lankasocialist
Tuesday, June 30, 2026
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

විමල් රුද්රිගු – 1946 – 2015 සැබෑ සමසමාජවාÈයෙකුගේ අභාවය.

ragu by ragu
May 29, 2015
in USP Statements
0
විමල් රුද්රිගු – 1946 – 2015  සැබෑ සමසමාජවාÈයෙකුගේ අභාවය.
Share on FacebookShare on Twitter

P1070743සම සමාජ ව්‍යාපාරයේ දෙවන පරම්පරාවේ ප්‍රමුඛයෙකු වූ විමල් රුද්රිගු අප්‍රේල් 28 Èන රාත්‍රියේ මිය ගිය බව මට දැනගන්නට ලැබුණි. වමේ දේශපාලන ගමන් මග ගැන අප අතර තියුණු වෙනස්කම් තිබුනද විමල් මිය ගිය ප්‍රවෘත්තිය මා කම්පනයට පත් කළේය. විමල් හා මා අතර සම්බන්දය තරමක් සුවිශේෂි වුවකි. විමල් හා මා තිඹිරිගස්යායේ ඉපිද කුඩා කල සිට එකට හැ§ වැඩී එකම කාලයේ ලංකා සමසමාජ පක්‍ෂයේ  සාමාðකත්වය ගත් අය විය. 60 දශකයේ මැද බාගයේ සමසමාජ ව්‍යාපාරයට අප සමග සම්බන්ද වූ කීප දෙනෙකුම මේ වන විටත් සිය ජීවන ගමන අවසන් කර හමාරය. කේ.ඩී.විමලසිරි” ටි.ඩි.ðනදාස” ආරියරත්න ජයවීර” කිරුලපන ප්‍රේමරත්න මගේ මතකයට නැගේ. විමලසිරි හා මා සමසමාජ පවුල් හරහා සමසමාජයට සම්බන්ද වුවද විමල්ගේ දෙමාපියන් එසේ වූයේ නැත. එසේවුවද අපගේ තරුණ කාලයේ අප අතර සමසමාජ දේශපාලනයේ ප්‍රමුඛයා වූයේ විමල්ය.

1965 – 70 කාලයේ එජාපය ආණ්ඩු බලයේ සිටි අතර ප්‍රාදේශීය දේශපාලන කටයුතු වල § එජාපය හා සමසමාජය අතර නිරන්තර ගැටුම් ඇතිවිය. එම කාලයේ ගම් වල චන්ඩි බලය හසුරුවන ලද්දේ එජාප ආධාරකරුවන්ය. එහෙත් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රසිද්ධ චන්ඩි බොහෝ දෙනා සමසමාජ පක්‍ෂයට හිතවත්කම් දැක්වූවන් වූහ.මරදානේ හැරී හර්මන්ගේ ඝාතනයෙන් පසු එම හිදස පිරවු චොප්ප සෝමේ” මීපේ ජයසූරිය” වත්තල ලියෝ” කලූබෝවිල පොඩි රාළහාමි” කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ද මරදාන පෝබස් පාරේ විපුලෙ අයියා හා තිඹිරිගස්යායේ සේරසිංහ පොඩි මහත්තයා එA අතර ප්‍රමුඛයන් විය. මොවුන් අතර විශාල ගෞරවයක් හිමිකරගෙන තිබු පිටකොටුවේ කාපිරි මුඩුක්කුව ඉÈරිපිට ව්‍යාපාර කටයුතු කළ රෙðනෝල්ඩ් මෙන්ඩිස් ( රෙð අයියා – සමාසමාජ පක්ෂයේ ප්‍රබල නායකයෙකු විය. විමල්ට හා මට මේ සියලූ දෙනා සමග සමීපව ඇසුරු කිරීමට හැකිවීම තුලින් අපට බොහෝ අත් දැකීම් ලබා ගැනීමට හැකි විය.

60 ගනන් වල අවසාන බාගයේ අගලවත්ත ආසනයේ පැවැති දේශපාලන කටයුතු අවසන්ව පසුÈන බලපිටියේ පැවැති ලසසප සංවත්තර කටයුත්තක් සදහා අප සමග ගිය කණ්ඩායමේ නායකයා වූයේ විමල්ය. ප්‍රසිද්ධ චන්ඩියකුවු කොස්ගොඩ ටොම් හා සම්බන්ද මැර පිරිස් සමග එහි § ඇතිවීමට ගිය ගැටුමක§ අපගේ ජීවිත බේරුනේ අනු නමයෙන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. රටේ එවකට නම ගිය චන්ඩියෙකු වූ තිඹිරිගස්යායේ පොඩි මහත්තයා හා විමල් නොසිටින්නට අප විශාල අකර තැබ්බයකට මුහුණ §මට සිදූවනු නොඅනුමානය. විමල් හා බැදූන අපගේ දේශපාලන ජීවිතයේ මෙවැනි අත්දැකීම් බොහොමයකි. එA අතර විමල් සමසමාජ භට කණ්ඩායම ගොඩ නැගීමේ ප්‍රමුඛයා විය. විමල් රට පුරා ඈත ගම් බිම් වලට යමින් දේශන පවත්වමින් තරුණයින් දැනුවත් කරමින් සමසමාජ භට කණ්ඩායම ගොඩ නැගීමට  ඔහු විශාල මෙහෙයක් ඉටු කළේය. කාන්තා භට කණ්ඩායමේ සාමාðකාවක් වූ විමල්ගේ බිරිද සිරියාගෙන් පක්‍ෂයේ කටයුතු සදහා විමල්ට ලැබුණු සහයෝගයද සුලූ පටු නොවීය.

