lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

වතු කම්කරුවන්ට ඇඩ්‍රස් නැත – ධනුෂ්ක සිල්වා

Taniya by Taniya
May 30, 2023
in Articles, Ratutharuwa
0
වතු කම්කරුවන්ට  ඇඩ්‍රස් නැත – ධනුෂ්ක සිල්වා
Share on FacebookShare on Twitter

කඳුකර දෙමළ වතු කම්කරු ජනයා මෙරටට පැමිණි මේ වසරට අවුරුදු 200කි. වතු කම්කරුවෝ ලංකාවේ තේ කර්මාන්තය හා වෙනත් කර්මාන්ත දියුණුව වෙනුවෙන් මෙරටට ආනයනය කළ ශ්‍රමික පිරිසකි. පසු ගිය මාර්තු 22 වෙනිදා ඔවුන් ශ්‍රම මෙහෙය සදහා මෙරටට ගෙන ඒමේ 200 වැනි සංවත්සරය වතු පාලකයින් විසින් උත්සවාකාරයෙන් පැවැත්විණි. ඒ උත්සව සංවිධායකයින් අපූරු තරගයක් සංවිධානය කර තිබුණි. ඒ විනාඩි කිහිපයක් තුළ වැඩිපුරම තේ දළු නෙලන කම්කරු කත සෙවීමයි. තෝරාගත් තැනැත්තියට රුපියල් ලක්ෂයක මුදලක් ද ප්‍රදානය කර තිබිණි. මේ තරගය හා අදාළ දිනය මෙම ලේඛකයාට පෙනෙන්නේ අටෝරාශියක ප්‍රශ්න ගණනාවකින් ශතවර්ශ දෙකක් පීඩාවිදින ජන කොටසක ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට පාර කපා ගැනීමට හැකිව තිබූ දිනයක් යළි වතාවක් සුපුරුදු වහල් මෙහෙය කල්පවත්වාගැනීමට යොදාගත් උත්ප්‍රාසාත්මක අංගයක් හා තවත් දිනයක් ලෙසය.
එමෙන්ම එහි සංඥාව වූයේ මීළග ශතවර්ශයේදීත් වතු ජනයාට ආවේණික වහල් මෙහෙය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට වතු හාම්පුතුන්ට වුවමනා අතර වතු ශ්‍රමිකයාගේ ගැටළු නොවිසදී ඒ ආකාරයෙන් ම පවතිනු ඇත යන්නයි. මේ ප්‍රශ්න අතර ශතවර්ශ දෙකක් ගෙවී ගියත් නොවිසදී ඇති විසදෙනු ඇතැයි සේයාවකදු නැති ප්‍රශ්න අතර දිවයින පුරා විසිර සිටින වතු ජනයාගෙන් බහුතර දෙනෙකුට තමන්ට අනන්‍ය වූ ස්ථිර ලිපිනයක් නැතිවීම හදුනාගැනීමට හැකිය.

වතුකරයේ ජනයා අපගෙන් වෙන්වුනු වෙනම ප්‍රජාවක් නොවේ. 1960දී මෙරට සිටි වතු කම්කරුවන් 40 කට පුරවැසිභාවය ද ඡන්ද අයිතිය ද ලැබිණි. ඉතිරි වූ පිරිසෙන් කොටසක් ඉන්දියාවට නැවත බලහත්කාරයෙන් පිටත් කළ අතර 1990 වනවිට මෙරට සිටි සියලුදෙනාට පුරවැසිභාවය ලැබිණි. එනම් අනෙකුත් පුරවැසියන් හා සමාන අයිතිවාසිකම් වලට හිමිකම් ලබති. ඉංග්‍රීසින් මෙරට පාලනය කළ කාලයේදී බදුල්ල, නාවලපිටිය, හැටන්, රත්නපුර, හපුතලේ, රක්වාන, හා මොනරාගල ප්‍රදේශවල වතු නිර්මාණය කළහ. වතු ජනතාව මෙරට සිංහල ජනයා සමග එකතු වෙනවාට අකමැති වූ සුදු පාලකයන් මෙරට තැපැල් සේවය වතු ජනයාට ලබා නොදුන්නේය. චෙන්නායි හරහා වතු ජනයාට තැපැල් සේවය සැපයිනි. 1948 වසරේදී ඉන්දීය සම්භවයක් ඇති වතුකම්කරුවන්ට පුරවැසිභාවය ලැබීමෙන් පසුද ලංකාවේ තැපැල් සේවයද වතු ජනයා සමග සම්බන්ධ නොවිණි. අදට එය එසේම ය. ලංකාවේ 4691ක් වන මුළු තැපැල් ස්ථානවලින් 10න් එකකටත් වඩා අඩු ප්‍රතිශතයකි වතු ආශ්‍රිතව ස්ථානගත කර තිබෙන්නේ.

