lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

චීනයේ ආර්ථිකය තීරණාත්මක අර්බුදයක

dhammika by dhammika
May 30, 2018
in Articles
0
චීනයේ ආර්ථිකය තීරණාත්මක අර්බුදයක
Share on FacebookShare on Twitter

මෙහි තිබෙන විශාලතම ප‍්‍රවෘත්තිය චීන ආර්ථිකය පිලිබඳව නොවේ, එ් චීනයේ නායකයන් පිලිබඳවයි. ඔවුන්ගේ අති විශිෂ්ට දඏතාවය ගැන, ඉදිරිය දැකීමට ඇති හැකියාව ගැන ඔබ අසා ඇති සියළු දේ අමතක කර දමන්න. අද දිස්වන ඔවුන්ගේ අතීරණාත්මක වැනෙන සුළු ක‍්‍රියාවන් ගැන හොදින් විනිශ්චයක් කරන විට පෙනී යන්නේ, ඔවුන් කරන්නේ මොනවාද යන්න ගැන ඔවුනට කිසිදු අවබෝධයක් නැති බවයි. ඉතා රළු ලෙස තම විනිශ්චය මෙසේ කියා පාන්නේ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන පෝල් කෘග්මන් (Paul Krugman) ය. ඔහු එසේ විනිශ්චය කරන්නේ චීන තොග වෙලඳ පොල කඩා වැටීමත්, එය රැුක ගැනීමට චීන රජය ගන්නා උත්සාහයත් අධ්‍යයණය කරමිනි. ෂැංහයි හා ෂෙන්ෂෙන් හි කොටස් වෙලඳ පොල 30% කින් පසුබෑම නිසා, ජූනි මාසයේ මැද සිට ඩොලර් ටි‍්‍රලියන හතරක් වන දැවැන්ත මුදලක් සහිත කොටස් අගයක් මළුුමනින්ම සිදී ගොස් ඇත. කෘග්මන් පවසන පරිදි, මෙයට පෙර බොහෝ ධනවාදී විචාරකයන්ගේ ආකල්පය වූයේ චීනයේ නාමිකව හඳුන්වන කොමියුනිස්ට් පඏයේ (CCP) ආඥාදායකයන් අති දඏ ආර්ථික කළමණාකරුවන් වන බවය. රාජ්‍ය මැදිහත් වීම තුලින් හා කිසිදු සීමාවක් රහිත මුල්‍යමය සම්පත් දඏ ලෙස භාවිතා කරමින් ආර්ථික ගැටළු මතු වු හැමවිටකම ඔවුනට මැජික් බලයෙන් මෙන් විසඳුමක් ලබා දීමට හැකිවිය. එහෙත් පසුගිය සති කීපය තුල චීන කොමියුනිස්ට් පඏය කෙරෙහි තැබු එම විශ්වාසය අන්තයටම සෙලවී ගියේය. තොග වෙලඳ පොල පඏයේ නියෝග වලට අවනත නොවන විට, චීන කොමියුනිස්ට් පඏයේ නායකයින් සමකල හැකි වූයේ කැනියුට් නමින් සිටි රජ කෙනෙකුටය. මෙම රජතුමා මුහුදේ රල වලට ආපසු හැරෙන ලෙස අණ දුන් බවත්, අවසානයේ දී එම රල සමගම ඔහුද ගසාගෙන ගිය බවත් ප‍්‍රසිද්ධ ජන ප‍්‍රවාදයකි. කම්කරුවන්ගේ ඉතිරි කිරීම් අර්බුදයට කොටස් වෙලඳ පොල පාඩු සිදුවීම නවත්වා ගැනීම පිණිස පසුගිය මාසය තුල කොටස් මිල දී ගැනීමටත් අනෙකුත් එවැනි ආරඏාකාරී කටයුතු සඳහාත් ඩොලර් බිලියන 800 ක් වැය කල නමුත්, එම තොග වෙලඳ පොල කඩා වැටීම නවත්වා ගැනීමට චීන රජයට නොහැකි විය. මෙය චීනයේ බොහෝ ජනතාවන්ට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූවාක් වැනි විය. මෙය වඩාත්ම බලපෑවේ මිලියන් හැටකටත් වඩා වැඩි කුඩා පරිමාණයේ වෙලඳුන්ටය. පසුගිය වසරක කාලයක් තුල තොග වෙලඳ පොලට එක්වන ලෙස ඔවුනට බලකර තියා තිබුණි. මගේ පියාට ඔහු ඉතිරි කරගත් දෙයින් සියයට අනුවක්ම අහිමි විය. මෙසේ පවසන්නේ චීනයේ (CWI) සංවිධානයේ සාමාජිකයෙකු වන යූය. (CWI) යනු චීනයේ ඊනියා කොමියුනිස්ට් නිලධරය විසින් තහනම් කර ඇති සමාජවාදී පඏයේ සොයුරි සංවිධානයයි.