය මේ විෂමතාවය තුල ගැබ්වී ඇතග 2007 වසර දක්වා දීර්ඝ කාලයක් මුළුල්ලේ ණය බුබුල විසින් උත්පාතය පෝෂණය කර පවත්වාගෙන යන ලදී. අවසානයේදී මෙම බුබුල බිඳී යා යුතුමය. ඉන්පසු උත්තේජක කි‍්‍රයාවලිය වූයේ උප ප‍්‍රධාන ණය ගැනීම්ය.
සමාජයේ අවශ්‍යතා අනුව නොව පෞද්ගලික හිමිකරුවන් හා විශාල සංස්ථා විසින් ලාභය උදෙසාම වන අවශ්‍යතාවය මගින් මෙහෙයවනු ලබන මුලික වශයෙන්ම සැලසුම් සහගත නොවන පද්ධතියක් වන ධනවාදයේ අරාජිකත්වය සමාජවාදිහු විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී සැලසුම්කරණය සමග විසන්දනය කරති. එහෙත් ආර්ථිකයක් සැලසුම්කරණයට ලක්කිරීමට හැකි වන්නේ එය සුපිරි ධනවත් පිරිස් අතින් ඉවත් කොට එ් වෙනුවට පොදු ජනතාවගේ අයිතියට යටත් කළහොත් පමණකි.

 

……. බුබුල එනම් හිස්කුහරය පුපුරායෑමෙන් ධනපති ආර්ථිකයට ක්ෂ්ණිකවම බලපෑමක් එල්ල විය. ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ පමණක් මිලියන දහයකට රැුකියා අහිමිවිය. මෙවැනි කඩාවැටීමක් සිදුනොවූයේ නම් ඇති වන්නට තිබූ නිෂ්පාදනයෙන් 15%ක ප‍්‍රමාණයක් අඩුවී ඇති බව පසුගිය වසරේදී ගණන් බලා ඇත. එක්සත් රාජධානියේ මෙම බිඳවැටීම එක් පුද්ගලයෙකුට පවුම් 4000ක පමණ අඩුවීමකි.මෙම ආර්ථික අර්බුදය හමුවේ බි‍්‍රතාන්‍යය ඇතුළු අනෙකුත් ආණ්ඩු විසින් බලහත්කාරයෙන් ජනතාව මත පටවන ලද අයිතින් කප්පාදු කිරීමේ ක‍්‍රමවේදයන් නිසා ජනතාවගේ කෝපය තවත් උත්සන්න විය. අවපාතය විසින් රජය අයකරන බදු මුදල් ප‍්‍රමාණය ද අඩුකරනු ලබයි. එයට හේතුව ජනතාව අඩුවෙන් ඉපයීමයි. එසේවුවද පොදු වියදම් කපාහැරීම හේතුවෙන් ජනතාවට සිදු වන්නේ අඩුවෙන් වියදම් කිරිමටයි. මෙහි ප‍්‍රතිපලය වන්නේ විෂම චක‍්‍රයක් නිර්මාණය වීමයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ධනේෂ්වර ආණ්ඩුවල ණය පිළිබදව වැඩිම මට්ටම දැන් වාර්තාවෙයි. ජනතාවගේ සහන කප්පාදු කිරීමේ කි‍්‍රයාවලීන් හේතුවෙන් පොදු සේවාවන් විනාශයට පත්වී ඇතග ඉතා වැඩි පිරිසකගේ සැබෑ ජීවන තත්වයයන් 2007 වසරට පෙර තිබූ මට්ටමෙන් යලි ඉහල ගොස් නොමැත. ”බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඞ්හි” අධිපති මාක් කානි පසුගිය වසරේදී සිය අදහස් ප‍්‍රකාශ කරමින් පැවසුවේ 19 වන සියවසට පසුව බි‍්‍රතාන්‍යයේ මෙවැනි දුර්වල ආදායම් වර්ධන යුගයක් ඉතිහාසයේ නොතිබූ බවයි.

