• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

අලූත් වටයකින් ඉස්මතු වන ජාතික ප‍්‍රශ්නය

dhammika by dhammika
May 30, 2018
in Articles
0
අලූත් වටයකින් ඉස්මතු වන ජාතික ප‍්‍රශ්නය

අපේ රටේ දේශපාලනයෙහි තීරණාත්මක – කේන්ද්‍රිය ප‍්‍රශ්නය ජාතික ප‍්‍රශ්නය බවට විවාදයක් නැත. 1994 සිට 2005 දක්වාම පැවති මැතිවරණ වලදී ද එසේ තීරණාත්මක සාධකයක් විය. දැඩි යුධ විරෝධී ජනමතයක් පැවති 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග බලයට පැමිණියේ සාමයේ පරවි ධේනුවක ලෙසිනි. කෙමෙන් ජාතිවාදය දෙසට නැඹුරු වු ඇය රනිල් වික‍්‍රමසිංහ කොටි සංවිධානය සමග හොර ගිවිසුම් ගසනවාය කියමිනි 1999 සිට මැතිවරණ මෙහෙය වූයේ. එ් ජාතිවාදී ප‍්‍රචාරයන්ට එරෙහිව 2001 දී අගමැති ධූරයට පත් වූ රනිල් වික‍්‍රමසිංහ 2002 දී කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළඹීම ජාතික ප‍්‍රශ්නය සන්නද්ධ අරගලයක් දෙසට යොමු වු පසු එළඹි ඉතාම වැදගත් සංසිද්ධිය ලෙස හැඳින්විය හැකිය. කෙසේ වෙතත් සටන් විරාම ගිවිසුම අසාර්ථක වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ සහයෝගය ඇතිව 2004 දී චන්ද්‍රිකාත් 2005 දී මහින්ද රාජපඏාත් දැඩි දෙමළ විරෝධී ජාතිවාදී ස්ථාවරයක් කරා යොමු වූ අතර මහින්ද නැවතත් එ්කීය රාජ්‍යය කරලියට නැංවීම හරහා දෙමල ජනයා ශ‍්‍රී ලංකා රාජ්‍යය තුළ පිටස්තරයන් බවට පත් කිරීමේ තත්වයකට යොමු විය. 2006 වසරේදී LTTE සංවිධානය මාවිල් ආරු සොරොව්ව වැසීම යුද්ධයට අතවනමින් සිටි රාජපඏගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් බඳු විය. කුමන විනාශයක් සිදු කොට ගෙන යුද්ධය ජය ගැනීමේ එ්කායන අරමුණින් ක‍්‍රියා කළ රාජපඏ ජනාධිපතිවරයා 2007 සිට 2009 දක්වා ගෙන ගිය දැවැන්ත ප‍්‍රහාරයකින් පසු 2009 දී ප‍්‍රභාකරන් ද මරා දමා කොටි සංවිධානය පරාජය කළේය. මේ සමස්ථ සංහාරයටම ජනතා විමුක්ති පෙරමුණ එකසිතින් සහය දුන් බව නැවත සඳහන් කළ යුතුය. වඩාත් ප‍්‍රබල අවි බලය සහ වැඩි මිනිස් බලයද සමග රට පුරා දැඩි යුධවාදී මානසිකත්වයක් ඇවිලවීම මේ ජයග‍්‍රහණයේ පදනම විය. රාජපඏ ප‍්‍රමුඛ සමස්ත ජාතිකවාදී කඳවුර සිතා සිටියේ සුපිරි සන්නද්ධ බලයෙන් යුද්ධය ජය ගත් පසු ප‍්‍රශ්නය අවසන් බවය. සිංහල, දෙමල, මුස්ලිම් ආදී වශයෙන් ජාතීන් තවදුරටත් නැති බවත්, දැන් රටේ සිටින්නේ ජාතීන් දෙකක් පමණක් බවත් එ් නම් රටට ආදරය කරන ජාතිය සහ රටට ආදරය