• #1387 (no title)
  • 2024 நாடாளுமன்றத் தேர்தல்
  • About Us
  • Articales
  • Articles
    • දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය
  • Contact USP
  • Donate
  • Join Us
  • May Day
  • MayDay
  • MAYDAY 1
  • MAYDAY 1
  • New Menu 1
  • Ratutaruwa
  • Ratutaruwa artical
  • Ratutharuwa
    • ratutaruwa
  • Ratutharuwa
  • Sri Lanka:Tremendous success of book launch in Jaffna
  • Tamil
  • The Left
  • this year
  • USP MAYDAY
    • MAY DAY 2017
  • උතුරේ මහ ඇමති විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් “එලුංග තමිල්” නම්න් පැවති උද්ඝෝෂණය කෙරෙහි උද්ගතව ඇති තත්වය ගැන එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සංවිධානය, අක්ෂය සාමූහිකය එක්ව පවත්වන ලද පුවත් පත් සාකච්ජාව
  • ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ
Lanka Socialists
No Result
View All Result
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

ජවිපෙ නව ගමනෙහි අවසාන ඛේදවාචකය

dhammika by dhammika
May 30, 2018
in Articles
0
ජවිපෙ නව ගමනෙහි අවසාන ඛේදවාචකය

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සතියේ gala උත්සවයක් පැවැත්විය. ඨ්ක් යන ඉංග‍්‍රිසි වදනට ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝශයේ දී ඇති එක අර්ථයක් වනනේ උත්සවාකාර ගොනුවීමක් මුලූදීමක් යන්නයි. සුගතදාස ක‍්‍රිඩාංගනයේ පැවති මෙම gala උත්සවය නම් කොට තිබුණේ විශේෂ සමුලූව නමිනි. එසේ වුවද දේශපාලන පඏ විසින් සමුලූ නැතහොත් සම්මේලන යනුවෙන් හදුන්වන කිසිදු ලඏණයක් මේ විශේෂ සමුලූවෙහි නොවෙති අනුර කුමාර ටිල්වින් සිල්වා වැනි ජවිපෙ නායකයන් ඇඳ පැළැඳ සිටි ආකාරය ශාලාව සරසා තිබු ආකාරය අනුව එය සහ මුලින්ම gala උත්සවයක් විය. මෙවර මැතිවරණයට මුහුණ දීම සඳහා ජවිපෙ තේමාවන් දෙකක් යොදා ගෙන ඇත. දේශයේ හෘදය සාඏිය ඉන් ප‍්‍රධාන තේමාවයි. රටේ හෘද සාඏිය තමන් බව ඔවුන්ගේ අදහසයි. මෙය හුදෙක්ම ¥ෂණයට වංචාවට අල්ලසට එරෙහිව ජනයා තුළ පවත්නා විරෝධය ගසා කෑම සඳහා යොදා ගත් මාවතක් පමණිග ඔවුන් පෙන්නුම් කරන්නේ රටේ අනෙකුත් සියලූ (ප‍්‍රධාන* දේශපාලන පඏ දුෂණයෙන් වංචාවෙන් කිලිටි වී ඇති අතර එකම නොකැළැල් පඏය තමන් බවය අනෙත් සියලූ දෙනා කලූය තමන් විතරක් සුදුය යන සරල සමීකරණයක් ජනතාවට එ්ත්තු ගැන්වීමට ජවිපෙ උත්සාහ දරන බව පෙනේ. මහින්ද රාජපඏගේ අතිශය දුෂිත දසවසරක පාලනයකින් පසු යහපාලනයක් ගොඩනගන බවට පොරොන්දු වී බලයට පැමිණි මෛත‍්‍රී – රනිල් පාලනයටද ¥ෂණ චෝදනා (මහබැංකු බැඳුම්කර සිද්ධිය ඇතුලූව* එල්ල වන පරිසරයක් තුළ එකම පිරිසිදු දේශපාලන පඏය තමන් බවට ජවිපෙ නගන මහා ඝෝෂාවට ජනයා තුළ යම් අනුකූලතාවක් ලබාගැනීම අනුර කුමාරගේ ඉලක්කයවී තිබේ. ඇතැම් පෞද්ගලික විද්‍යුත් නාලිකාවල විශේෂ අනුග‍්‍රහය ඇතිව පසුගිය