lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

Gotage eliya

dhammika by dhammika
May 30, 2018
in Articles
0
Share on FacebookShare on Twitter

ගෝඨාගෙ එළිය – හමුදා කුමන්ත‍්‍රණයකටද? පසුගිය දිනවල වැඩි ශබ්දයක් නොමැතිව සිටි ගෝඨාභය රාජපක්ෂ නැවත කල එළි බැස ඇතග එ් ලඅඳුරින් එළියට – ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අනතුරල නමින් වැඩ සටහනක් සමගයග මීට ටික කළකට පෙර ගෝඨාභයිවියත් මග’ නමින් නාඩගමක් එළි දැක්වීය. එයට එතරම් ප‍්‍රතිචාරයක් ඔහු ආමන්ත‍්‍රණය කිරීමට උත්සාහ දරණ කොළඔ කේන්ද්‍රීය නාගරික සිංහල බෞද්ධ මැද පන්තියෙන් නොලැබීම නිසාදෝ ඔහු එය පැදුරටත් නොකියාම අකුලා ගත්තේය. මෙවර ඔහු එ් නිසා ඔහුගේ පැරණි නාඩගමේ අලූත් පිටපතක් එළිය’ නමින් එළිදැක්වීමට පියවර ගෙන තිබුණි. එහි ආරම්භක රැුස්වීම පැවැත්වූයේ සැප්තැම්බර් 7වෙනිදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් නැමැති ශාලාවේදිය. මෙම රැුස්වීම සඳහා ඔහු වියදම් කර තිබූ මුදල ඉතා විශාල එකකිග දිනපතා පළවන සිංහල ඉංශ‍්‍රීසි සෑම පුවත්පතකම සම්පූර්ණ පිටුවක දැන්වීමක් පළකර තිබුණි. ඔහුට මේසා විශාල මුදලක් වැය කිරීමට හැකිවුනේ කෙසේද? අයියන්ඩි රටපාලනය කළ යුගයේ ගෝඨා හා බැසිල් මල්ලිලා දෙපොල සිතූ ලෙස රාජ්‍ය සම්පත් යටිමඩි ගසා මුදල් ගොඩගසාගත් ආකාරය රටට නොරහසකි. රාජපක්ෂ නඩය පවුලේ දේශපාලන උවමනාවන් සඳහා මේ දිනවල අත දිගහැර වියදම් කරමින් සිටින්නේ එසේ හම්බකරගත් මුදල්ය. Coque huawei En Ligne එසේ වුවද වඩා වැදගත් වන්නේ ගෝඨාභය නැවත කරළියට පැමිණ සිටින්නේ කුමක් සඳහාද යන්න තේරුම් ගැනීමය. ගෝඨාභය විස්සයි – විස්ස :2020 ජනාධිපතිවරණයට සුදානම් වන බව සමහර විචාරකයින්ගේ අදහසයිග ඊළගට විමසා බැලිය යුතු වන්නේ ගෝඨාගේ මෙම ව්‍යාපෘතිය නැවත බලයට පැමිණිමට කෙලහලමින් සිටින මහින්දගේ වැඩ පිළිවෙල සමග තිබෙන ගැටුම හා සම්බන්දය කුමක්ද යන්නය. ගෝඨා මූලික වශයෙන් ඉලක්ක කරන්නේ පහල ගේ‍්‍රණිවල හමුදා භටයින් හා විශ‍්‍රාම ගොස් සිටින ඉහළ හමුදා නායකයින්යග ඊළඟට ඔහුගේ ඉලක්කය රජයේ තනතුරු දරණ ඉහල ශ්‍රේණිවල නිලධාරින් හා නාගරික සිංහල බෞද්ධ මැද පන්තියයි. මෙතුවක් කල් පැවති රාජ්‍ය පාලනයේ වෙනසක් ඇති කිරීම සදහා මෙම කොටස් වල සහයෝගය අවශ්‍ය බව ගෝඨාභයගේ අදහස වී ඇත. ගෝඨාගේ අදහසට අනුව රට දියුණුවක් කරා ගෙන යාමට නම් බුද්ධිමතුන්ගෙන් හා වෘත්තිකයින් එය බාරගත යුතු බවයි. ඊට හමුදාවල නායකත්වය අවශ්‍ය අංගයක් ලෙස ඔහු සලකන බව පෙනේ. ඔහු ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ අවධියේ කොළඹ නගරයේ ජීවත්වූ අඩු ආදායම් ලබන ජනතාව ජීවත්වූ නිවාස වලින් එළවා දමනු ලැබුවේ හමුදාවේ සෘජු මැදිහත්වීම හරහාය. ලෙහෙසියෙන් අවනත කරගත නොහැකි නාගරික අසංවිධිත කම්කරු :ලූම්පන්ෆ ජනතාව ගෝඨාගේ හමුදා මෙහෙයුම ඉදිරියේ අසරණ විය. කොළඹ නගරයේ වතු