නොකරන – රට පාවා දෙන ජාතිය බවත් ඔහු යුධ ජයග‍්‍රහණයෙන් අනතුරුව කිව්වේ එ් අනුවය. පාරවල් හැදීමෙන් ගොඩනැගිලි හැදීමෙන් දෙමළ ජනයා තමන් වෙතට දිනාගත හැකියයි ඔහු ඉතා අඳබාල ලෙස විස්වාස කළේය. 2009 දී යුධ ජයග‍්‍රහණයත්, 2010 දී ලද දැවැන්ත ජනාධිපතිවරණයත් සමග මහින්ද රාජපඏ හිතා හිටියේ තම පාලන කාලය මධු සමයක් – සැණකෙළියක් වනු ඇති බවටය. එසේ වුවද යුද්ධයේ අවසාන කාලයේ සිදු වූ – එහෙත් රටේ ජනතාවගෙන් වසන් කළ දැවැන්ත සංහාරය ජාත්‍යන්තර තලයේ රැුව් දෙන්නට විය. සිංහලයන් පාරට බස්සා බොරු ජාති – ආල පෙළපාලි පැවැත් වුවද මේ සංහාරයට එරෙහිව ගොනු වන ලෝක මතය යටපත් කළ නොහැකි විය. ජාතික ප‍්‍රශ්නයේ වත්මන් මුහුණුවර ඉස්මතු වන්නේ මේ සන්දර්භය තුළය. එවකට සිදු වී යයි කියන යුධ අපරාධ පිළිබඳ මානව හිමිකම් මණ්ඩලයේ විශේෂ පරීඏණ වාර්තාව ඉදිරි දින කීපය තුළ දී එළිදැක්වීමට නියමිතය. එ් පිළිබඳ වගවීමේ ක‍්‍රියාවලියක් දේශීය හෝ ජා්‍යන්තර වශයෙන් ඉදිරියේදී උද්ගත වනු ඇත. රටක ජාතික ප‍්‍රශ්නයක් උද්ගත වනුයේ එහි ජාතීන් දෙකක් හෝ වැඩි ගණනක් ජීවත් වන විටය. සමාජවාදීන් වන අප පිළිගන්නේ මේ රටේ සිංහල සහ දෙමළ යන ජාතීන් දෙකක් ජීවත් වන බවයි. වමේ වෙස් පැළැඳගත් ජවිපෙ මෙන්ම එයින් බිඳීගිය පෙරටුගාමීන්ද දෙමළ ජනයා ජාතියක් වශයෙන් පිලි ගන්නේ නැත. ඔවුන් දෙමළ ජනයාගේ ජාතිකත්වය අඩු මට්ටමට පහත හෙළයි. කිසිදු හැබෑ අර්ථයක් නැති සම අයිතිය ලබා දීමෙන් ජාතික ප‍්‍රශ්නය විසඳිය හැකියයි ඔවුහු හිස් වචන ප‍්‍රකාශ කරති. ක‍්‍රියාවෙන් කිසි දෙයක් නොකළද රාජපඏ පාලන සමයේ නිතර භාවිතා වූ වචන දෙකක් විය. එ්වා නම් සංහිඳියාව සහ ප‍්‍රතිසන්ධානයයි. reconcillaion යන ඉංග‍්‍රීසි වචනය සඳහා යොදාගත් පර්යාය පද දෙකත් එ් එ්වා අර්ථවත් කිරීම සඳහා වන කිසිදු යථාර්ථවාදී පියවරක් ගැනීමට රාජපඏ රජය ක‍්‍රියා කලේ නැත. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමටත් ත‍්‍රස්තවාදය නැවත ඇති නොවීමටත් නම් ජාතික ප‍්‍රශ්නය හරි හැටි හඳුනා ගෙන අවශ්‍ය විසඳුම් ලබාදිය යුතුය. මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණ සමයේ සිටම දෙමළ ජනයා කෙරෙහි බොහෝ ලෙන්ගතු අයුරින් කතා කරනු අපි දුටුවෙමු. Coque pour Huawei මෑතකදී සාම්පූර්හි වසර 10ක් තිස්සේ අවතැන්ව සිටි සහ රාජපඏ පාලනය විසින් නැවත පදිංචි කිරීම හිතාමතාම ප‍්‍රතික්ෙඏ්ප කර සිටි දෙමළ ජනයාට තම මුල්ගම්බිම් වල නැවත පදිංචි