lankasocialist
Monday, September 14, 2026
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය

Taniya by Taniya
August 13, 2026
in දේශීය, ලිපි
0
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් සමග අධිකරණයේ ස්වාධීනත්වය
Share on FacebookShare on Twitter

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අනුර කුමාරගේ ආණ්ඩුව ගෙන තිබෙන තීන්දුව මේ දිනවල රට තුළ සාකච්ඡාවට භාජනයවී තිබෙන ප්‍රධාන කාරනයයි. ඒ සඳහා කැබිනට්ටුවේ අනුමැතිය ලද බව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කරණ ලදී. මේ වන විට අදාල ගැසට් පත්‍රය නිකුත් වී තිබේ. පුදුමයක මහත මෙලෙස කැබිනට් තීන්දුව ප්‍රකාශයට පත් කළ නලින්ද ජයතිස්ස ඇමතිවරයා විසින් මෙයට මාසයකට පමන පෙර දි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුර දෙමින් කියා සිටියේ එවැනි සූදානමක් ආණ්ඩුවට නොමැති බව ය. එපමණක් නොව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නමින් ඔවුන් ඉදිරිපත් කළ පොරොන්දු ප්‍රකාශය තුළ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම ගැන වචනයක් වත් නොතිබුණු බව තේරුම් ගත යුතු ය.ඒ වෙනුවට එකී මැතිවරණ පොරොන්දුවල කලු‍ අකුරින් සඳහන් කර තිබෙන්නේ රටට හෙණයක් බවට පත්ව තිබෙන විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරිම සඳහා කඩිනම් පියවර ගන්නා බව ය. මාලිමාවේ ආණ්ඩුව ඒ ගැන වචනයක්වත් කථා නොකර කසාය බීපු ගොලු‍වන්සේ හැසිරෙති.


ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය ඇතුලු‍ නීති කෙෂේත්‍රයට අයත් බොහෝ විද්වතුන් හිටපු විනිසුරුවරුන්, ආණ්ඩුක්‍රම විශේෂඥයන් හා අධිකරණ සේවා සංගමය පවා ආණ්ඩුවේ මෙම යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්ණයක් මතු කරණ බව පෙන්නුම් කර ඇත. එපමණක් නොව දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති හා විවිධ සිවිල් සංවිධාන විසින් ද ආණ්ඩුවේ උත්සහායට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. එසේ තිබිය දි ඒ ගැන නොසලකා ආණ්ඩුවේ පුද්ගලික න්‍යාය පත්‍රයට අනුව තමන්ට පාර්ලිමේන්තුවේ තිබෙන තුනෙන් දෙකේ ඡන්ද බලය පාවිච්චි කර මෙම තීන්දුව ක්‍රියාවට නැංවීමට යෑම මෙතෙක් කල් බලයේ සිටි ජේ. ආර්. ජයවර්ධන මහින්ද රාජපක්ෂලා හා රනිල් වික්‍රමසිංහ අනුගමනය කළ මාර්ගයේ ගමන් කිරීම ඔවුන් නිතර ප්‍රකාශ කළ සිස්ටම් චේන්ජ් කියන වචනය හා පොරොන්දුව ඔවුන් විසින් විහිලු‍වකට ලක් කිරීම කී. මෙය හුදෙක් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස පිළිබඳ කාරණයක් පමණක් නොවන අතර රාජ්‍ය බලය හා අධිකරණ බලය අතර පැවතිය යුතු බල තුලනය පිළිබඳ ප්‍රශ්ණය කී. එබැවින් මෙම ප්‍රශ්ණය ගැන විවෘත මනසකින් යුක්තව බැලිය යුතු වේ.


