lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

yahapalana annduwa

dhammika by dhammika
May 30, 2018
in Articles
0
Share on FacebookShare on Twitter

හවුල් ආණ්ඩුව අතරමං හන්දියක මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්ව වසර 2 1/2ක් ගෙවීයන අතර එජාප – ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවට වසර 2ක් ගෙවීයමින් පවතී. Vente Coque samsung මෙම වසරේ සැප්තැම්බර් මාසය වනවිට ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක අතර අත්සන් කෙරුන අවබෝධතා ගිවිසුමේ කාලය අවසන්වීමටද නියමිතය. රට මුහුණදෙන ගැඔුරු සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදය මධ්‍යයේ ඔවුන් අතර බරපතල මතබේද ඇත්තේ නමුත් මෙම පක්ෂ දෙකට එකට හවුල් ආණ්ඩුව ගෙනයාම හැර වෙනත් විකල්පයක් නොමැති බවද පැහැදිලිය. යහපාලන ආණ්ඩුව නමින් ප‍්‍රචලිත හවුල් ආණ්ඩුව ජනතාවට දුන් ප‍්‍රධාන පොරොන්දු කිසිවක් ඉටු කිරීමට අසමත්වීම හේතුකොට ජනතාව තුළ බලවත් විරෝධයක් වර්ධනය වෙමින් ඇත. මෙම ආණ්ඩුව බලයට පත් කිරීමට ජනතාව තීන්දු කළේ බලකාමයෙන් උමතුවී කටයුතු කළ රාජපක්ෂවරුන්ගේ පවුල් පාලනය පරාජය කිරීමට ජනතාවගේ බහුතරය තීන්දු කරන ලද්දේ ආණ්ඩු පාලනයේ වෙනසක් බලාපොරොත්තුවෙනි. අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම මනාප ක‍්‍රමය අහෝසිකර අලූත් මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම රාජපක්ෂ කල්ලියේ මහා පරිමාණ ¥ෂනයන්ට හා තාජුඞීන්, ලසන්ත වික‍්‍රමතුංග වැනි මිනී මැරුම් වලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම, යුධ අපරාධ ගැන පරීක්ෂණ පැවැත්වීම හා අතුරුදහන්වූවන් ගැන සාධාරණය ඉටු කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන උතුරේ ජනතාවගේ පාර්ම්පරික ඉඩම් ආපසු එකී ජනතාවට පැවරීම යනාදිය එ් අතර ප‍්‍රධාන විය. මැතිවරණ සමයේ ඔවුන් විසින් මේ පිළිබදව ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට සිරිසේන – වික‍්‍රමසිංහ ආණ්ඩුව අසමත්ව සිටිනවා පමණක් නොව මහා පරිමාණ ¥ෂනයන් හා වංචාවන් ගනනාවක් මේ ආණ්ඩු පාලනය තුළ සිදුව ඇත. මහ බැංකු බැඳුම්කර වංචාව රනිල් වික‍්‍රමසිංහ ඇඳ සිටි සුදු පිරුවට ගලවා දැමීය. එ් සමග ¥ෂණ හා විශාල පරිමාණ කොමිස් ගැසිම් වලින් යහපාලන ඇමතිවරු වාර්තා තබමින් සිටී. coque samsung මෑතදී සිදුවූ ලොකුම හෙළිදරව්ව විශාල විනාශයක් සිදුකල මීතොටමුල්ල කුණු කන්ද මුදල් ගසාකෑම සදහා දේශපාලඤයින් කර තිබෙන අපකීර්තිමත් කි‍්‍රයාකලාපයන්ය. ආණ්ඩුව තුළ සිටින ¥ෂිතයින් රැුකගැනීමට පියවර ගැනීම හේතුකොටගෙන පසුගිය රාජපක්ෂ පාලන සමයේ ¥ෂිතයින්ට එරෙහිව කටයුතු කිරීමට නොහැකිවී ඇති අතර වංචා හා ¥ෂණ සෙවිමට පත්කළ විශේෂ පරීක්ෂණ කණ්ඩායම් නිර්වින්දනය කර අඩපන කර දමා ඇත. ඇමති මාරුවේ ප්‍රෝඩාව මාස