lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව

dhammika by dhammika
June 14, 2018
in Articles
0
මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව
Share on FacebookShare on Twitter

 

මුල්ලිවයික්කාල්  දකුණට කියන කතාව

තිස්වසරක යුද්ධයේ අවසන් දවස මැයි 18දා අපේ රටේ දේශපාලනයේ කඩඉම් ලක්ෂයක්. එ් වගේම බෙදුම් රේඛාවක්. එදා 2009 මැයි 18 උතුරේ දහස් ගණනක් ජනයා හඩා වැටෙද්දී දකුණේ ජනයා කිරිබත් කෑමල පී‍්‍රති උත්සව පැවැත්වූවාල ජයගොස් නැගුවා බලලෝභී අඥාණ පාපතර දේශපාලූවක් පිරිසක් එදා ඇත්තටම සිදුකලේ මේ රට දෙකට බෙදීමයි. උන්ගේ බලය වෙනුවෙන් තවඉදිරි පරම්පරා කීපයකට වන්දිගෙවන්න වෙයිද දන්නෙ නැහැ. රාජපක්ෂවාදී ජාතිවාදී කඳවුර විසින් ඉදිරියේදී මේ රට බෙදීම තහවුරු කරන බව පසුගිය මැයි 18දාට අදාලව උන් කළ කී දේවලින් ඉතා පැහැදිලියි. උතුරේ තත්වය නරක අතට හැරිලය, රටේ ආරක්ෂාවක් නැතිය, දිනාගත් රට දැන් නැවත අනාරක්ෂිතය ආදී වශයෙන් හෙඞ්ලයින් වැටුනට උන්ගෙ කතාවල ඇත්තටම ගැබ්වෙලා තිබුණෙ උතුරේ මිනිසුන්නට නැවත ඔලූව උස්ස්න දෙන්න එපා, උන්ට නිදහසේ මළ ජනයා එයට ප‍්‍රතිචාර දැක්වූයේ මැයි 18දා කියන්නෙ දෙමළ ජනයාගේ පොදු හෘදය සාක්ෂිය පෙන්නුම් කරන දිනය බව ලොවටම පෙන්වමින්. එ් පොදු හෘදය සාක්ෂිය පෙන්නුම් කෙරුනේ පසුගිය මැයි 18දා මුල්ලිවයික්කිල්හිදී. ජාතියක හදගැස්ම දෑසින්ම දැකගන්න අපි එදා මුල්ලිවයික්කාල් ගියාග වෙනදා මේ වගේ අවස්ථාවක් මග නොහරින කෝෂණ කීපයක් යාපනය, මඩකලපුව, ති‍්‍රකුණාමලය නගරවල පැවැත්වීමත් සිදුවුනා. එසේ වුවත් මේ සියලූ කි‍්‍රයාමාර්ග වල මුලිකත්වය ගත්තෙ උතුරේ දෙමළ සමාජයේ ඉහළ පැළ සන්ධානයෙ නායකයන්ට අතුල් පහරක් දුන්න. තවදුරටත් ඔවුන්ගේ රැුවටිලිකාර සහ සිංහල ආණ්ඩු ඉදිරියේ නිවට ලෙස හැසිරෙන දේශපාලනය නොඉවසන බවට. එදා කතිරයෙන් කළ එ් ඉඟිකිරීම ප‍්‍රසිද්ධියේ එළියට බැස ප‍්‍රකාශ කිරීමක් ලෙස එක අතකට මෙදා මුල්ලිවයික්කාල් කි‍්‍රයාදාමය හඳුන්වන්න පුළුවන්. මෙවර මැයි 18දා මුල්ලිවයික්කාල් කතාවේ මූලිකම ධන ලකුණ තමයි ආණ්ඩුවේ පොලීසියේ අධිකරණයේ මොනම දණ්ඩ නීතියකටවත් යටනොවී තම ඥතීන් සහ යුද්ධයෙන් මියගිය සියළු දෙනා වෙනුවෙන් පහනක් දල්වන්නට කඳුළ තිබූ අධිෂ්ඨානය. එ් වගේම එ්ක කඳුලක සීමාවෙන් එහාට ගිහිල්ල තම අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් නැගී සිටීමට තියෙන අධිෂ්ඨානයක් එහිදී පෙන්නුම් කළා. උතුරේ ව්ශ්ව විද්‍යාල සිසුන් ප‍්‍රමුඛ තරුණයන් මෙවර මුල්ලවයික්කාල් වෙනුවෙන් සාමුහිකව නැගී සිටීම අතිශය වැදගත්. එ් එ් තරුණ රැු්ල්ල නොතිබෙන්නට මෙවරත් සැමරීම මහපොළවට වැටී වියළි යන කදුළු බිංදුවක් වෙන්නට තිබුණා.