අමෙරිකාව ඇතුලු‍ සමහර රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සිමාව 70 හෝ 75 ලෙස පවතින බවට ගෙනෙන තර්කය මෙහිදි වලංගු වන්නේ නැත. ඒ ඒ රටවල් පොදුවේ විශ්‍රාම යන වයස තීන්දු කර තිබෙන්නේ ඒ ඒ රටවල පවතින තත්ත්වයට අනුව විය යුතු ය. මේ අවස්ථාවේ එම රටවල පවතින උදාහරණ තමන්ගේ අවශ්‍යතාවය අනුව යොදා ගැනිමට මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු දරණ උත්සහාය වංචනික ය. එය කෑමට අවශ්‍ය වූ විට කබරගොයා තලගොයා කර ගැනීම වැනි පහත් වැඩකි. 2013 වසරේදි ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුට ඉදිරිපත් කර ඇය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ පාලනය විසින් සිදුකල මුග්ධ ක්‍රියාව මෙන්ම මාලිමා ආණ්ඩුවේ මෙම උත්සහාය ද ඉතිහාසයේ ලියවෙන මහ කලු‍ පැල්ලමකී. එදා එම මුග්ධ ක්‍රියාවට එරෙහිව හඬ නැගු අනුර කුමාර ඇතුලු‍ පිරිස අද තමන්ගේ අතීත තීරණ වලට පස්ස හැරවිම කොපමණ ඛේදවාචකයක් ද. පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කෙරෙණු ස්වාධීන කොමිෂන් සභා පත් කිරිම සඳහා වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීමට උත්සහයක් ගත් අතර 20වන සංශෝධනයෙන් නැවත විධායකබලය පුලු‍ල් කිරීම සිදුවිය පසුව ද, 21 වන ව්‍යවස්ථා සංශෝධනය යම් ආකාරයක තුලනයක් ඇති කර ගන්නා ලදී. දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව උත්සහා කරන්නේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් තම පක්ෂයේ උවමනාවන්ට අධිකරණය හීලෑකර ගැනිමට ය. මෙයින් උගන්වන අමිහිරි පාඩම වන්නේ ආණ්ඩු වෙනස් වුව ද බලය අධික බලයක් දක්වා වර්ධනය කර ගැනීමට බලයේ සිටින ආණ්ඩුවල චේතනාව බව ය.


නඩු ගොඩගැසිමට පිලියමක් වශයෙන් මෙය සිදු කරණ බවට ආණ්ඩුව ගෙනෙන අනෙක් තර්කයේ ද සත්‍ය තාවයක් නොමැත. නඩු අධික ලෙස ලක්ෂ ගනනාවක් කල් යමින් ගොඩගැසි තිබීම සත්‍ය කාරනය කී. ඒ සඳහා අවංක වුවමණාවක් ආණ්ඩුවට තිබෙන්නේ නම් ඒ සඳහා ගත යුතු පියවර ගණනාවක් ඇත. මේ ගැන එක්සත් සමාජවාදි පක්ෂය විසින් ඉදිරිපත් කරණ ලද පුවත් නිවේදනය මේ ගැන කරුණු දක්වා ඇත. එයින් අප පක්ෂය පෙන්වාදි තිබෙන්නේ දැනට තිබෙන පහල මහෙස්ත්‍රාත් අධිකරණ ප්‍රමානය වැඩි කිරිම හා ඊට සරිලන අන්දමට විනිශ්චයකාරවරුන් බඳවා ගැනීම, කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව වැඩි කරමින් අනුශාංගික ආයතන වලට මානව සම්පත් වැඩි කිරිම යන ආදියට අප අවධානය කර ඇත. ඊට අඅමතර වශයෙන් ඩිජිටල් හා තාක්ෂණය ඔස්සේ නඩු කළමණාකරනය කිරීම හා අධිකරණ සේවා පරිපාලනය නවිකරනය ඇතුලත් විය යුතු ය. මෙවැනි අත්‍යවශ්‍ය පියිවරයන් නොගෙන විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් පමණක් අධිකරණ කෙෂ්ත්‍රයේ දැනට තිබෙන ගැටලු‍ විසඳා ගැනීමට කරණ කථා ඉතා හාස්‍යජනකය.