* මගේ පියාත් ඔහුගේ සහායකයනුත් මෝටර් රථ කොටස් කර්මාන්ත ශාලාවක සේවය කරනවා. මෙම වසරේ මාර්තු මාසයේදී ඔවුන් කොටස් මිලදී ගැනීමට තීරණය කළා. යූ පවසයි. චීනයේ හැම කෙනෙක්ම කොටස් වෙලඳ පොල ගැන කථා කරනවා. රජය විසින් පාලනය කරනු ලබන මාධ්‍ය මගින් කොටස් මිල දී ගැනීමට සාමාන්‍ය ජනතාව පොලඹවනු ලැබුවා. coque iphone pas cher තොග වෙලඳ පොල (SCI ; Shanghai Composite Index) 10000 අගය දක්වා වැඩි වන බවට ඔවුන් අනාවැකි පල කලා. මගේ පියාත් ඔහුගේ සහායක පිරිසත්, මේ වන විට විශාල ලෙස පාඩු ලබා තිබෙනවා. චීන රජය විශ්වාස කිරීමට තමා මෝඩ වූ බව දැන් ඔවුන් සිතනවා. බලහත්කාරී රාජ්‍ය වෙලඳපොල ඇත්ත වශයෙන්ම 2014 ජූලි සිට 2015 ජුනි 12 දක්වා (SCI) අගය 2000 සිට 5200 දක්වා වැඩි වුනා. ( එය සියයට 150% වැඩි වීමකි.* නමුත් දැන් එම අගය 3500 දක්වා පහතට වැටී ඇත. ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ රජය විසින් හසුරුවන ලද බලහත්කාරී වෙලඳ පොලක් නැතිනම් මුල්‍යමය උත්පාතයක් නිර්මාණය වී තිබීමයි. එසේ වූයේ උමතුවෙන් මෙන් ක‍්‍රියාකල මාධ්‍ය ව්‍යාපාර මගින් පමණක් නොවේ. ණය ලබා ගැනීමද තුලිනි. එය හඳුන්වනු ලබන්නේ රාජ්‍ය බලහත්කාරී පිම්ම නැතිනම් සී ජින් පිංග් ගේ, හෙවත් චීන ජනාධිපතිගේ බුල් මාර්කට් යනුවෙනි. මෙසේ වෙලඳ පොල කඩා වැටීම චීන කොමියුනිස්ට් පඏයේ ආඥාදායකයින්ට මහත් ව්‍යසනයක් වෙයි. එමගින්, චීනයේ රාජ්‍ය මාධ්‍ය එ්කාධිකාරිත්වය තුලින් හෝ සම්පූර්ණයෙන්ම වසා ගත නොහැකි තරමට ප‍්‍රතිපත්ති අක‍්‍රමික වීමට හා වැරදි පියවර ගැනීමට සිදු වී තිබේ. යූගේ පියා ගෙන හැර පාන අයුරින්, මේ හේතුවෙන් අනියම් දේශපාලන ඵල විපාකවලටද චීනයට තුඩු දිය හැකි බවයි. රජය විසින් තොග වෙලඳ පොල බුබුල ප‍්‍රසාරණය කිරීමට එක් හේතුවක් වූයේ නාගරික මධ්‍යම පාන්තික ජනතාව හා කම්කරු පන්තියේ තරමක් ධනවත් පිරිස උත්තේජනය කර එ්කාධිපති ක‍්‍රමයට සහාය දීම සදහා එම පිරිස් ඇද බැඳ තබා ගැනීමයි. එමෙන්ම, වසර 25ක් වන කාලය තුල ඉතාම අඩු මට්ටමේ වර්ධන වේගයක් වාර්තා කරමින් හීන වන ආර්ථිකයට සහායක් වන ලෙස පාරිභෝගික වියදම් නැතිනම් මිල දී ගැනීම් නංවාලීමය. චීනයේ රුසියානු පුටින් මෙවැනි වර්ධනයන්ට බිය වීමට චීන කොමියුනිස්ට් පඏ රජයට බොහෝ හේතු කාරණා ඇත. ඔවුහු තම බලය දිගටම පවත්වා ගන්නේ අධිවේගයෙන් සිදුවන ආර්ථික වර්ධනය හා රාජ්‍ය මර්දනය එ්කාබද්ධ කර ගැනීම තුලිනි. 