විමල් හා මා එකට සමසමාජයට සම්බන්ද වුවද මා එහි වැඩි කලක් රැ§ සිටියේ නැත. 1970 § ශ්‍රිලනිපය සමග දෙවන සභාගය ගොඩනැගීම සමග සමසමාජ ව්‍යාපාරය තුළ ගැඹුරු න්‍යායික සාකච්ඡාවක් ඇරඹින. විමල් එහි§ භක්තියෙන් යුතුව සමසමාජ නායකයින්ගේ අදහස ආරක්‍ෂා කළේය. මගේ පියාද විමල් සමග එන්.එම්.කොල්වින් ලාගේ සභාගවාදය එල්බගෙන සිටියේය. එකම ගමේ පෙනෙන නොපෙනෙන තරම් දූරක ජීවත් වූ විමල් හා මා අතර දේශපාලන සම්බන්දතාවය එA සමග දූරස්ථ විය. එසේ වුවද අප සතුරන් බවට පත් නොවූ අතර 1974 § මා රාජ්‍ය විරෝධියෙකු ලෙස පොලිස් මුලස්ථානයේ 4 වන තට්ටුවට මහ රෑ රැගෙන ගිය ආරංචිය සැලවූ පසු මගේ නිවසට පැමිණ මගේ අම්මාගෙන් තොරතුරු විමසූ බව පසුව අම්මා මා සමග පැවසිය. ඉන් පෙන්නුම් කලේ විමල් තුළ පැවැති මානුෂයවා§ යහපත් ගුණාංගයයි. විමල් කළාව හා සංගීතයට ගැඹුරින් ඇලූම් කළ අයෙකු වූ අතර විමල්ගේ පවුලේ සියලූ දෙනා දක්‍ෂ කළාකරුවන් වීමට විමල්ගෙන් ලද ආභාෂය ඉවහල් වු බව සඳහන් කල යුතුය.

කම්කරු පංතික සම්ප්‍රදායෙන් පැවත එන ජීවිත කාලයම සමසමාජය වෙනුවෙන් කැපකළ විමල් වැනි සමසමාජ කාරයෙකු ගැන මෙවැනි කෙටි සටහනක් හෝ ලිවිය යුතු යැයි මා සිත බල කෙරුනේ මෑත කාලීනව ඔහු සමසමාජයෙන් ඉවත් කර දැමීම තුළින් ඇති වූ අයුක්තියට සාධාරණයක් ඇති කිරීම සදහාය. වැල්ලවත්ත රෙÈ මෝලට යාබද සිලෝන් සිල්ක් ආයතනයේ රැකියාව අහිමිවීමෙන් අනතුරුව විමල් මා සමග ලංකා ගමනා ගමන මණ්ඩලයේ රැකියාවට එක්විය. 1980 වැඩ වර්ජනයෙන් විමල්ගේ රැකියාව අහිමි වීමෙන් අනතුරුව ඔහු ලංකා සමසමාජ පක්‍ෂයේ පූර්ණ කාලිනයෙකු බවට පත්විය. විමල්ට සමසමාජය ආගමක් බදූවිය. ඔහු සමසමාජ පක්‍ෂය හා නායකයින් ආරක්‍ෂා කළ අන්දම පුදූම සහගතය. මා සිතන විÈයට එA බොහෝ දෑ ඉතාමත් අතාර්තික එAවාය. එහෙත් විමල්ට සමසමාජය ගැන තිබුණේ කිසිවකුට බිද හෙළිය නොහැකි යෝධ විශ්වාසයකි.