මෙම ආණ්ඩුව බලයට පත් වූයේ දූෂණය හා නාස්තියට තිත තබා විනිවිධභාවය, යහපාලනය තහවුරු කර දේශපාලනය බලපෑම් වලින් තොර ස්වාධීන ආයතන පිහිටුවීම ගැන අතිවිශාල පොරොන්දු තොගයක් සමගින් ය. එසේ බලාපොරොත්තු ඇති කරමින් බලය ලබා ගෙන ඊට සහමුලින්ම ප්‍රතිවිරුද්ධවව කටයුතු කරමින් අධිකරණයේ ස්වාධීන පැවත්මට අභියෝග කිරීම ශිෂ්ඨ සමාජයක් අනුමත නොකරති. පාර්ලිමේන්තුවේ අධික බලයක් සහිතව මෙතෙක් බලයේ සිටි කිසිම ආණ්ඩුවකින් ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් පියවර ගැනීම වෙනුවට කරණු ලැබුවේ. තමන්ගේ අභිප්‍රාය මහ අසිමිත බලය කේන්ද්‍ර ගත කර ගනිමින් අධිකරවාදි පාලනයක් ගෙන යාම ය. මෙම ආණ්ඩුව විසින් ජනතාවට දෙනු ලැබු පොරොන්දු අතර විශේෂිත පොරොන්දුවක් වුයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරණ බව ය. එසේම කම්කරු පන්තිය හා ගොවි ජනතාවගේ ජීවිත ජීවන තත්ත්වය ඉහල දැමීම සඳහා පියවර ගන්නා බව ය. බලයට පත්ව පළමු වසර අවසානයට පෙර පළාත් සභා ඡන්දය පැවත්වීමට කටයුතු කරණ බව ය. එළෙස දුන් පොරොන්දු අමතක කර දමා ජනතාවට නොදුන් පොරොන්දුවක් වන විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරිම හුදෙක් ආණ්ඩුවේ උවමනාව වෙනුවෙන් සිදු කරණ දෙයක් බව ඉතා පැහැදිළි ය.


අධිකරණයේ ස්වාධීනත්වය යනු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම පිළිබඳව කාරනයට එහා ගිය කාරනය කී. මෙලෙස කටයුතු කිරිම මගින් ජනතාවට අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනු ඇත. එය සෑම පුරවැසියෙකුගේම නිදහස, සාධාරණත්වය, අයිතිවාසිකම් හා සමස්ථයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදි පැවත්ම කෙරෙහි බලපානු ලබයි. මේ අන්දමට වරින්වර බලයට පත්වන ආණ්ඩු තම උවමණාව වෙනුවෙන් ස්වාධීන ආයතනවල දිගු කාලින පැවත්මට හානි කරණ අන්දමට කටයුතු කිරීමට පියවර ගන්නේ නම් ජනතාව තව දුරටත් ඒවා ඉවසා සිටිය යුතු නොවේ. මෙම අධිපතිවාදි පියවරට එරෙහිව පෙනී සිටිම පවා නොකළ යුතු ය. ආණ්ඩුව මෙවැනි පිවරයන් කඩි මුඩියේ ගණු ලබන්නේ අධිරාජ්‍යවාදි හාම්පුතුන්ගේ නව ලිබරල් වැඩ සටහන බාදාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා ය. ප්‍රජාතන්තුවාදි ඉඩකඩ අහෝසි කිරිම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබේ. ත්‍රස්තවාදය වැළැක්විමේ පනත වෙනුවට නව ත්‍රස්ත පනතක් ගෙන එන්නේ ඒ සඳහා ය. ඒ සමග භඨධ නියාමන පනත, සමාජ මාධ්‍ය නියාමන පනත හා බලහත්කාර වරලත් වෘතිය ආයතන පනත වැනි අන පනත් ගෙන ඒමට කටයුතු කරන්නේ දිගු කාලින දැඩි මර්ධනකාරි ඒකාධිපති මාදිලියේ රාජ්‍ය පාලනයක් තහවුරු කිරීම සඳහා ය.