සමාජයේ අසමානතාවය අහස උසට වර්ධනය වී ඇත. 2017 වසරේදී ලෝකයේ ඉහලම ඩොලර් බිලියනපතියන් 500 දෙනාගේ වටිනාකම 24%කින් වැඩිවී එය ඩොලර් ටි‍්‍රලියන 5.38 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තාවෙයි. ඔක්ස්ෆැම් සංවිධානයට අනුව පසුගිය වසරේ උපයන ලද ධනයෙන් 82%ක් අත්පත් කරගෙන ඇත්තේ ගෝලීය ජනගහනයෙන් 1%ක් වන මහා ධනපතියන් විසිනි. ලෝකයේ අන්ත දුගී තත්වයෙන් ජිවත් වන බිලියන 3.7ක් වන ජනතාවට ඔවුන්ගේ ධනයේ කිසිදු වැඩිවීමක් සිදුවී නොමැත.

අර්බුදයට විසඳුම්

2008 සිට මේ දක්වා ආර්ථික පිබිදීම අතිශය දුබල තත්වයක පවතියි. එ් අතර තවත් කඩාවැටීමක් සිදුවන බවට සේයා සහිත සාධක ගණනාවක්ම ඇති බව සමස්ථ ලෝකය පුරාම පෙන්නුම් කරයි. ණය බර යලිත් වැඩිවී ඇත. එය දැන් ලෝකයේ මුළු වාර්ෂික නිෂ්පාදනයෙන් 240%කි. එ් අනුව එක් පුද්ගලයෙකුගේ ණය බර ඩොලර් 30ල000ක් ඉක්මවා ඇත. ”ෆිනැන්ෂල් ටයිම්ස්” සඟරාවේ ඇමරිකා එක්සත් ජනපද කතෘ බැංකු වල තත්වය පිලිබදව මෙසේ පවසයි. ”සිදුවී ඇත්තේ පෞද්ගලික ණය මත විශ්වාසය තැබීමයි. එය හරියට හෙරෙයින් වැනි මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවිම මෙනිග දැන් එ් වෙනුවට පොදු ණය මත විශ්වාසය තැබීමට පටන්ගෙන ඇත. එය හෙරොයින් වලටත් වඩා භයානක මෝර්ෆින් මෙනි. සමස්ත පද්ධතියම තවමත් අසමතුලිතයි. ලෝක ආර්ථිකය මේවන විට අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටියි. එකක් නම් ට‍්‍රම්ප් පෙරමුණ ගෙන ඇති එකට එක කිරීමේ වෙළද ආරක්ෂණවාදයයි. එ් සමග මතුවෙමින් එන දේශපාලන කැලඹ්ම් හා බරපතල කාලගුණ විපර්යාසයන් අනෙකුත් අභියෝගයන්ය”.
මාක්ස්වාදය නියතවාදීත්මක නොවේ. ධනවාදයේ අවසාන අර්බුදයක් නොමැති බව අප තේරුම්ගත යුතුයග එය ස්වයංකි‍්‍රයව විනාශවී යන්නේ නැත. ලෝක ජනතාවන්ගේ අති මහත් බහුතරයක සහයෝගය ලබාගනිමින් ජාත්‍යන්තර වශයෙන් වන කම්කරු පන්තියේ කාර්්‍ය්‍යභාරය වන්නේ ධනවාදය අවසන් කිරීම සඳහා පෙලගැසීමය. ධනවාදය වෙනුවට වඩා මානුෂිය හික්මීමෙන් හා සංවරතාවයෙන් යුතු රාජ්‍ය පද්ධතියක් ස්ථාපනය කිරීමය. එයට විශ්ලේෂණයක්ල ඉදිරිදර්ශනයක් විකල්පයක් හා ක‍්‍රමවේදයක් සපයාදීමේ අතිශය වැදගත් කාර්්‍යභාරය ඉටුකල යුතු වන්නේ සමාජවාදින් වන අප විසිනි. බැංකු හා මුල්‍ය ආයතන මෙන්ම ධනපති ආර්ථිකය අරක්ගෙන සිටින ලෝකය පුරාම ඇති විශාල සමාගම් ජනසතු කරමින් කම්කරු පංති ප‍්‍රජාතාන්ත‍්‍රික පාලනයකට මුල්‍ය ආයතන නතු කළ යුතුය. එ් අනුව ජනතා ඉල්ලූමට අවශ්‍ය වන දේ නිෂ්පාදනය කිරීමේ සැලසුමක් සකස් කරගත හැකිය. එ් සඳහා මුළුමහත් සමාජයටම යහපතක් වනු පිණිස ලෝකයේ සම්පත් තිරසාර ලෙස උපයෝගී කරගත හැක්කේ කෙසේද යන්න පිළිබදව අවධානය යොමු කිරීම අවශ්‍යවේග එ් අනුව දරිද්‍රතාවය අසමානතාවය වැනි ධනවාදය විසින් නිර්මාණය කරඇති සියළු අර්බුද හා ගැටළු නිමාකල හැකිවනු ඇත. නමුත් මෙය සාර්ථක කර ගැනීම අප විසින් විශාල ජනබලයක් සහිත සමාජවාදී ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් ගොඩනැංවිය යුතුය.