ගනනාවක් තිස්සේ කථාබහට ලක්වූ ඊනියා ඇමති මණ්ඩල සංශෝධනය පසුගියදා සිදුවිය. රටේ යහපත සඳහා ඇමති මණ්ඩල සංශෝධනය සිදුකල බව මෛති‍්‍රපාල ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කලද එය මෑත කාලයේ ජනතාව දුටු ලොකුම විහිලූව බවට පත්වූවාට සැකනැත. ඇමති මාරුව හිසරදයට කොට්ට මාරුකිරීම යන ගැමි වහර තරම්වත් වැදගත් නොවේ. ශ‍්‍රීලනිපය හා එජාපය හවුල් ආණ්ඩුව අභ්‍යන්තරයේ මතුවී තිබෙන සීතල යුද්ධය සමතයකට පත්කර ගැනීම සඳහා මෛති‍්‍රපාල විසින් සිදුකල රැුවට්ල්ලකට වඩා වැඩි යමක් එහි දක්නට ඇත්තේ නැත. විදේශ ඇමතිවරයා ලෙස මංගල සමරවීර ජිනීවා මානව හිමිකම් කොමිෂම ඉදිරියේ යුද්ධ අපරාධ ගැන පරීක්ෂණ පැවැත්වීමට එකඟවීම හා විදේශ විනිසුරුවන් ගෙන්වා ගැනීමට පක්ෂව කටයුතු කිරීම වැනි කරුණු හරහා ඊනියා රණවිරුවන් පාවාදෙමින් කටයුතු කරනවාය යන්න ආණ්ඩුව තුල සිටින රාජපක්ෂ හිතවාදි සිංහල ජාතිවාදය මත යැපෙන ඇමතිවරු වෙතින් බරපතල විරෝධයක් දිගින් දිගටම එල්ල වෙමින් තිබුණි. අනෙක් පැත්තෙන් වැට් බද්ද ඉහල දැමම හා අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ වල මිල අධික ලෙස ඉහලයෑම මෙන්ම අධි සුඛෝපභෝගී වාහන බලපත‍්‍ර ලබාදීම, බියර් සමාගම් වලට විශේෂිත වරප‍්‍රසාද ලබාදීම යන කරුණු නිසා ජනතාව තුල විරෝධයට පත්ව සිටී මුදල් ඇමති රවී කරුණානායක මුදල් ඇමතිධුරයෙන් ඉවත්කර ඇඟබේරා ගැනීමේ ගැලවිජ්ජාව මෛති‍්‍රපාල විසින් සිදුකරන ලදි. ඇමතිමාරුවේ සැඟවී තිබෙන යම් අරමුණක් වන්නේ මාධ්‍ය ගහලයාගේ කටයුත්ත මංගල හරහා ඉටුකර ගැනීමය. මේ ඊනියා ඇමතිමාරුව කම්කරු පංතියට පීඩිත ජනතාවට තරුණයින්ට හෝ උතුරු නැගෙනහිර ජනතාවට කිසිම අදාලත්වයක් ඇත්තේම නැත. ඇමතිමාරුවේ දැකිය හැකි එකම අර්ථය ආණ්ඩු අභ්‍යන්තරයේ මතුව තිබෙන බල අරගලය සමනයකට පත්කිරීම විය හැකි වුවද මෙයින් අභ්‍යන්තර ගැටුම තිබුනාටත් වඩා උග‍්‍ර තැනකට නුදුරේම වර්ධනය වන බව පෙනේ. රජපක්ෂ කල්ලියේ ආගමනය 2015 ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් දෙවරක් පිටපිට පරාජයට පත්වූ රාජපක්ෂ කල්ලිය නැවත බලය ගබාගැනීමේ කැදරකමින් සිංහල බෞද්ධ ජාතිවාදී කොටස් උසිගන්වමින් කරලියට පැමිනීමට දඟලන ආකාරය අශික්කිතය. අධිරාජ්‍යවාදී නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙල වේගයෙන් කි‍්‍රයාවට නංවමින් සිටින මෛති‍්‍ර – රනිල් ආණ්ඩුව ගැන එ්කාබද්ධ විපක්ෂයට නිෂ්චිත විවේචනයක් හෝ විකල්ප සමාජ – ආර්ථික දේශපාලන වැඩ පිළිවෙලක් නැත්තේය. එහෙන් මෙහෙන් අහුලාගත් කෑලිවලට විරුද්ධ බව ඔවුන් පෙන්වුවද අධිරාජ්‍යගැති නව ලිබරල් වැඩ පිළිවෙලට වෙනස්වූ ඉදිරි දැක්මක් රාජපක්ෂ කල්ලියට ඇත්තේ නැත. පසුගිය මැයි දිනයේදී ගෝල්පේස් පිටිය ලක්ෂයකට ආසන්න පිරිසක් කැඳවා ශ‍්‍රීලනිපයේ නිල නායක මෛති‍්‍රපාලට අභියෝග කරන තත්වයකට ගමන් කිරීම හරහා ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමට ඔවුන් සමත්විය. ශ‍්‍රීලනිපයේ ග‍්‍රාමීය මට්ටමේ පහල බලවේග මෛති‍්‍රපාලට පාලනය කරගත නොහැකි බව මෙයින් ප‍්‍රදර්ශනය වූ අතර විනය විරෝධිව කටයුතු කරන මෛති‍්‍ර විරෝධි කණ්ඩායමට එරෙහිව පියවර ගැනීමට නොහැකි තත්වයට අසරණව සිටී. මෙම තත්වයට ඉදිරියේ මෛති‍්‍රපාල රාජපක්ෂලාට වඩා සිංහල බෞද්ධ ජාතිවාදියෙකු ලෙස හැසිරීමට පටන්ගෙන තිබීම හාස්‍යය උපදවන්නකි. දකුණේ ගම්බද වෙසෙන පසුගාමී සිංහල බෞද්ධ ජනතාව ඉලක්ක කර පන්සල මූලික මධ්‍යස්ථානය බවට පත්කර ගනිමින් මහින්ද රාජපක්ෂ කල්ලිය ගෙනයමින් පවතින සිංහල ජාතිවාදී ව්‍යාපාරය රටේ අනාගතය ගැන බිහිසුනු චිත‍්‍රයක් නිර්මාණය කර ඇත. ඉදිරියේදී මෙය යථාර්තයක් බවට පත්වුවහොත් 30 වසරක යුද්ධයෙන් ඇතිකරන ලද විනාශයට වඩා භයානක තත්වයක් රටට උදාවනු ඇත. ඥණසාරලා හා බොදු බල සේනාව වැනි ප‍්‍රතිගාමී සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන වල කි‍්‍රයාකාරිත්වය එවැනි විනාශයක පෙරහුරුවකි. coque samsung s8 දෙමළ ජනතාවට එරෙහිව පමණක් නොව ඉස්ලාම් ආගමට එරෙහිව ආගමික නායකයින්ට අපහාස කරමින් සිදුකරන පහත් කි‍්‍රයාවන් වලට ගෝඨාභය ඇතුලූ ජාතිවාදින්ගේ සහයෝගය ලැබෙන බව නොරහසකි. කතෝලික ආගමික ආයතනවලට හා වෙනත් අන්‍ය ආගමික මධ්‍යස්ථාන යන්ද ඥාණසාරලාගේ ගොදුරු බවට පත්ව ඇත. මෙම තත්වය වර්ධනය වුවහොත් නුදුරු අනාගතයේදී බෞද්ධයන් නොවන අන් සියලූ ආගමික කොටස් එක පෙරමුණක සිට අරගල කරන තත්වය දක්වා වර්ධනය වීමේ අනතුර රට ඉදිරියේ පවතී. මෙම ජාතිවාදී ව්‍යාපාරයට නායකත්වය සපයන රාජපක්ෂ කල්ලිය සමග පැරණි සමසමාජ පක්ෂයේ නායකයින්ද කොමියුනිස්ට් පක්ෂයේ රාජා කොල්ලූරේ කණ්ඩායම සමග කලක් වමේ ව්‍යාපාරයේ රස්තියාදුකාරයෙකු වූ වාසුදේවද සන්ධානගතව සිටී. මෙම බංකොලොත් පැරණි වමේ නායකයින් සමග අන්ත සිංහල ජාතිවාදින් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වැනි කොටස් එක්ව සිටී. coque samsung a8 amazon මෙම තත්වය තුල ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඞීව් ගුණසේකර ඇතුලූ පිරිස ජාතිවාදී රාජපක්ෂ කල්ලියේ මැයි දිනයට සම්බන්ද නොවී වමේ ස්වාධින බලයක් ගොඩනැගීම වෙනුවෙන් වෙනම මැයි දිනයක් පැවැත්වීම වැදගත් පියවරක් ලෙස හැදින්විය හැකිය. පැරණි වමේ ව්‍යාපාරය වසර 50කට අධික කාලයක් තිස්සේ අනුගමනය කළ බංකොලොත් ධනපති සභාගවාදී හවුල් දේශපාලන මාවතෙන් සම්පූර්ණයෙන්ම වියෝවීම දක්වා ඩිව් ප‍්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂය පියවර ගනු ලබන්නේ නම් එය ඉදිරි කාලයේදී වම ස්වාධින බලවේගයක් ලෙස නැවත සංවිධානය කිරීමට පිටුවහල් විය හැකිය. වම මුහුණදෙන අභියෝග යහපාලන හවුල් ආණඩුවේ අසාර්ථකභාවය හමුවේ රටතුළ විශාල අස්ථාවර තත්වයක් නිර්මාණය වෙමින් පවතී. පෙරදැක්වූ ලෙස මෙම ආණ්ඩුව කිසිවක් කරකියාගත නොහැකි නපුංසක ආණ්ඩුවක