lankasocialist
Monday, August 24, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

“වම සහ ජීවිතය“ සිරිතුංග ජයසූරියගේ නවතම කෘතිය…

Taniya by Taniya
November 29, 2022
in Books
0
“වම සහ ජීවිතය“ සිරිතුංග ජයසූරියගේ නවතම කෘතිය…
Share on FacebookShare on Twitter

 

හැඳින්වීම

මගේ ජීවිතය හා බැඳී පවතින දේශපාලන සිදුවීම් ඇතුළත් කරුණු ඒකරාශි කර පොතක් සම්පාදනය කරන මෙන් මගේ සමීප මිතුරන් හා දේශපාලනයේ නියැලී සිටි සහෝදරවරුන් නිතර මා වෙත ඉල්ලීම් කරනු ලැබීය. මෙය එහි ප්‍රතිඵලයකි. මෙය මාගේ ජීවිත කතාව අලලා ලියන ලද එකක් නොවන අතර මගේ දේශපාලන ගමන් මඟ ආරම්භ වුයේ කෙසේද යන්න සඳහා පසුබිම් වූ පුද්ගලික තොරතුරු පමණක් මෙහි ඇතුළත් කර ඇත. 1965 සිට මේ වසර වන විට 55 වසරක දේශපාලන ජීවිතයක් මා ගත කර ඇති අතර 2010 වසර පමණ දක්වා වූ කාලය දක්වා මතක සටහන් මෙහි ඇතුළත්ය.

මෙය මා ලිවීම ආරම්භ කළේ 2020 වසරේ කොරෝනා වසංගත ආරම්භ වීම සමඟ අප්‍රේල් මැයි මාසවල ආරම්භ වූ රට වසා තැබීමේ අලුත් අත්දැකීම සමඟය. දේශපාලන පූර්ණකාලීනයකු වශයෙන් දිනපතා පක්ෂ කාර්යාල මූලික කරගෙන කටයුතු කිරීමට හුරු පුරුදු වී සිටි මට හුදකලාව නිහඬ වී නිකරුණේ කාලය ගත කිරීම මහත් ගැටලුවක් විය. මෙම සටහන් ලිවීම ආරම්භ වුණේ එලෙසිනි. නැවත රට විවෘත වීමත් සමඟ මෙම සටහන ලියා අවසන් කිරීම පසුපසට වැටී සුපුරුදු පරිදි එදිනෙදා දේශපාලන කටයුතුවල නිරත වීමට සිදුවිය. නැවත 2021 වසරේ මැයි මාසයේදී සංචරණ සීමා පැනවීම සමඟ මෙහි කටයුතු අවසන් කිරීම සඳහා යළි ගත් උත්සාහයකි.

මෙම පොත වම ගැන සඳහන් වුවද එය සමස්ත වමේ ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳ ලියන ලද්දක් නොවේ. අප රටේ වමේ ව්‍යාපාරය ආරම්භ වන්නේ 1935 ලංකා සමසමාජ පක්ෂය බිහි කිරීමෙනි. ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක ප්‍රකාශනවල ජාත්‍යන්තරවාදය පදනම් වූ සමාජවාදය ගොඩනැඟීම ගැන සඳහන්ව තිබුණ ද සමසමාජ පක්ෂය බොල්ෂෙවික් සම්ප්‍රදාය මත පදනම් වූ විප්ලවවාදී පක්ෂයක් නොවීය. සමසමාජ පක්ෂයේ පළමු බෙදීම ආරම්භ වූයේ ජාත්‍යන්තර දේශපාලනය ගැන වීම මෙහිලා විශේෂයෙන් අවධාරණය විය යුතුය. දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් ගත යුතු ස්ථාවරය කුමක්ද යන්න ද මෙම විවාදයට පාදක විය. ස්ටැලින්ගේ නායකත්වයෙන් තුන්වන ජාත්‍යන්තරය මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂ එකී රටවල අධිරාජ්‍යවාදී ආණ්ඩුවලට සහයෝගය පළ කිරීමේ පිළිවෙතක් අනුගමනය කළහ. මෙයට සමගාමීව සෝවියට් දේශය හා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර පාර්ශ්වය සහයෝගය දැක්වීමට ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ගනු ලැබූ ස්ථාවරය සමඟ ඔවුන් අධිරාජ්‍ය විරෝධි අරගලයෙන් ඈත් විය.