ආශ‍්‍රිතව ජීවත්වූ විශාල පිරිසකට තම ජීවනෝපාය හා දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ බරපතල ප‍්‍රකාශණවලට මුහුණදීමට සිදුවිය. එ් තේරුමෙන් ඔහුගේ ව්‍යායාමය එක්තරා දුරකට සාර්ථක වූ දෙයක් බව සමහර අය කියනු ඇසේග සාමාන්‍ය දුගී ජනයා එළවා දමා කොළඹ හා අවට ලලස්සණල කිරීම හා ඇවිදින මංතීරු හා ව්‍යයාම සඳහා ස්ථාන ඉදි කිරීම නාගරික මධ්‍යම පන්තික කොටස් වලට ආකර්ෂනයක් විය. ජනප‍්‍රිය ජනතා බලවේගයක කරමත නැගී සිටීමකින් තොරව මැතිවරණයක් තරඟකර ජයගත හැකියැයි ගෝඨාභය විශ්වාස නොකරන බව පෙනේ. එලෙසම මහින්ද රාජපක්ෂ පසුගිය මැයි දිනයේදී ගෝල්පේස් පිටියට ගෙනෙන ලද ලක්ෂයකට ආසන්න පිරිස ආණ්ඩු වෙනසක් ඇති කිරීමට ප‍්‍රමාණවත් නොවන බව ගෝඨා ප‍්‍රශ්න කරනු ඇත. coque iphone outlet shop එසේම මැයි දිනයෙන් පසුව රටට දැනෙන විරෝධතාවයක් දියත් කිරීමටද මහින්ද ඇතුලූ එ්කාබද්ධ විපක්ෂය අසමත්ව සිටී. මෙම පරිසරය තුල ගෝඨාභය හා මහින්ද අතර පවතින පොදු මහා සාධකය වන්නේ යුද්ධය ජයගෙන ඔවුන් බේරාගත් රට බෙදීමට රනිල්ට හා මෛති‍්‍රට ඉඩදෙන ව්‍යවස්ථා මගෝඩියකට ඉඩදිය නොහැකිය යන පදනම මත කටයුතු කිරීමටය. එ් සඳහා දකුණේ සිංහල බෞද්ධ ජනතාවගේ බහුතරය දිනා ගැනීමට වෑයම් කිරීමය. එහෙත් බලය මාරුවන තීරණාත්මක මැතිවරණයකදී මෙම ආණ්ඩුව පරාජයට පත් කිරීමට එය ප‍්‍රමාණවත් වේද යන්න ගැන ඔවුන් අතර එකගත්වයක් නැත. Coque huawei මෛති‍්‍ර හා රනිල්ගේ ඊනියා යහපාලන ආණ්ඩුව විවිධ උප්පරවැට්ටි හරහා දෙමළ හා මුස්ලිම් ජනතාවගේ මෙන්ම කදුකරයේ ජීවත් වන දෙමළ ජනතාවගේ සහයෝගය ලබා ගන්නේ නම් පාලන බලය තීන්දු කරන ඡුන්දයකදී රාජපක්ෂලාගේ ජාතිවාදී බලවේගය ජයගැනීම ගැන ස්ථිර සහතිකයක් නැත. දෙමළ ජනතාව මුහුණ දෙන ජාතික ගැටලූවට විසඳුමක් නොලැබෙන නමුත් සෙප්පඩ විජ්ජාවක් හරහා ධනපති දෙමළ ජාතික සන්ධානයේ :ටි.එන්.එ්. coque huawei livraison rapide නායකයින් සමග තිබෙන ගිවිසුම රැුකගැනීම ආණ්ඩුවට :විශේෂයෙන් රනිල්ටෆ තිබෙන උවමනාවය. යුද්ධයෙන් වසර 30ක් පවුල් හා ජිවිත විනාශකරගත් අනාගත ශ‍්‍රී ලංකාවක ජීවත්වීම ගැන කිසිදු බලාපොරොත්තුවක් නැති උතුරේ දෙමළ ජනතාවගේ බලාපොරොත්තු මිරිගුවක නැවත රඳවා ගැනීම සම්බන්ධන්ලාගේ උත්සාහයයි. coque iphone සම්බන්ධන්ලාට දෙමළ දේශපාලන භුමියේ තවදුරටත් නායකයින් හැටියට වැජබිය හැක්කේ මෙම ප්‍රෝඩාව දෙමළ සමාජය තුළ සමාජගත කලහොත් පමණි. සැබැවින්ම සම්බන්ධන්ලාගේ අනාගත දේශපාලන ඉරණම මෙම ව්‍යවස්ථා ප්‍රෝඩාව හරහා නිෂ්චිත අවසානයකට යනු ඇත. දෙමළ ජනතාව නිදහසින් පසු වසර 70ක් ගමන් කළ සෙක්කුවේ තවදුරටත් රවුම් ගැසීමට ඔවුන් සුදානම් නොවන බව පෙන්නුම් කරන නව වර්ධනයන් දෙමළ සමාජය තුළ ඉස්මතු වෙමින් ඇති බව පෙනෙන්නට ඇත. මැතිවරණ දේශපාලනය සමග සළකා බැලීමේදී වර්තමාන ආණ්ඩුවට එරෙහිව ජනතා බිමේ සිටින එකම ජනප‍්‍රිය පොර තමන් බව මහින්ද රාජපක්ෂ ප‍්‍රදර්ශනය