2012 වසර පසු භාගයේදී සී-ජින්-පිංග් බලයට පත්වූවාට පසුව, අත්අඩංගුවට ගැනීම්, තොරතුරු වාරණය කිරීම් හා අති නවීන තාඏණික ආවේඏණය වැනි කරුණු වඩාත් වධ”නය විය. එ් සමගම ජාතිවාදය වධ”නය කරමින්, ගෝලීය කරලියේ සී ඉතා ශක්තිමත් පුද්ගලයෙකු බවට හුවා දක්වනු ලැබිණි. රුසියාවේ විලැඞ්මීර් පුටින් යම් තරමකට අනුකරණය කරමින් සී තව තවත් බලය තමා වෙතටම එ්කරාශී කර ගැනීමට පියවර ගත්තේය. යුද හමුදාව, පොලීසිය, පඏයේ රාජ්‍ය යාන්ත‍්‍රණය පමණක් නොව, සාමාන්‍යයෙන් ජනාධිපති කාර්්‍යයභාරයට යටත් නොවන ආර්ථික ප‍්‍රතිපත්ති පවා තම අණසකට යටත් කර ගැනීමට ඔහු කටයුතු කළේය. මෙම අරමුණ සාඏාත් කර ගත්තේ දුෂකයින් පන්නා දැමීමේ මායාවක් යටතේ දශක ගණනාවක් පුරා ඉතාමත් දැඩි, තිව‍්‍ර ප‍්‍රභූ මට්ටමේ අය වෙත බලය තහවුරු කර ගැනීමේ බල අරගලයක් දියත් කිරීම තුලිනි. චීන ජනාධිපති සී ජින්ගේ පවුලේ වටිනාකම ඩොලර් මිලියන 376 ක් වාර්තාවේ. මෙය බි‍්‍රතාන්‍යයේ ඉතාමත් ධනවත් කැබිනට් සාමාජිකයෙකුගේ වත්කම මෙන් තුන්ගුණයකි. සී ජින් චීනයේ නැගී එන කුමාරවරුන්ගේ නියෝජිතයෙකි. නැගී එන කුමාරවරුන් යනු එහි කොමියුනිස්ට් පඏයේ පැරණි ප‍්‍රවීණයන්ගේ වර්තමාන ¥ දරු පරම්පරාවය. පසුගිය දශක දෙකක කාලයක් තුල ඔවුහු ආර්ථිකයේ ප‍්‍රමුඛ ෙඏත‍්‍රයන්හි තම බලය පතුරවමින් කොමියුනිස්ට් නාමයෙන් දැවැන්ත ධන සම්භාරයක් අත්පත් කරගෙන සිටිති. coque iphone occasion සී ජින්ගේ ක‍්‍රමවේදය වන්නේ චීන කොමියුනිස්ට් පඏයේ එ්කාධිපති සංවිධාන හා යාන්ත‍්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීමත් එ් සමගම කුමාරවරුන්ගේ ආර්ථික බලය තවදුරටත් සාමාන්‍ය දෙයක් ලෙස පැල පදියම් වන අයුරින් වඩා නව – ලිබරල්වාදී ධනවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමත්ය. coque huawei soldes එසේ වුවද, පෙර සිට පැවති සාමුහික එ්කාධිපතිත්වය ආකෘතියෙන් සි ක‍්‍රමයෙන් ඉවත් වීම තුලින් තද බල ගැටළු ඇති වීමට හා වරද්දා ගැනීමට ඉඩ ඇත. coque samsung s8 එවිට මෑතදී ඇති වූ තොග වෙලඳපොල කඩා වැටීම වැනි සෑම පසුබෑමකටම සී හට පෞද්ගලිකව වගකියන්නට සිදු වනු ඇත. චීන ජනාධිපති සී ජින් පිංග්ගේ ප‍්‍රතිපත්ති ඔහුගේ රටාව පිලිබඳ ප‍්‍රශ්නයක් නොවේ. එහෙත් එය චීන රජය තුල ඇතිවන හා අනුක‍්‍රමයෙන් ගැඹුරු වන අර්බුදයන්, විප්ලවයකට අර අඳින යම් පෙර ගැටුම් නිර්මාණය කිරීමක් වනු ඇත.