ඇඩ්‍රස් නැත

කතුවරයා මේ ලිපියේ මාතෘකාවට යෙදූ පරිදි “ඇඩ්‍රස් නෑ” යන යෙදුම සාමාන්‍ය ජන සමාජයේ භාවිතවන්නේ ව්‍යංගාර්ථයක් දනවමිනි. එහි මතුපිට අර්ථය “ස්ථිර ලිපිනයක් නැත” යන්නයි. යම් හේතු නිසා “ජීවිතය අවුල් වීම” ඊට අදාළ ව්‍යංගාර්ථයයි. වතුකර ජනයාගෙන් බහුතරයකට අදටත් ස්ථිර ලිපිනයක් නැත. ඒ නිසාම ඒ අයගේ ජීවිත අවුලෙන් අවුලට පත්ව තිබේ. ස්ථිර ලිපිනයක් ඇති අපිට නොදැනෙන ජීවිතයේ විවිධ ඉස්ව්වලට මේ ප්‍රශ්නය බලපා තිබේ. ඒසේම එක් ප්‍රදේශයකට සීමා නොවුනු ලංකාව පුරා විසිරුණු වතු ආශ්‍රිත මිනිසුන් මේ ප්‍රශ්නයෙන් දුක් විදින්නෝය. පහතින් දක්වන්නේ උදාහරණ කිහිපයක් පමණි.

රාජේන්ද්‍රන් රකීමා මාතර බොගකොට වතුයායේ ජීවත් වේ. ඔහුට ස්ථිර ලිපිනයක් නැත. ඔහුගේ රජයේ රැකියාව අහිමිවන්නේ සම්මුඛ පරීක්ෂණයට කැදවන ලද ලිපිය නිසි වේලාවට නොලැබීම නිසා ය. මනිවනන් සගාන් පස්සර මදොව වතුයාය පහළ කොටසේ ජීවත් වේ. ස්ථිර ලිපිනයක් නොමැති නිසා ඔහුට ලැබිය යුතු ලිපි ප්‍රදේශයේ ඔහුගේම නම ඇති වෙනත් පුද්ගලයන් අතට පත් වේ. ඇතැම් ලිපි ලැබෙන්නේ ප්‍රමාව වී වන අතර සමහර වැදගත් ලිපි ලේඛන ඔහුගේ අතට ලැබෙන්නේ ම නැත. පෙරියසාමි පුෂ්පරාණි ගාල්ල පිටිගලවත්තු යායේ ජීවත් වන්නීය. තමන්ට හිමි ETF,EPF අයිතිවාසිකම් ලබාගැනීමට ඇය නඩුවක් පවරා තිබේ. නඩුව මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ස්ථිර ලිපිනයක් නොමතිකම හා නඩු ලේඛන නියමිත දිනට ලබා ගෙන පිළිතුරු ලබාදීමට අපොහොසත් වීම නිසයි. සෙල්වරාජා නිරෝෂා දිල්හානි උඩුගම ඔමදොල්ළුව වත්තේ ජීවත් වන්නීය. ඇය උකසට තැබූ ආභරණ සියල්ල සින්න වී තිබෙන්නේ උකස බේරාගැනීම දන්වන ලිපි ඇයට නොලැබුණු නිසාය. ගාල්ල ඉන්දෙණිය වත්තේ වෙසෙන සුබ්‍රමනියම් සිරීට ගුරු පුහුණුවට අදාළ සම්මුඛ පරීක්ෂණය මගහැරෙන්නේත් ඒ හේතුවෙන් ම බලාපොරොත්තු තබාගෙන සිටි රැකියා අවස්ථාව මගහැරෙන්නේත් නිශ්චිත ලිපිනයක් නොමැතිකම නිසයි.