කාලය පුරා ඔවුන් නැගූ මේ අඩහැරය මීට මා කීපයකට පෙර හීන වෙමින් පැවතිනි. ජවිපෙ නායකත්වය මෛත‍්‍රි – රනිල් ආණ්ඩුවේ ඉහළම ව්‍යුහය වු ජාතික විධායක සභාවේ නිත්‍ය සාමාජිකත්වය වෙනවාට අමතරව අනුර කුමාර දිසානායක එහි මාධ්‍ය ප‍්‍රකාශක බවටද පත්විය. පෙබරවාරි මස අවසාන දින කීපයේ සිදුවු මහ බැංකු බැඳුම්කර කොල්ලය ගැන අනුර කුමාර මෙම විධායක සභාවේදී කෙඳිරියක් හෝ නැගූ බවත් වාර්තා නොවීය. එකී විධායක සභාව කාලය ඇවෑමෙන් ඉබේ විසිරෙන තුරුම එහි එල්ලී සිටි අනුර කුමාර පහුගිය මාස දෙකක පමණ කාලයේ සිට එකී වංචාව ගැනත් බෙරිහන් දීමට පටන් ගත්තේ මෛත‍්‍රී – රනිල් පාලනයට කිහිලි කරුවක් වෙමින් ජවිපෙ ගෙන ගිය ද්‍රෝහී කි‍්‍රයා කලාපය හමුවේ ජවිපෙ නායකත්වය නිරුවත් වන තත්වයක් උද්ගත වෙමින් පැවති බව පෙනී යාම නිසාය. coque samsung a8 2018 personnalisé රාජපඏ පවුල ඇතැම් රෙජිමයේ දුෂණ වංචා තවදුරටත් හෙළිදරවු වීමත් එ්වා ගැන ක‍්‍රියා කිරීමේදී වත්මන් ආණ්ඩුව දැක්වු උකටලී බවත් නිසා ජවිපෙට නැවත වරක් තමන් වෙතින් ගිලිහී යමින් තිබු ¥ෂණ විරෝධී තුරුම්පුව අතට ගැනීමට දගලනු පෙනේ. රට වෙනුවෙන් නව ගමනක් යනු ජවිපෙ හි අනෙක් මැතිවරණ තේමාවයි. එය නම් බොහෝ දුරට ජවිපෙහි වත්මන් නායකත්වයේ ක‍්‍රියාකලාපයට ගැලපෙන්නකි. අනුර කුමාර දිසානායක තීරණාත්මක ලෙස ජවිපෙහි පරණ හම ගලවා දමමින් සිටී. මෙය එක්තරා අයුරකින් චීනයේ මා ඕ සේතුංගේ මරණයෙන් පසු ඩෙංෂියා ඕපින්ගේ නායකත්වයෙන් කොමියුනිස්ට් පඏය තුළ සිදු කරන ලද විපරිවර්තනයට සමානය. එහිදී කොමියුනිස්ට් පඏ නාමය සහ නිලධාරීවාදී ව්‍යුහය එලෙසම පවත්වා ගනිමින් පඏයේ වැඩ පිළිවෙල මුලූමනින්ම පාහේ ධනේශ්වර වැඩ පිළිවෙලක් බවට පත් කරන ලදී. coque iphone pas cher ඩෙං එදා කොමියුනිස්ට් පkshය ධනේශ්වරීකරණය හැඳින්වූයේ නව දැක්මයනුවෙනි. අනුර කුමාර ධනේශ්වරීකරණය හැඳින්වුයේ අපේ දැක්ම යනුවෙනි. coque huawei ජවිපෙහි මේ රට වෙනුවෙන් යන නව ගමන එකී අපේ දැක්මෙහිම දිගුවකි. samsung coque වාමාංශික නැඹුරුවක් සහිත කම්කරු පන්ති පඏයක් ලෙස පැවති බ‍්‍රිතාන්‍ය ලේබර් පඏය ටෝනි බ්ලෙයාර්ගේ නායකත්වය යටතේ ධනපතියන්ට සහ හාම්පුතුන්ට ගැලපෙන පරිදි ධනේශ්වරීකරණය කරන ලද පරිද්දෙන්ම අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණද සිංහල ගැමි – ගොවි සුලූ ධනේශ්වර පඏයකින් එහාට ගොස් නාගරික මධ්‍යම පන්තියට සහ ඉහළ ධනේශ්වරයට පිලිගත හැකි විස්වසනීය සංවිධිතයක් බවට පත් වී තිබේ. වැඩ වසම්වාදයේ ජීවමාන සංකේත වන බෞද්ධ භිඏුන් (සහ අනෙකුත් පූජකවරුන්* ට දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටුනු අනුර කුමාර ටිල්වින් ඇතුලූ ජවිපෙ නායකයන් සංකේතාත්මකව පෙන්නුම් කළේ අප රට සමාජයේ පවත්නා පසුගාමීත්වය කඩා බිඳ ගෙන ඉදිරියට යාමට ජවිපෙ සුද ානම් නැති බවයි. මේ පසුගාමී ධනේශ්වර සමාජයේ පවත්නා කිසිදු සාම්ප‍්‍රද ායික සමාජ සංස්ථාවකට අභියෝග කිරීමට ජවිපෙ ඉදිරිපත් නොවෙයි. ඔවුන් පවත්නා වැඩවසම් ගති පැවතුම් රැුකගෙන නව ගමනක් යන්නට උත්සුක වන බවක් මිසක් රට වෙනස් කරන නව ගමනක් යන්නට සුදානම් නැත. එ් අනුව ආගම ඇතුලූ පවත්නා සමාජ සංස්ථා ගාතානුගතික හර පද්ධතීන් සහ ස්ථාපිත ව්‍යුහයන් එලෙසම රැුක ගැනීමට ජවිපෙහි කැපවීම පෙන්නුම් කර තිබේ. අනුර කුමාර දිසානායක එදින ශාලාව දෙදරන හඩින් පොරොන්දු මාලාවක් දුන්නේය. පවුල් ගත වන හැම පවුලකටම නිවසක් ලබා දීම සහතික කරනවා. අධ්‍යාපනයේ සෞඛ්‍යයේ වගකීම රජය භාර ගන්නවා හැම තරුණයෙකුටම රැුකියාවක් ලබා දෙනවා කරනවා දෙනවා ආදී වශයෙන් ඔහු කළේද මහින්ද රනිල් මෙන් හිස් මැතිවරණ පොරොන්දු මාලාවක් කියාපෑම පමණි. එහෙත් ප‍්‍රශ්නය වන්නේ මේ පොරොන්දු ඉටු කිරීම සඳහා යොදා ගන්නා සංවර්ධන මාදිලිය නැතහොත් ක‍්‍රමවේදය කුමක්ද යන්නයි. තොල් විදහාගෙන දහසක් පොරොන්දු දුන් අනුර කුමාර දිසානායක මේ තීරණාත්මක කරුණ ගැන වචනයක හෝ නොකීමට පරිස්සම් විය. බැංකු රඏණය සහ වෙනත් බැර කර්මාන්ත ඇතුලූ රටේ ආර්ථිකය ග‍්‍රහණයට ගෙන සිටින මුදුන් මුල් එලෙසම හිටින්නට ඉඩ හරිනවාද ? නොඑසේ නම් ප‍්‍රජාතන්ත‍්‍රීය කම්කරු පාලනයක යටතේ එ්වා ජනසතු කරනවාද? ජවිපෙ නායකයන් පුන පුනා කියන විදේශීය ණය එ් අයුරින්ම ගෙවනවාද? ග‍්‍රීසියේ වත්මන් සිරිසා රජය කළ අයුරින්ම ලෝක ධනපති පන්තිය ඉදිරියේ යටත් වෙනවාද? නැතහොත් ජනතාවගේ හැබෑ බලයක් මත දෙපය තබා එ් ණය ගෙවීම ප‍්‍රතිෙඏ්ප කරනවාද? ඉතාම සරල ප‍්‍රශ්නය නම් ජවිපෙ පවත්නා ධනවාදී සංවර්ධන මොඩලය එලෙසම අනුගමනය කරනවාද නැද්ද යන්නයි. මේ සියල්ලටත් වඩා ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ අපේ රටේ පවතින තීරණාත්මක ප‍්‍රශ්නය වන දෙමළ ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා ජවිපෙ අනුගමනය කරන ක‍්‍රියා මාර්ගය කුමක්ද යන්නයි. ධනපති රාජ්‍ය තන්ත‍්‍රය වෙතින් අරගල – සටන් හරහා දෙමළ ජනයා දැනට ලබා ගෙන ඇති සීමිති බලය බෙදීමවත් නොපිළිගන්නා ජනතා විමුක්ති පෙරමුණ යල් පැන ගිය එකීය රාජ්‍ය රාමුව බිඳ දමන්නට ලෑස්තිද නැද්ද? දෙමළ ජනයා ජාතියක වශයෙන් පිළිගෙන ඔවුන් සමග සමාන ලෙස රාජ්‍ය බලය බෙදා හදා ගැනීමට එකඟද නැද්ද? දේශයේ හෘද සාඏිය මේවා ගැන ගොලූ වත රකී. විජේවීරගේ පරණ ප‍්‍රකාශ උපුටා දක්වා අද පවතින ඇත්ත ප‍්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකිය. මේ අතිශය සංවේදී ප‍්‍රශ්නයට විස`ඳුම් නොමැතිව ජවිපෙ නව ගමන නවතින්නේ වල පල්ලෙන් බව කිව යුතුය. ජනතා විමුක්ති පෙරමුණ මැයි දිනය සමරන්නේ රතු මැයි රැුලිය වශයෙනි. මාක්ස්, එංගල්ස්, ලෙනින්ගේ ලොකු පින්තූර ගසා ඔවුන් කියන්නේ තමන් සමාජවාදී පඏයක් බවය. එහෙත් මේ ගාලා සමුලූවේදී අනුර කුමාර සමාජවාදය ගැන වචනයක් හෝ සඳහන් කළේ නැත. ජරාජීර්ණව ඔද්දල් වී ගඳ ගහන ධනවාදය පෙරළා දමා සමාජවාදී සමාජයක් ගොඩ නැගීමෙන් තොරව අපේ රටේ ජනයා පෙළන ප‍්‍රශ්න වලට විසඳුම් නැති බව වඩ වඩාත් තහවුරු වෙමින් තිබියදී