දෙමළ ජනයා මර්දනයෙන් යටපත් කොට තබා ගතහැකියයි සිතන දකණේ දේශපාලකයන් මෙවර මුල්ලිවයික්කාල් සැමරුවෙ ගැබ්වුන හැබෑ අරුත් කවදාවත් තේරුම් ගන්න පාටක් නම් නැහැ. දහස් ගණන් ජනයා උතුරේ විවිධ ප‍්‍රදේශවලින් මුල්ලිවයික්කාල් වෙත ඇඳී ආවේ තමන්ගෙ මුළු ආත්මයම තියෙන්නෙ එතැන කියන හැඟීමෙන් වගේ. ඔවුන් ආවේ තම කැමැත්තෙන්ල ස්වේච්ජාවෙන් දේශපාලකයන්ට බයේ හෝ බත්පාර්සලයට අරක්කු බෝතලයට ආවේ නැහැ. දකුණේ රැුස්වීම්වලට සෙනග ගෙන්නනව වගේ මුල්ලිවයික්කාල් නිල සැමරුම තිබුනෙ උදේ 11ට. එ් වෙලාවෙදි විශාල පිරිසක් පැමිණ සිටිය තමයි එ්ත් උතුරුකරයේ තියෙන ප‍්‍රායෝගික ප‍්‍රශ්න උඩ හැම කෙනෙකුටම එ් වෙලාවටම එන්න බැරිවුනා. දවල් 12ට 1ට පවා මහසෙනග ඇදී ආවා. තමන්ගේ හෘදය සාක්ෂියට බොරු කරන්න බැරි හැම කෙනෙක්ම යුද්ධය නිසා අතපය අහිමිවෙච්ච ජනයා පවා එහි ඇඳී ආවා.

2020 බලය ගන්න හීන මවන දකුණේ හැම නායකයෙක්ම මේ කටුක යථාර්තය අවබෝධකර නොගත්තොත් රට නැවත ලේ විලක් වෙන්න ඉඩ තියෙනව. පැරණි පරම්පරාව කොයිහැටි වෙතත් අළුත් දෙමළ තරුණ පරපුර තම ජාතික අයිතිය යටපත් කරන්නට දකුණේ “යකාලට” ඉඩ දෙන්න ලෑස්ති නැති බව දැන් ඉතා පැහැදිලියි. අපෙ අයිතිය අපට දියව් කියා හඩ නගන උතුරේ තරුණයන්ට “පොඞ්ඩක් ඉන්න අපි එනකම්” වගේ බොළඳ කතා දැන් හරියන්නේ නැහැ.

මෙවර මුල්ලිවයික්කාල් හිදී පෙන්නුම් කළ දෙමළ ජනයාගේ හදගැස්ම තේරුම් ගෙන උතුරේ තරුණයන් සමග එක්ව උතුර – දකුණ යා කරන ජනතා අරගලයක් වෙනුවෙන් සටන් පෙරමුණක් ගොඩනැගීමයි අද වමේ ව්‍යාපාරය කළ යුත්තෙ. එසේ නොවුවහොත් නැවතත් විනාශයක් වීම වලක්වන්න බැරිවේවි. දකුණේ බොහෝ වාම නායකයන් කියාගන්නා උදවිය පවා අඳුරේ අතපතගාද්දි එක්සත් සමාජවාදී පක්ෂයේ අපි මේ තත්වය අඳුරනගෙන තමයි මෙවර මල්ලිවයික්කාල් ගියේ. එ් සටන්කාමී ජනයා දකුණේ කම්කරු පංති ව්‍යාපාරය සමග බද්ධ කෙරෙන නව මගක් විවරකර ගැනිමට තමයි දැන් අපේ වෙහෙස.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
Ratuthruwa – July

Ratuthruwa - July

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.