1978 දී ජේ.ආර්. ජයවර්ධන විසින් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීම සඳහා නව ව්‍යවස්ථාව ගෙන එනු ලැබූ අවස්ථා වේ ලංකා සමසමාජ පක්ෂ නායක එන්. එම්. පෙරේරා විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ නව ව්‍යවස්ථාව තුලින් ව්‍යවස්ථානුකූල ඒකාධිපතිවාදයක් කරා ගමන් කිරීම මෙන්ම අධිකරණයේ ස්වාධිනත්වය හා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිට පැවරි තිබෙන අසීමිත බලතල සමගින් ස්වාධීන අධිකරණ පද්ධතිය පවත්වා ගෙන යාමට බාදා ඇති විය හැකි බවත්, ඔහු විසින් ප්‍රකාශ කරණ ලදී. වර්තමානයේ අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව යටතේ සිදුවන සිද්ධි දාමය තේරුම් ගැනිමට මෙම විවරණයම කොතරම් ඉවහල් වන්නේ ද යන්න ඉතා පැහැදිළි ය.


2026 ජනවාරි මස 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නිගමනය කළ නඩු තීන්දුවක් ප්‍රකාරව ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් පිළිබඳව වුව ද එම අවස්ථාව භාවිතා කරමින් අධිකරණය තවත් පුලු‍ල් ව්‍යවස්ථාමය මූල ධර්මයක් අවධාරණය කර ඇත. එනම් විනිසුරුවරුන්ගේ ධූර කාලය ජනතා පරමාධිපත්‍යයෙන් වෙන් කළ නොහැකි අංගයක් වන බව ය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස හෝ ධූර කාලය වෙනස් කිරිමට ජනමත විඡාරණයක් අවශ්‍ය බව එම තීන්දුවේ සඳහන් කර තිබේ. මේ සියලු‍ තත්ත්වයන් සැළකීමේ දී මාලිමා ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුල තිබෙන තුනෙන් දෙකක බලය පාවිච්චි කර මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව පැහැදිළි වනු ඇත. මෙම පසුබිම තුළ ප්‍රජාතන්ත්‍රීය අයිතින් රැක ගැනීම වෙනුවෙන් පුලු‍ල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීය යුතු බව අප අවධාරනය කර සිටිමු.

Related Posts

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,
දේශීය

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

by Saliya Kanugala
August 13, 2026
0

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම ජනතා නැගිටීම 1953 අගෝස්තු සිදු වූ...

Read moreDetails
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

August 14, 2026
ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

ඇමරිකානු – ඊශ්‍රායල් යුද්ධවාදයට හා ආධිපත්‍යවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී බලයක් ගොඩ නගමු.

May 6, 2026
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

August 13, 2026
ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

ජංජාලයක් වූ පුනරුදය සුළි කුණාටුවෙන් වැනසුනු වගයි.

August 13, 2026
Next Post
බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

බන්ධනාගාර අර්බුදයට විසදුම් ඉදිරිපත් කරනු

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

අගෝස්තු 12 හර්තාල් සමරුව වෙනුවෙනි,

Lanka Socialists

Lanka Socialists is the web publication of the United Socialist Party – Sri Lanka, bringing socialist analysis and news on politics, workers' struggles, and international solidarity in Sinhala, Tamil, and English.

Subscribe Our Newsletter

  • From the Press
  • ලිපි
  • රතු තරුව
  • නිවේදන
  • ඉවෙන්ට්ස්
  • ගෝලීය
  • Books
  • Video/Audio

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.

No Result
View All Result
  • මුල් පිටුව
  • ලිපි
    • ගෝලීය
    • දේශීය
  • රතු තරුව
  • தமிழ்
  • අපි ගැන
    • සම්බන්ධ වන්න
    • දායක වන්න
    • පොත්

© 2026 – lankasocialist – The Web Publication by United Socialist Party – Sri Lanka.