තත්වයට ඇඳවැටී ඇත. එසේවුවද රාජපක්ෂ කල්ලියේ ආගමනය ප‍්‍රදර්ශනයවීම සමග නැවත රාජපක්ෂ පවුල් සමාගමට බලයට එ්මට ඉඩදිය නොහැකිය යන්න මූලික කර ගනිමින් මෛති‍්‍ර – රනිල් ආණ්ඩුව ආරක්ෂා කිරීමේ කටයුත්තට නවලිබරල් ආර්ථික වැඩ පිළිවෙළ පිළිගන්නා විවිධ කොටස් වේදිකාවට අවතිර්ණවී ඇත. සිවිල් සමාජය නමින් පෙනී සිටින භඨධ සංවිධාන පමක් නොව සමසමාජ පක්ෂයෙන් වෙන්වූ ලාල් විජේනායක – ජයම්පති වික‍්‍රමරත්න වැනි කොටස්ද කාලයක් වමේ ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටී නවසමසමාජ පක්ෂයේ වික‍්‍රමබාහු කරුනාරත්න වැනි අයද ඊනියා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී න්‍යායක් ෙදාඩවමින් වික‍්‍රමසිංහ ආරක්ෂා කිරීමේ බංකොලොත් උත්සාහයක නිරතව ඇත. 2015 ජනවාරියේදී සිදුවූ ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයක් ගැන නන් ෙදාඩවන මෙවැනි බංකොලොත් පැරණි වාමාංශිකයින් මෙම ආණ්ඩුව ආරක්ෂා කිරීමට දරණ තැත අවසන් වශයෙන් ප‍්‍රතිගාමී රාජපක්ෂ කඳවුරට උඩගෙඩිදීමක් වන අතර ජනතා දෝහී යහපාලන ආණ්ඩුවට එරෙහිව සටන්වැද සිටින කම්කරු පංතිය, පීඩිත ගොවින්, සටන්කාමි ශිෂ්‍ය ව්‍යාපාරය හා උතුරේ ජනතාව පාවාදිමකි. මෙම පරිසරය තුළ ධනපති බලවේග දෙක අතර රට ධ‍්‍රැවකරණය වී ඇත. එක් පැත්තකින් අධිරාජ්‍ය ගැති නව ලිබරල් ව්‍යාපෘතිය කර පින්නාගත් මෛති‍්‍ර රනිල් ආණ්ඩු බලවේගය වන අතර අනෙක් පසින් මහින්ද රාජපක්ෂ පෙරටු කරගත් සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගය ලෙස දෙගොඩතලා ඇත. ඛේදවාචකය නම් ධනපති පංතිය හා කම්කරු පංතිය ප‍්‍රමුඛ පීඩිත ජනතාව ගේ පංති අරගලයේ බෙදුම් රේඛාව ඔස්සේ ලාංකේය සමාජය ධ‍්‍රැවීකරණය නොවීමය. ආණ්ඩු විරෝධය ජාතිවාදීන්ගේ ගොදුරක් බවට පත්වීමේ අනතුර අඩු තක්සේරු නොකළ යුතුය. මෙම භයානක තත්වය වලක්වාලීමට කම්කරු පංතිය හා වම අසමත් වන්නේ නම් මෑතකාලයේ නොදුටු තරම් අගාධයකට රට ඇඳවැටෙනු ඇත. ප‍්‍රධාන ධනපති කඳවුරු දෙකම කම්කරු පංතිය ප‍්‍රමුඛ මර්ධනයට හා කප්පාදුවට එරෙහිව වීදි බැස සිටින කම්කරුවන්ගේ ශිෂ්‍යයින්ගේ අරගලයට එරෙහි වූවකි. කම්කරු පංතිය හා සටන්කාමී වෘත්තිය සමිති හා වමේ බලවේග වල කාර්යභාරය වන්නේ ධනපති කදවුරු දෙකටම එරෙහිව ස්වාධින පංති සටන් මාවත පනගැන්වීම වෙනුවෙන් ඉදිරි දර්ශනයක් සහිත වැඩපිළිවෙලක් සමගින් සංවිධානගතවීමය. මෙහිදී ජාතික ප‍්‍රශ්ණය හේතුකොට පීඩාවට පත්ව සිටින උතුරේ දෙමළ ජනතාවගේ අරගලය හා බද්ධවීමට වැඩ පිලිවෙලක් නිර්මාණය කර ගැනීම තීරණාත්මක සාධකයක් බව අවධාරණය විය යුතුය. මෙම තත්වය මධ්‍යයේ උතුර හා දකුණ එ්කාබද්ධවූ ජන අරගලයක් නිර්මාණය කිරීමට දෙමළ ජනතාවගේ ස්වයංනිර්ණය අයිතිය පිළිගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත. වම ඉදිරියේ තිබෙන අභියෝගය බරපතලය.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.