අප සියල්ලන්ම උත්සහ කරන්නේ ගෞරවාන්විත හා සුවපහසු ජීවිතයක්- මෙම ජීවිතය ගත කිරීමට සිවිල් සේවය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සම්න්ධ වීම අවශ්‍ය ය. මේ සදහා අවම වශයෙන් පාසල් අධ්‍යාපනය ලැබීම, නිදහස් සෞඛ්‍ය සේවයල ජල-විදුලිය, ඡන්ද අයිතිය, ජාතික හැදුනුම්පත (කෙනෙකුගේ අනන්‍යතාවය), යම් සහනාධාර යන මේ සියල්ල ස්ථිර ලිපිනය හා සම්බන්ධ වේ. ඒ අරුතින් ස්ථිර ලිපිනය යනු අප ජීවත් වන නිශ්චිත ස්ථානය රජයට තහවුරු කිරීමයි. එමගින් පුද්ගලික ජීවිතයට අදාළ රජයේ ලිඛිත ලේඛන (ඡන්ද පත්‍රිකා, වරිපනම් වැනි) අප අතට ලබා ගැනීමයි. ඒ තුළින් අප රජයේ සේවය පුද්ගලික ජීවිතවලට ලබාගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහභාගී වේ. එහෙත් වතුකරයේ ජනතාවට ස්ථිර ලිපිනයක් නැති නම්?

සුරේෂ් කුමාර්ගේ උත්සහය

ජීවරත්නම් සුරේෂ් කුමාර් මාවතගම මුවන්කන්ද වතුයායේ ජීවත් වන තරුණයෙකි. ස්ථිර පදිංචි ලිපිනයක් නැත්තෙකි. සුරේෂ් ද ඇතුළුව මේ වතුයායේ පවුල් 300ක් පමණ ජීවත් වේ. මේ කිසිකෙනෙකුට නිශ්චිත ලිපිනයක් නැති අතර කිසිදු ලිපියක් පෞද්ගලිකව නොලැබේ. ලිපි ලැබෙන්නේ “මුවන්කන්ද වත්ත” යන පොදු ලිපිනයටය. ස්ථිර ලිපිනයක් නොමැතිකම නිසා ම ඉහතින් දැක්වූ ප්‍රශ්න රාශියකට මැදිව සුරේෂ්ද ඇතුළු මුවන්කන්ද වතුවාසීන් ජීවත ගෙවයි. මුවන්කන්ද ගම්මානයට ලිපි ලබාගන්නේ අසීරු මාර්ගයක් පසුකිරීමෙන් පසුයි. තමන්ගේ වතුයායට අයත් ලිපි සියල්ල මාවතගම තැපැල් ස්ථානයට ලැබෙන බවත් ඉන්පසුව ඒ ලිපි සියල්ල මුවන්කන්ද උප තැපැල් කාර්යාලයට ලැබෙන බවත් ඉන්පසුව වතු අධිකාරීවරයා විසින් විවිධ පුද්ගලයන් මගින් ලිපි මේ වැසියන්ට ලැබෙන්නට සළස්වන බවත් සුරේෂ් කියා සිටියේය. මේ අතරවාරයේ වැදගත් ලිපි නොලැබීම් හා ලිපි ලැබීම ප්‍රමාද වීම සුලභ බව පෙන්වාදුන්නේය.

