MAY DAY 2017

අභිමානවත් සමාජවාදී මැයි දිනය
පෙළපාලිය හා රැලිය

3එක්සත් සමාජවාදී පක්ෂය හා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක්ව ගෝලීය ධනවාදයට හා ජාතිවාදයට එරෙහිව සමාජවාදී අනාගතයක් යන තේමාව උද්දීපනය කරමින් පැවැත්වූ සමාජවාදී මැයි දින පෙළපාලිය ඔරුගොඩවත්ත ගුවන් පාලම අසලින් ආරම්භ කර අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත හංදිය, ස්ටේස් පාර හරහා පැමිණ සවස 4.00ට ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේදී මැයි රැලිය පැවැත්විය.
IMGP8061

එක්සත් සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද විශිෂ්ඨතම මැයි දිනයක් ලෙස මෙවර පැවැත්වූ පෙළපාලිය හා රැලිය සඳහන් කළ යුතුය. මැයි දින රැලිය අමතා පක්ෂයේ සභාපති ජාතික සංවිධායක ශ්‍රීනාත් පෙරේරා, යාපනය දිස්ත්‍රික් කමිටු සාමාජක එස්. කන්දසාමි, ශිෂ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් තිලිණ පිටවල, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය සංවධායක මුරුගේසු චන්දිරන්, පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධම්මිකා ද සිල්වා, මධ්‍යම කාරක සභික මංජුල පතිරාජ හා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය යන සහෝදර සහෝදරියන් කථා පවත්වන ලදී.