කිරීම සඳහා හිමිකම් සහතික බෙදාදීමද සිරිසේන විසින් සිදු කරන ලදී. ඔහු එ් සඳහා සහභාගී වූයේ දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මන්ත‍්‍රිවරයාගේ ආරාධනයක් මත යයිද වාර්තා විය. Coque huawei France මේ අයුරින් රජය හැකිතාක් දෙමළ ජනයා වෙත මිත‍්‍රත්වයේ හස්තය දිගු කරන බවත් ඇඟවෙන අතර දෙමළ ජනයා බලා සිටින්නේ රජය එ් සම්බන්ධයෙන් ගන්නා සංයුක්ත පියවර කුමක්ද යන්නයි. coque samsung පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩිම ආසන ගණනක් දීනු එක්සත් ජාතික පඏය ප‍්‍රකාශ කලේ එ්කීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමක් සිදු කරන බවත් 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කරන බවත්ය.එහෙත් බලයට පත් වී සති දෙකක් ඇතුලත අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉන්දියාවේ හින්දු පුවත් පතට ප‍්‍රකාශ කොට තිබුණේ 13 වැනි සංශෝධනයේ සඳහන් පරිදි ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාවලට පැවරීමට නොහැකි බවයි. මේ අනුව රනිල්ගේ නව රජයෙන් දෙමළ ජනයාගේ ජාතික ප‍්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමට හැකියාවක් ඇතැයි හිතන්නට වත් ඉඩක් නැත. එහෙත් දෙමළ ජාතික සන්ධානය තම මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් කොට තිබුණේ මෛත‍්‍රිපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ නායකත්වය සමග සාකච්ඡුා මාර්ගයෙන් දෙමළ ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලබා ගත හැකි බවය. ඔවුන් කියන විසඳුම මත එ්කාබද්ධ උතුරු- නැගෙනහිර පලාතක් සඳහා ෆෙඩරල් පාලනයක් ලබා ගැනීම මේ අනුව සිහිනයක් වනු ඇත. coque huawei nova ෆෙඩරල් පාලනයක් තියා 13 වන සංශෝධනයේ සඳහන් පූර්ණ බලතල පලාත් සභාවලට ලබා දීමට අකැමති නායකත්වය තුළ ෆෙඩරල් යනු තහනම් වචනයක් වනු ඇත. අනෙත් අතට එවන් තත්වයක් උද්ගත වන තෙක් මහින්ද රාජපඏ – වීරවංශ – ගම්මන්පිල – දිනේශ් කල්ලිය කෙළ හලමින් බලාගෙන සිටී. ගිලි හී ගිය බලය යළි ලබා ගැනීම සඳහා ඔවුන්ට ඇති එකම මාවත ජාතිවාදය ඇවිස්සීමයි. මෙන්න රට කඩනවෝ කොටියට රට දෙනවෝ වැනි සටන්පාඨයන් පෙරට ගැනීමට ඔවුහු කල් බලමින් ඇඟිලි ගණන් කරමින් සිටිති. රට ගිනි තියන්නට සමත් චීවරධාරීන් පිරිසක්ද ඔවුන්ගේ පසුපස සිටින බව අමතක නොකල යුතුය. දෙමළ ජනයා නැවත වරක් රැුවටීමට සහ පාවා දීමට ලක්වන අවස්ථාව වැඩි