2297323 10/07/2013 President of the People's Republic of China (PRC) Xi Jinping during talks with Russian President Vladimir Putin held as part of the summit of heads of state and government of Asia-Pacific Economic Cooperation (APEC) on the Indonesian island of Bali, October 7, 2013. / Photo Credit: Ria Novosti/Camera Press/Redux
2297323 10/07/2013 President of the People’s Republic of China (PRC) Xi Jinping during talks with Russian President Vladimir Putin held as part of the summit of heads of state and government of Asia-Pacific Economic Cooperation (APEC) on the Indonesian island of Bali, October 7, 2013. / Photo Credit: Ria Novosti/Camera Press/Redux
පසුගිය මාස 12 තුල බොහෝ දුරට කර්මාන්ත ශාලා වසා දැමීම නිසා කම්කරුවන්ට නොගෙවන ලද වැටුප් ලබා ගැනීම සඳහාත්, වන්දි ලබා ගැනීම සඳහාත්, වැඩ කරන ජනතාව සහභාගී වන වැඩ වර්ජන සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහල ගොස් ඇත. විශේෂයෙන්ම දකුණු චීනයේ නිෂ්පාදන ෙඏ්ත‍්‍රයේ ඉතා වැදගත් කේන්ද්‍රීය ප‍්‍රදේශය ලෙස සැලකෙන ගුවාංග්ඩොංග් හි, කම්කරු අරගල චීන නිලධරයේ දැඩි මර්ධනය නොතකා ව්‍යුහාත්මක හා සංවිධානාත්මක වී ඇත. මේ හේතුවෙන් සමහර කාර්මික අරගල වැඩි කාලයක් පුරා දිස් වී ඇත. එමෙන්ම හාම්පුතුන් හෝ අධිකාරින් සිය පොරොන්දු කඩ කල විට යලි සේවය ආරම්භ කිරීමට බොහෝ සෙයින් පමා කොට ඇත. පසුගිය වසරේ හොංකොංහි පැවති කුඩ විප්ලවය ලෙස හැදින්වුනු ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරය හේතුවෙන් චීන රජයේ භීතියද වඩාත් තීව‍්‍ර වී ඇත. මෙම කුඩ විප්ලවයට විවිධ අවස්ථාවලදී මිලියන 1.2 පමණ ජනතාව සහභාගී වී ඇත. ( එනම් නගරයේ ජනගහණයෙන් හයෙන් එකක් පමණ වේ. ) එවැනිම වූ මහා ජනතා විරෝධතාවන්ට මුහුණ දීමට තායිවානයටද සිදුවිය. චීනය තායිවානය ගැන සලකන්නේ තමාගේ දේශ සීමාවට අයත් ප‍්‍රදේශයක් ලෙසය. මැකෝ දිවයිනේද එවැනිම විරෝධතා ඇති විය. චීන ජනාධිපති සී ජින් පිංග්ගේ රාජධානියේ දේශසීමා මායිම් අද්දරින්ම ඇති වූ මෙම කැලඹීම් ඊලඟ කාල පරිච්ෙඡ්දය තුල චීනය අභ්‍යන්තරයේද සිදු විය හැකි දේ පිලිබඳ යම් පූර්ව අත්දැකීමක් ලබා දීමට බොහෝ ඉඩ ඇති බව නිසැකය. චීනයේ පවතින ඊනියා කොමියුනිස්ට් පාලනය ගැන වර්ණනාවෙන් කථා කරන අප රටේ ජනතා විමුක්ති පෙරමුණ වැනි සංවිධාන චීන නිලධරයේ පිරිහීම ගැන වචනයක් හෝ කථා නොකරති. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ඔවුන්ගේ ප‍්‍රකාශණය පෙන්වන්නේ චීන පාලකයින් මෙන්ම ඔවුන්ද සමාජවාදයෙන් කෙතරම් දුරට දුරස්ත වී ඇද්ද යන්නය.