ඉතිහාසයේ ඛේදවාචකය වූයේ එන්.එම්. කොල්වින් හා බර්නාඩ් ඇතුලූ නායකයින් ආරක්‍ෂා කිරීම සඳහා ðවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සමසමාජය ආගමක් මෙන් ඇදහූ විමල් සමසමාජයෙන් නෙරපා දැමීමය. තිස්ස විතාරණ ඇතුලූ වත_මාන සමසමාජ නායකයින් මහින්ද රාජපක්‍ෂට යටහත් පහත්ව 18 වන ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවේ ඡන්දය §මට තීන්දූ කිරීම සමග ජයම්පති හා ලාල් විෙÊනායක ඇතුලූ පිරිස සමග විමල් එයට එරෙහිව සටන් වැදූනි. එහි ප්‍රÓපලයක් වශයෙන් ගලා ගිය දේශපාලන වෙනස තිස්ස විතාරණ ඇතුලූ නායකයින්ට ඔරොත්තු නොදූන් අතර එA සමග සමසමාජ නායකත්වය විමල් පූර්ණකාලීන ධූරයෙන් ඉවත් කර ඔහු දැරු පක්‍ෂයේ නිලතල වලින්ද ඉවත් කරනු ලැබීය. විමල් රුද්රිගු වැනි තම ජීවිත කාලයම එම පක්‍ෂය වෙනුවෙන් කැපකර ඇති භක්තිවන්ත සමසමාජකාරයෙකු පක්‍ෂයේ පිරිහුණු නිලධාරීන් විසින් ඉවත් කිරීම ඔහුගේ ජීවිතයේ කඩ ඉමක් විය.

විමල්ට මා නිරන්තරයෙන් යෝජනා කළේ සමසමාජයෙන් ඉවත්ව ධනවා§ සභාග දේශපාලනයට හා ජාතිවාදයට එරෙහි විප්ලවකාරී වමක් ගොඩ නැගීමට එක්වන ලෙසය. එA සියල්ල ඔහු එකහෙලා ප්‍රතික්ෂේප කලේ සමසමාජය ගැන ඔහුට තිබු අන්ධ විශ්වාසය නිසා බව ඉතා පැහැÈලිය. නමුත් අවසාන වශයෙන් විමල්ගේ සමසමාජ දේවාලය ඔහුගේ හිස මත කඩා වැටුණි. මා ඉතා ලගින් දන්නා හදූනන විමල්ට මෙම සිදූවීම අදහා ගත නොහැකි දෙයක් වූ අතර මිය යන තුරුම ඔහු නැවත නැවත මැරී ඉපදෙන තරම් වේදනාවකට පත්ව සිටී බව කිව යුතුය. එසේ වුවද සැම අවස්ථාවකම ඔහු අනියමින් හෝ සමසමාජ පක්‍ෂය ආරක්‍ෂා කරනු මට පෙනින. පසුගිය කාලය පුරා විමල් අසනීපයෙන් පසු වුවද ඔහුට තව කලක් ජීවත් වීමට හැකිව තිබූ බව මගේ විශ්වාසයයි. භක්තිවන්ත සමසමාජකාරයෙකුවූ විමල් සමසමාජයෙන් නෙරපා දැමීම තුළ ඇති කල දැඩි කම්පනය ඔහුගේ මරණය ඉක්මන් කිරීමට හේතු වූ බවට සැකයක් තිබිය නොහැකිය.

සිරිතුංග ජයසුරිය

( මෙහි පලවන ඡායාරූපය පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනවාරි 04 වන දා (මීට මාස 4කට පෙර- විමල්ගේ නිවසට මා ගිය අවස්ථාවේ§ ජග§ස් සහෝදරයා විසින් ගනු ලැබුවකි. –

Related Posts

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය
USP Statements

සමාජ පෙරළියක් සිදු කල 2024 පාර්ලිමේන්තු මැතිවරණය

කිසිවෙකු අපේක්‍ෂා නොකල අන්දමේ අති විශාල ජයග්‍රහණයක් අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට (NPP) නොවැම්බර් 14 දින...

by Taniya
November 19, 2024
In Appreciation of Professor Kumar David
USP Statements

In Appreciation of Professor Kumar David

Professor Kumar David, once an academic in the Engineering Faculty, Peradeniya University, and a Fellow of the Institution of...

by Taniya
October 15, 2024
Anura Kumara – President of Crisis
USP Statements

Anura Kumara – President of Crisis

In the presidential election held on September 21, 2024, Anura Kumara Dissanayake won the presidency by receiving 5,740,179 votes,...

by Taniya
September 24, 2024
අනුර කුමාර අර්බුදයේ ජනාධිපති
USP Statements

අනුර කුමාර අර්බුදයේ ජනාධිපති

  2024 සැප්තැම්බර් 21 පැවැති ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ඡන්ද 5740179ක් එනම් සියයට 42.3ක් ලබාගනිමින් ජනාධිපතිධූරයට පත්විය. 1982 සිට...

by Taniya
September 24, 2024
Next Post
2015 May Day

2015 May Day

Lanka Socialists

Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Subscribe Our Newsletter

  • From the Press
  • Articles
  • Activities
  • Ratutharuwa
  • USP Statements
  • Upcoming Events
  • World News
  • Books
  • Other
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
  • රතු තරුව
  • தமிழ்

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.