ඈතක නොවන බව මේ අවස්ථාවේ අපි සටහන් කරමු. මේ රටේ පාලනය මෙහෙයවන්නේ බෙලිහින පසුගාමී සිංහල ධනපති පන්තියක් විසින් බව අප බොහෝ විට පෙන්වා දී ඇත. තාමත් වැඩවසම් අක්මුල්වලින් ගැල වී නැති ඔවුන් වෙතින් දෙමළ ජනයාගේ අවම ඉල්ලීම්වත් ඉටු කර ගත හැකියයි සිතන්නේ නම් එය මුලාවකි. බොරු උප්පරවැට්ටි සහ අලංකාර වචන මාලාවක් හැර අන් දෙයක් දෙමළ ජනයාට හිමි නොවන බව පැහැදිලිය. කෙසේ වෙතත් 1977 දී මෙන් මෙවරද දෙමළ ජාතික සන්ධානයට උතුරු නැගෙනහිර දෙමළ ජනයා වෙතින් දැවැන්ත ජනවරමක් ලැබී ඇත. එදා අප්පායි පිල්ලේ අමීර්තලිංගම්ගේ නායකත්වයෙන් යුතු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF)වෙනමම ඊලාම් රාජ්‍යයක් සඳහා දෙමළ ජනයා වෙතින් ජනවරමක් ඉල්ලූ අතර මෙවර දෙමළ ජාතික සන්ධානය (TNA) ෆෙඩරල් පාලනයක් සඳහා ජනවරමක් ඉල්ලා සිටියේය. දෙමළ ජනයා ලඏ ගණනින් එක්වී මේ ජනවරම ලබා දී තිබිණි. එදා (TULF) නායකත්වය එ් ජනවරම මත සෘජුව පිහිටන ජනතා අරගලයකට යොමු නොවීම LTTE ඇතුලූ සන්නද්ධ කණ්ඩායම් වල නැගී සිටීමට බල පෑ එක හේතුවක් විය. වත්මන් TNA නායකත්වයද ෆෙඩරල් පාලනයක් සඳහා දෙමළ ජනයා දුන් ජනවරම සාඏාත් කර ගැනීමට ක‍්‍රියා කරන්නේ කෙසේද? එ් සඳහා ජනයා පෙළ ගැස්වීමට ඔවුන් ක‍්‍රියා කරන්නේද? දෙමළ ජනතා අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිට ඇති දකුණේ සිංහල කම්කරු පන්තියේ සහ වමේ ව්‍යාපාරයේ සහයෝගය ලබා ගැනීමට ක‍්‍රියා කරන්නේද? අතීත වාර්තාව සලකා බැලීමේදී දඏිනාංශික TNA නායකත්වය එවැනි මගකට යොමු වේ යයි සිතන්නට ඇති ඉඩ ඉතා අඩුය. ඇමරිකාව, ඉන්දියාව ඇතුලූ ලෝක ධනපති පන්තිය දෙමළ ජනයාගේ පිහිටට එනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටසක අරමුණ බව පෙනෙන්නේ සිංහල ධනපති පන්තිය නියෝජනය කරන කොළඹ ආණ්ඩුව වෙතින් තමන්ට සාධාරණය ඉටු නොවන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලවා සර්බියාවේ කොසෝවෝහි දී දකුණු සුඩානයේ පළාත් වෙන් ජනමත විචාරනයක් පවත්වා දෙමළ ඊලාම් රාජ්‍යයක් ලබා ගැනීමය. වත්මන් ලෝක දේශපාලන පසුබිම තුල එය අතිශය දුරස්ථ ඉලක්කයකි. ඇත්ත වශයෙන්ම එය යථාර්ථවාදී නැත. ඊනියා ජාත්‍යන්තරයේ ප‍්‍රජාව මේ මොහොතේ එවැන්නකට සුදානම් නැත. විශේෂයෙන්ම ඉන්දියාව එයට ඉඩදෙන්නේ නැත. දෙමළ ජනයාට ඇත්තේ එකම විකල්පයක් පමණි. තම ජාතික අයිතිය ඉල්ලා මහපාරට බැසීම පමණි. එය යාපනයට හෝ මඩකලපුවට සීමා නොවී කොළඹට, නුවරට