Related Posts

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
“ AI Bot” තාක්‍ෂණය  නිවැරදිව හඳුනා ගනිමු
Articles

“ AI Bot” තාක්‍ෂණය නිවැරදිව හඳුනා ගනිමු

ඔබ “අනුෂ්කි” සහ “කණුෂ්කි” දෙදෙන ගැන දන්නවාද? මා දැන ගත්තේ පසුගිය දිනෙක, නොවැම්බර 18 වැනි දිනක, ඔවුන් දෙදෙන කොළඹ...

by Taniya
December 11, 2024
මහාචාර්ය කුමාර් ඩේවිඩ්  	1941 – 2024
Articles

මහාචාර්ය කුමාර් ඩේවිඩ් 1941 – 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතුවල බොහෝ කාලයක් නිරතව සිටි, අවසන් කාලයේ එක්සත් රාජධානියේ සහ හොංකොං හි විදුලි ඉංජිනේරුවන්ගේ...

by Taniya
December 4, 2024
ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා
Articles

ලින් වොල්ෂ් (Lynn Walsh) මාක්ස්වාදී චින්තකයා

කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවේ හා බි්‍රතාන්‍ය හා වේල්සයේ සමාජවාදී පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ලින් වොල්ෂ් සහෝදරයා පසුගිය නොවැම්බර් 15...

by Taniya
December 4, 2024
Next Post
අලූත් වටයකින් ඉස්මතු වන ජාතික ප‍්‍රශ්නය

අලූත් වටයකින් ඉස්මතු වන ජාතික ප‍්‍රශ්නය

Lanka Socialists

එක්සත් සමාජවාදී පක්ශය හා "රතු තරුව" පුවත්පත ලාකේය සමාජවාදීන් වෙතට සිංහල භාශාවෙන් ගෙනෙන දේශීය හා ගෝලීය සමාජවාදී විග්‍රහය | නිර්ධන පාංතික ජනයාගේ විප්ලවය වෙනුවෙන් අප අතර අවබෝධය වඩ වඩාත් තීව්‍ර කිරීමට අප lankasocialist.net වෙබ් අඩවිය කැපවී සිටියි.

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.