කරමින් සිටියද ජනතා බලවේග තීරණාත්මක ලෙස දෙගොඩ තලා යන මැතිවරණ අවස්ථාවකදී රාජපක්ෂලාගේ (විමල් හා ගම්මන්පිල සමග* සිංහල බෞද්ධ ජාතිවාදී ඊනියා විකල්පය දකුණේ ඡුන්ද වලින් පමණක් අනිවාර්යයෙන්ම ජය ගැනීම සහතික කළ නොහැකිය. උපරිම වශයෙන් දකුණේ සිංහල ජනතාව කුපීත කළද එයට ලබාගත හැකි ඡුන්ද ප‍්‍රතිශතය 60 -70 වකින් එහාට යන දෙයක්වීමට තිබෙන ඉඩ ඉතා විරලය. ගෝඨා මහින්ද අයියාගේ ‘අනියම්’ ආශිර්වාදය සහිතව ඉහත සඳහන් කළ අන්දමේ ‘එළියක්’ ගොඩනැගීමට සැලසුම් කරන්නේ 2020දී නැවත 2015දි ලැබුණ ආනිසංසය ලැබුණහොත් ඊට මුහුණ දිය හැකි හමුදා කුමන්ත‍්‍රණයකට අවශ්‍ය පසුබිම සකස් කිරීමටය. යම් හෙයකින් රටේ අවාසනාවට මේ ආණ්ඩුව 2020න් එහාට ගියහොත් එ්කාබද්ධ විපක්ෂය අද ගහන කයිවාරු ගැසීමට කිසිවෙකුත් සොයා ගැනීමට නොහැකි වනු ඇත. මහින්ද 2010දී දෙවන වර ජයග‍්‍රහණයෙන් පසුව බලකාමයෙන් මත්ව විරුද්ධ බලවේග ප‍්‍රසිද්ධියේ දඩුකඳේ ගැසීමට කටයුතු කල අන්දමට එහා ගොස් බටලන්දේ රනිල් වික‍්‍රමසිංහ ගහලයා කටයුතු කරනු නොඅනුමානය. එවන තත්වයක් තුල අනාගතයේ මතුවිය හැකි අනතුර ගැන යම් අවබෝධයක් තිබෙන ගෝඨා (මතුපිට දේශපාලනයේ චරිතයක් නොවූවද* රාජපක්ෂ පරපුර හා ඔවුන්ගේ ගැත්තරයින් බේරා ගැනීම සඳහා ‘එළිය’ එළිදක්වා ඇත්තේ එම තත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය පසුබිම සැකසිමටය. රට මුහුණ දෙන සැබෑ තත්වය නම් ඊනියා යහපාලනයේ අධිරාජ්‍යගැති ජනතා ද්‍රෝහී පාලනය ඉදිරි දෙවසර තුල අප රට ජාත්‍යන්තර පරිමාන මංකොල්ලකරුවන්ගේ කි‍්‍රඩා පිටියක් බවට පත් කරනු ඇති බවය. මේ රටට උරුමව තිබෙන සියලූ ජනතා දේපොල මුන් විකුණා අවසන් කරනු ඇත. ලංකාව විදේශික යන්ගේ වහල් භුමියක් බවට පත්කරනු නොඅනුමානය. එ් සමග කම්කරුවන් ප‍්‍රමුඛ පීඩිත ගොවි ජනතාව, ශිෂ්‍ය ව්‍යාපාරය සමග උතුරේ නව තරුණ පරම්පරාව සමග ගොඩනැෙඟන නව ජවයක් සහිත නැවුම් වමේ බලයක් ගොඩනැගීම මේ සියලූ අන්ධකාර අතපත ගැසීම්වලට සාර්ථක පිළිතුරක් සපයන බව මාක්ස්වාදීන් වන අපගේ විශ්වාසයයි. අප ඊට නායකත්වය සැපයීමට සුදානම් විය යුතුය. ජනතා විමුක්ති පෙරමුණ ධනපති පාර්ලිමේන්තු දේශපාලනයට සිමාවී සිහින මාලිගාවල් වල සිටිමින් 2020දී ආණ්ඩුවක් පිහිටවන බව කියමින් රටේ අනාගතය ගැන තීන්දු කිරීම ප‍්‍රඥවන්ත දෙයක් නොවේ. මේ වන විට උතුරේ, දකුණේ, කදුකරයේ හා නැගෙනහිර ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව අරගලයන්ට සේන්දු වෙන ප‍්‍රවණතාවය ඉහළ යමින් පවති. වසර 70ක් තිස්සේ රට විනා මුඛයට ඇද දැමූ එජාප හා ශ‍්‍රීලනිප ධනපති දේශපාලනයට තිත තබා විකල්ප බලයක් අවශ්‍ය බව දියුණු කම්කරුවන් ඇතුලූ ප‍්‍රගතිශීලී ජනතාව තේරුම් ගනිමින් සිටී.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post

மலையக மக்களின் உரிமைகளை வென்றெடுப்பதற்கு ஓரணி திரள்வோம் !

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.