සහ ගාල්ලටද ගෙන යා යුතුය. මෙසේ කළ හැකිවන්නේ දකුණේ කම්කරු පන්තිය සහ වමේ සමාජවාදී ව්‍යාපාරය සමග අත්වැල් බැඳ ගැනීමෙන් පමණි. ජාතික ප‍්‍රශ්නය විසඳීමේ එකම මග දෙමළ ජනයාගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගැනීම බව එක්සත් සමාජවාදී පඏය දිගින් දිගටම පෙන්වා දෙයි. අවශ්‍ය නම් වෙන්වීමේ අයිතියද එයට ඇතුළත්ය. Coque huawei Outlet බි‍්‍රතාන්‍ය සමග තුළ තවදුරටත් රැුඳී සිටින්නේද යන්න සම්බන්ධව මීට වසරකට පෙර ස්කොට්ලන්තයේ පැවති ජනමත විචාරනයේදී එක්සත් සමාජවාදී පඏය හා සම්බන්ධ එංගලන්ත සමාජවාදී පඏය අනුගමනය කළේ එම පිළිවෙතයි. එ් අනුව ස්කොට්ලන්ත ජනයා කැමති නම් වෙන් වී යැමට අයිතිය ඇති බවටය සමාජවාදීන් පෙනී සිටියේ. හුදු ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමෙන් එම ජනයාට විමුක්තියක් නොලැබෙන බවත්, සමාජවාදීන් ස්වාධීන සමාජවාදී ස්කොට්ලන්තයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් සමාජවාදී පඏය පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් එය මෙරට ඇතැම් සුලූ ධනේශ්වර වාමාංශිකයින් කියන පරිදි සමාජවාදය බිහි කිරීමෙන් පසු ස්වයං නිර්ණය අයිතිය ලබා දීම වැනි විකාරයක් නොවේ. මේ අනුව ස්වයං නිර්ණය අයිතිය පිලිගනිමින් දෙමළ ජාතික ප‍්‍රශ්නය විසඳන ලෙස එක්සත් සමාජවාදී පඏය බලකර සිටී. එහෙත් මෙරට පාලනය කරන බෙල හීන – පසුගාමී ධනපති පන්තිය කිසිසේත්ම එවැන්නකට සුදානම් නැති අතර ඉන්දීය ධනපති පන්තිය ද එයට එකඟ වන්නේ නැත. එමනිසා දෙමළ ජනයාට ඇති එකම විකල්පය වන්නේ දෙමළ ජාතික අයිතිය පිලිගන්නා දකුණේ කම්කරු පන්තිය සහ සැබෑ වාමාංශිකයන් සමගත් ඉන්දියාවේ කම්කරු පන්තිය සමග අත්වැල් බැඳ ගෙන කම්හල් වැඩබිම්, ගොවිපළ සහ සරසවි මට්ටමින් අරගලයට අවතීර්ණ වීමය. අප එක්සත් සමාජවාදී පඏය සමාජවාදී ඉදිරි දැක්මක් සහිතව එම අරගලයට පූර්ණ දායකත්වය මෙන්ම නායකත්වයද දීමට ක‍්‍රියාකරනු ඇත.

Previous Post

චීනයේ ආර්ථිකය තීරණාත්මක අර්බුදයක

Next Post

යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක

Next Post
යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක

යහපාලන ආණ්ඩුව ලෝක බැංකු උගුලක

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
May 2015
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
    Jun »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.