තමන්ට හා සිය වතුයායේ මිනිසුන්ට ස්ථිර ලිපිනයක් ලබා ගැනීමේ අරමුණින් පසුගිය මාර්තු 7වැනිදා සුරේෂ් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 2017 ජූනි 17 දින මේ කරුණ සම්බන්ධව සුරේෂ් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබේ. 2019 මාර්තු 25 එහි මූලික විමර්ශනය සිදු කළ අතර එහි විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් පවතී.

2019 අප්‍රේල් 3 වැනි දින අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් මුවන්කන්ද වතුයායට ස්ථිර ලියාපදිංචි ලිපින ලබාගැනීමට ඇති හැකියාව ගැන තොරතුරු ඉල්ලා සිටියේය. ඒ අනුව මේ වනතෙක් කිසිදු ප්‍රායෝගික වැඩසටහනක් නැති බව සුරේෂ් ලද තොරතුරයි. මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් කළ කරුණු විමසීමේදී එම නිළධාරීන් ස්ථිර ලියාපදිංචිය ලබාදීම තම විෂය පථයට අයත් නොවන බව දන්වා සිටියේය. ඊට අමතරව සුරේෂ් කුමාර් සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් මතු කර තිබෙන මූලික කාරණයක් වන්නේ තම වතුයායට ආසන්න මීතැන්වල, කැටවල, ගොන්ගාල්දෙණිය හා පරාපේ ආශ්‍රිත වතුවාසීන්ට ස්ථිර ලිපින ලබාදෙමින් තමන්ගේ සමාන්මතාවයේ අයිතිවාසිකම රාජ්‍ය නිළධාරීන් විසින් කඩ කර තිබීමයි.
සුරේෂ් පෞද්ගලිකව උත්සහ කරන්නේ තමන්ට, මුවන්කන්ද වතුයායට පමණක් නොව ලංකාව පුරාම විසිරී තිබෙන වතු ගම්මාන ආශ්‍රිත පොදු ප්‍රශ්නයක් සාර්ථක අවසානයක් කරා රැගෙන යාමටය. මෙම උත්සහය තීරණාත්මක අවසානයක් කර ගෙනයාමෙන් ඇඩ්‍රස් නැති ජනකොටසක් ජීවිත අවුලෙන් අවුලට පත්වීම නවතිනු ඇත. ඒ සදහා වතුජනයා පොදුවේ පෙළ ගැසීම වැදගත් ය. වතුකරයේ පවතින වෘත්තීය සමිති සියල්ල වතුකරයේ ජනතාව මුහුණ දෙන මෙම මූලික මිනිස් අයිතිවාසීකම වෙනුවෙන් ක්‍රියාත්මක නොවීම වෘත්තීය සමිති නායකයින්ගේ වංචනික ක්‍රියාකලාපය තේරුම් ගත හැකිය.

Related Posts

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.
Articles

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජාතික ජන බලවේගය බලයට පත්වූයේ දැවැන්ත පොරොන්දු තොගයක් සමග බව අපි කවුරුත් දනිමු. ”‍පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රකාශනයේ අන්තර්ගත...

by Taniya
February 3, 2026
2026 Ratutharuwa February  Issu
Ratutharuwa

2026 Ratutharuwa February Issu

by Taniya
February 2, 2026
2025 February Ratutharuwa
Ratutharuwa

2025 February Ratutharuwa

by Taniya
February 7, 2025
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි
Articles

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමියගේ අවධානය පිණිසයි

ආචාර්්‍ය එන්.එම්. පෙරේරා සහෝදරයා පළමු ලෝක යුද්ධ සමයේ බෝගම්බර සිර අඩස්සියේ සිට ලියන ලද “නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය” මැයෙන් රචනා...

by Taniya
August 31, 2025
Next Post
චේ ගැන බිඳක්… –

චේ ගැන බිඳක්... -

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.