ජවිපෙ නායකත්වය වඩ වඩාත් ධනවාදය වැළැඳ ගනිමින් දඏිණාංශයට බර වෙමින් සිටී. මේ නායකත්වයට අවශ්‍යව ඇත්තේ ඉහළ ධනපති පන්තිය ඇතුලූ සමාජයේ උපරි ව්‍යුහයට අනුගත විය හැකි පරිදි පඏය නිර්මාණය කිරීමටය. සමුලූව පවත්වා සතියක් යන්නටත් පෙර අනුර කුමාර තම හෘද සාඏිය රැුගෙන මල්වතු – අස්ගිරි මහානායකවරුන් හමුවේ වැඳ වැටුනේ එහෙයිනි. පවතින සමාජ ක‍්‍රමය පුපුරුවා හරින විප්ලවවාදී පඏයක් බවට හඟවමින් පෙරට ආ ජවිපෙ අද පවතින ක‍්‍රමයට අනුගත වන්නේ සීඝ‍්‍රතාවකිනි. කම්කරු පන්තිය ඇතුලූ පීඩිත ජනයා ධනපති පන්තියට පාවා දීමේ දේශපාලන පාප කර්මය හැර පැරණි සමසමාජ කොමියුනිස්ට් නායකයින් වත්මන් ජවිපෙ නායකයන් තරම් පිරිහුනේ නැත. ජවිපෙ එ්කායන අරමුණ කුමක් තරම් හොඳ මහත්වරුන් තවත් නැති බව පෙන්නුම් කිරීමය. සමසමාජ – කොමියුනිස්ට් නායකයන් මෙන් ටයි කෝට් නොඇන්දද ජවිපෙ පාර්ලිමේන්තුවාදයට අද මුලූමනින්ම යට වී ඇත. පාර්ලිමේන්තුවෙන් පීඩිත ජනතා අරගලයක් ගැන කතා කරන්නේවත් නැත. ක‍්‍රමය වෙනස් කිරීම සඳහා සන්නද්ධ අරගල මාවත ප‍්‍රතිෙඏ්ප කළ අනුර කුමාර ටියුනීසියාවේ ඊජිප්තුවේ, ඉරානයේ, පිලිපීනයේ මෙන් පැන නැගෙන ජනතා අරගලයක් ගොඩනැගීමටද කිසිදු එකඟතාවයක් නැති බව පැහැදිලිය. මේ තත්වය තුල ඉදිරි කාලය තුළදී ජවිපෙ දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇත. යුක්තිය සාධාරණය රජයන අලූත් දේශයක් ගොඩ නැගීම ගැන බලාපොරොත්තු සහගතව සිටින පීඩිත තරුණ තරුණියෝ විශාල පිරිසක් තවමත් ජවිපෙ සමග සිටී. 1971, 1987 – 89 කැරලි වලින් ඔවුහු ආස්වාදයක් ලබති. එම ක‍්‍රියාමාර්ග නිරර්ථවන සහ ජනතා ව්‍යාපාරය ගොඩ නැගීමට අවාසි සහගත වුවද ජවිපෙ ඉදිරියටත් එ් වෙනුවෙන් පෙනී සිටිහු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. එසේ වුවද වත්මන් ජවිපෙ නායකත්වය එම තරුණ පිරිස් ඉතා ඉක්මනින්ම පාවා දෙනු ඇත. මෙහි අවදානම් පැත්ත වනුයේ ප‍්‍රායෝගික තලයේ ක‍්‍රියාත්මක කිරීම දුෂ්කර වුවද ඇතැම් තරුණ පිරිසක් නැවත විජේවීර සොයා යාමට යොමු විය හැකි වීමයි. එ් ඔස්සේ නැවත වරක් දරුණු සංහාරයක් රට තුළ ඇති විය හැකිය. අනෙක් අතට තරුණයන් දේශපාලන ව්‍යාපාර සහ ක‍්‍රියාකාරකම් දෙස අවඥාවෙන් බලා සටන් ව්‍යාපාරයන් මුලූමනින්ම පාහේ පිළිකුල් කරන තත්වයක්ද උද්ගත විය හැකිය. මේ තත්වයට මුහුණ දීම කළ හැක්කේ මේ දුෂිත සමාජ ක‍්‍රමය මුලින්ම පෙරළා දමා පන්ති සුරා කෑම දුරුකිරීම වෙනුවෙන් පෙනී සිටින කම්කරු පංති නායකත්වයේ විප්ලවකාරී වමේ බලවේගයක් ගොඩ නැගීමෙන් පමණි. එ් සඳහා ජාත්‍යන්තර ඉදිරි දැක්මක් අවශ්‍යය. ජවිපෙයට ජාත්‍යන්තර දැකමක් නැත. එක්සත් සමාජවාදී පඏය එ් අරමුණ වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින අතර සමාජවාදය උදෙසා පීඩිත ජනයාගේ අරගලයක් නිර්මාණය කිරීමට කැප වී සිටි. දකුණේ මෙන්ම උතුරේත්, නැගෙනහිරත්, වතුකරයේත් පීඩිත ජනයා මේ වෙනුවෙන් ගොනු කර ගැනීම අපගේ වත්මන් අභියෝගය වන්නේය.