තුන්වන ජාත්‍යන්තරයේ පිරිහීම ගැන සමසමාජ පක්ෂ අභ්‍යන්තරයේ විවාදය උග්‍ර තත්ත්වයකට පත්වීම සමඟ 1939 දෙසැම්බර් මස ලෙස්ලි ගුණවර්ධන විසින් පහත සඳහන් යෝජනාව සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

“පළමුවන කම්කරු රාජ්‍ය වන සෝවියට් සංගමය වෙත අප පක්ෂය සිය සහයෝගය පළ කරන අතරම ජාත්‍යන්තර විප්ලවකාරී කම්කරු පන්ති ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමට තුන්වන ජාත්‍යන්තරය අපොහොසත් වී ඇති හෙයින්, ජාත්‍යන්තරය කෙරෙහි සමසමාජ පක්ෂයේ විශ්වාසයක් නොමැත්තේය.” (ලංකා සමසමාජ පක්ෂයේ කෙටි ඉතිහාසය – ලෙස්ලි ගුණවර්ධන)

ලෙස්ලිගේ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 29ක් ලැබුණු අතර පස් දෙනෙක් විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ. යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ එස්. ඒ. වික්‍රමසිංහ, එම්. ජී. මෙන්ඩිස්, කේ. රාමනාදන්, ඩබ්ලිව් ආරියරත්න සහ ගුණසේකර යන අය ටික දිනකින් සමසමාජ පක්ෂයෙන් නෙරපනු ලැබීය. වමේ ව්‍යාපාරයේ බෙදීම් සිදු නොවිය යුත්තකි. එසේ වුව ද හුදු දේශීය සීමාවලින් ඔබ්බට ගොස් ජාත්‍යන්තරවාදී වර්ධනයන් ගැන ඇතිවූ මෙම බෙදීම ඵෙතිහාසික වශයෙන් වැදගත්ය.

අනතුරුව වෙනත් සංවිධාන නම්වලින් ටික කලක් කටයුතු කළ වික්‍රමසිංහ, මෙන්ඩිස් සහෝදරවරු ඇතුළු කණ්ඩායම ලංකා කොමියුනිස්ට් පක්ෂය බිහි කළහ. ලංකාවේ වමේ ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ගුරු කුළ දෙකක් මත එනම් ට්‍රොට්ස්කිවාදය හා ස්ටැන්ලිවාදය යනුවෙන් කටයුතු ආරම්භ කෙරුණේ ඒ අනුවය. මෙම ගුරුකුල දෙකින් මා අයත් වනුයේ ට්‍රොට්ස්කිවාදී සමසමාජ ගුරුකුලයට වීම නිසා මෙම පොතේ සඳහන් බොහොමයක් කරුණු හා අත්දැකීම් එම ව්‍යාපාරයට සම්බන්ධ ඒවාය. එම හේතුව නිසාම මෙම පොත ඒක පාර්ශ්වීය අත්දැකීම් සටහන් කරන්නක් ලෙස මතුවීම වැළැක්විය නොහැකි විය. ඒ ගැන මම සමාව අයද සිටිමි. පසු කාලීනව බිහි වූ නව සමසමාජ පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ නැමති වමේ පක්ෂ ඇතුළු සියලු කණ්ඩායම් මෙම ප්‍රධාන ගුරුකුල දෙක හරහා බිහි වූ දේශපාලන පක්ෂයන්ය.

 

සිරිතුංග ජයසූරිය

Related Posts

New Books
Books

New Books

by Taniya
September 21, 2023
0

Read moreDetails
චේ ගැන බිඳක්… –

චේ ගැන බිඳක්… –

August 13, 2026
IMF

IMF

November 15, 2022
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවට හැදින්වීමක්

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවට හැදින්වීමක්

April 26, 2022
Next Post
දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල – එක්සත් සමාජවාදී පක්ෂය

දේශපාලන ඉදිරි දර්ශන ලියවිල්ල - එක්සත් සමාජවාදී පක්ෂය

ජාතික ප්‍රශ්ණය හා දෙමළ භාෂාව කථා කරන ජනතාවගේ ප්‍රශ්ණ අරබයා එක්සත් සමාජවාදී පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රචාරක පත්‍රිකාව…

ජාතික ප්‍රශ්ණය හා දෙමළ භාෂාව කථා කරන ජනතාවගේ ප්‍රශ්ණ අරබයා එක්සත් සමාජවාදී පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රචාරක පත්‍රිකාව...

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.