එමෙන්ම සමාජය තුල මතුවන ගැටලූවලට මැදිහත්විය හැකි සකි‍්‍රය බලවේගයක් නිර්මාණය කළ යුතුය. 2008 වසරේ සිට බලහත්කාරයෙන් කි‍්‍රයාත්මක කරන නවලිබරල්වාදීන් දැවැන්ත කප්පාදු කිරිමවල ප‍්‍රථිපලය වී ඇත්තේ ලෝකය පුරා මතුවී තිබෙන දේශපාලනික අසථාවරභාවයයි.
බොහෝ රටවල වාමාංශිකයින්ගේ දැවැන්ත ව්‍යාපාරයන් ගොඩනැගෙමින් පවතින අතර එසේම අනෙක් පැත්තෙන් අර්බුදය තුළ දක්ෂිණාංශික හා ජාතිකවාදි ජනප‍්‍රියවාදි කණ්ඩායම් ද මතුව ඇත . එයට හේතුව දැනට කි‍්‍රයාත්මකව පවත්නා සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ පිලිබදව ජනතාව තුල වර්ධනයවී තිබෙන කලකිරීමය. මිලඟ වසර කිපය තුල ආර්ථික අර්බුද රාශියකට මුහුණපෑමට සිදුවනු ඇත. එසේම කම්කරු පන්තිය හා තරුණ කොටස් මිලියන සංඛ්‍යාත පිරිසක් විවිධ ප‍්‍රශ්නවලට පිලිතුරු සෙවීමට උත්සුක වනු ඇත. අප විසින් මාක්ස්වාදී ඉදිරි දැක්මකින් යුක්තවූ කම්කරු පංතියේ බහුජන පක්ෂයක් ගොඩනැගිය යුතු අතර එමගින් අර්බුදයේ ගිලාබසිමින් පවතින කුරිරු ධනවාදය වෙනුවට සමාජවාදී ලෝකය ගොඩනැගීමෙන් පිලිතුරු සැපයිමට කටයුතු කළයුතු වෙමු.

Previous Post

Ratutharuwa

Next Post

එක්සත් සමාජවාදී පක්ෂයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනය

Next Post
එක්සත් සමාජවාදී පක්ෂයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනය

එක්සත් සමාජවාදී පක්ෂයේ 15 වන ජාතික නියෝජිත සම්මේලනය

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
October 2018
M T W T F S S
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Sep   Nov »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.