Previous Post

World relations, economy and the class struggle

Next Post

Kshama Sawant re-elected – Seattle’s political revolution continues

Next Post
Kshama Sawant re-elected – Seattle’s political revolution continues

Kshama Sawant re-elected - Seattle’s political revolution continues

Categories

  • Activities
  • Articles
  • Books
  • From the Press
  • Local
  • Other
  • Persepectives
  • Ratutharuwa
  • Upcoming Events
  • USP Statements
  • Video/Audia
  • World News
  • අවනඩුව

Archives

  • February 2025
  • December 2024
  • November 2024
  • October 2024
  • September 2024
  • August 2024
  • July 2024
  • May 2024
  • April 2024
  • March 2024
  • February 2024
  • November 2023
  • October 2023
  • September 2023
  • August 2023
  • July 2023
  • June 2023
  • May 2023
  • April 2023
  • March 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • October 2022
  • September 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • April 2022
  • February 2022
  • December 2021
  • November 2021
  • April 2021
  • February 2021
  • January 2021
  • December 2020
  • April 2019
  • March 2019
  • February 2019
  • January 2019
  • December 2018
  • November 2018
  • October 2018
  • September 2018
  • August 2018
  • July 2018
  • June 2018
  • May 2018
  • March 2018
  • February 2018
  • January 2018
  • December 2017
  • November 2017
  • October 2017
  • September 2017
  • August 2017
  • June 2017
  • May 2017
  • March 2017
  • February 2017
  • January 2017
  • November 2016
  • October 2016
  • September 2016
  • August 2016
  • July 2016
  • June 2016
  • May 2016
  • April 2016
  • March 2016
  • February 2016
  • January 2016
  • December 2015
  • November 2015
  • October 2015
  • September 2015
  • August 2015
  • July 2015
  • June 2015
  • May 2015
May 2015
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031
    Jun »

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2025 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.