lankasocialist
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
No Result
View All Result
Lanka Socialists
No Result
View All Result

2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්

Taniya by Taniya
March 6, 2026
in From the Press
0
2026 මාර්තු 8 – ජාත්‍යන්තර කාන්තා දිනයට – සැබෑ අරුතක්
Share on FacebookShare on Twitter

කම්කරු පන්තියේ කාන්තාවන්ගේ පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක්

ලොව පුරා සිටින කාන්තාවන් විවිධ ආකාරවලින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි. ඉරානය හැර කාන්තාවන් මුහුණ දෙන පීඩනයට එරෙහිව බොහෝ රටවල ආණ්ඩු විරෝධී ව්‍යාපාර විසින් මාස ගණනාවක් තිස්සේ අඛණ්ඩව විරෝධතා පෙළපාලි හා උද්ඝෝෂණ පවත්වනු ඇත. ජාත්‍යන්තර කාන්තා දිනය සමාජවාදීන් හට එහි අභිමානවත් ඉතිහාසයෙන් උපන් විශේෂිත අර්ථයක් සහ අරමුණක් ඇත. 1910 දී, වැඩ කරන කාන්තාවන් විසින් දෙවන ජාත්‍යන්තරයේ සමුළුව කෝපන්හේගන්හි පැවැත්විණි.

ප්‍රමුඛ පෙළේ ජර්මානු මාක්ස්වාදියෙකු වන ක්ලාරා සෙට්කින් විසින් එවකට යෝජනා කළේ වඩා හොඳ වැටුප් සහ කොන්දේසි සමග කාන්තාවන්හට ඡන්ද අයිතිය දිනා ගැනීම සඳහා උද්ඝෝෂනය කිරීම සඳහා සෑම වසරකම සෑම රටකම එකම දිනයක සැමරුමක් ලෙස ජාත්‍යන්තර වැඩ කරන කාන්තා දිනයක් – පැවැත්විය යුතු බවයි. මෙම සම්මේලනයේ දී වෘත්තීය සමිති, සමාජවාදී පක්ෂ සහ වැඩකරන කාන්තා සංවිධාන නියෝජනය කරමින් රටවල් 17ක කාන්තාවන් 100කට අධික සංඛ්‍යාවක විසින් ඒකමතිකව මෙම යෝජනාව අනුමත කරන ලදී. පළමු ජාත්‍යන්තර කාන්තා දිනය 1911 මාර්තු 8 වන දින ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තයේ පෙලපාලි සහිතව පවත්වන ලද්දේ ඒ අනූවය. මිලියන 1 කට වැඩි කාන්තාවන් සහ පිරිමින් සංඛ්‍යාවක් ඊට සහභාගී විය. කාන්තා ඡන්ද අයිතිය දවසේ ප්‍රධාන ගැටලු‍වක් වූ නමුත් එය එකම ඉල්ලීම නොවේ. මෙම සමුලුව කාන්තාවන් රැකියාවේදී මුහුණ දෙන බිහිසුණු කොන්දේසි සහ අඩු වැටුප්වලට සහ වෙනස් කොට සැලකීම්වලට ප්‍රතිචාර දැක්වීමක් විය. ලෝක ආර්ථික අර්බුදය ගැඹුරු වන විට, වර්තමානයේ කාන්තාවන් විශාල ගැටළු වලට මුහුණ දෙන අතර ජාත්‍යන්තර වැඩ කරන කාන්තා දිනය එම කරුණු සමග වැදගත් වේ. එහි දී සමාජවාදී හා විප්ලවවාදී අන්තර්ගතය රඳවා තබා ගැනීම ඉතා වැදගත් වන්නේය. ගෝලීය ධනවාදය විසින් ඇති කරන ලද අසමානතාවයන් විස්තර කිරීම හෝ කාන්තාවන්ගේ ජයග්‍රහණ සැමරීම සඳහා පමණක් මෙම දිනය යොදා ගැනීම ප්‍රමාණවත් නොවේ. මාක්ස්වාදීන්ගේ කර්තව්‍යය වන්නේ ලොව පුරා පවතින පීඩනය ජය ගැනීම සඳහා වැඩපිළිවෙලක් සහ උපාය මාර්ගයක් වර්ධනය කිරීම සහ එම ක්‍රියාමාර්ග සඳහා සටන් කිරීමට කාන්තාවන් සහ කම්කරු පන්තියට ඒත්තු ගැන්වීමයි. අද ලොව පුරා කාන්තාවන් මුහුණ දෙන තත්වයන් සහ ගෝලීය වශයෙන් ඔවුන් ධනවාදයට එරෙහිව සටන් කිරීම මගින් බොහෝ අභියෝග සහ අර්බුදවලට මුහුණ දෙමින් සිටි. විශේෂයෙන්ම වැඩ කරන ජනතාව සහ දුප්පත් කාන්තාවන් විශාල වශයෙන් පීඩනයට ලක්ව ඇත. ලොව පුරා ධනවාදය විසින් කාන්තාවන් පවුල රැකබලා ගැනීමේ කාර්යයට සීමා කරමින් ඉන් ප්‍රයෝජන ගනිමින් ඔවුන්ට අඩු ගෙවීමක් ලබා දෙන අතරම ඔවුන් ගෙදර දොරේ වැඩ සහ නිවසේ රැකවරණය සඳහා සීමා කරනු ලබයි.

ඔක්ස්ෆෑම් ආයතනයට අනුව ලොව පුරා අඩුම වැටුප් ලබන රැකියාවල නිරත වන්නේ කාන්තාවන් ය. ගෝලීය වශයෙන්, ඔවුන් පිරිමින්ට වඩා සියයට 24 ක් අඩුවෙන් උපයති. ඒ වගේම පිරිමි සේවකයන්ට ද හොඳ වැටුපක් ද නොලැබේ. ඔක්ස්ෆෑම් ඇස්තමේන්තු කරන්නේ වත්මන් ප්‍රගතිය අනුව වැටුප් පරතරය පියවීමට වසර තවත් 170ක් පමණ ගතවනු ඇති බවයි. තවත් ශත වර්ෂ 2කට ආසන්න කාලයක් ස්ත්‍රීන්ට සමාන වැටුප් ලබාදීමට නොහැකි වීම ධනේශ්වර ක්‍රමය මොනතරම් ලැජ්ජ විය යුතුද? ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය සමග කම්කරුවන්ගේ වැටුප් තව දුරටත් පහත හෙලීමට ධනපතියන් සහ ඔවුන්ගේ නියෝජිතයින් දරන උත්සාහයන් පෙනෙන්නට ඇත. පිරිමින්ට වඩා කාන්තාවන් මිලියන 700 ක් පමණ අඩු වැටුප් සහිත රැකියාවල නිරත වේ. එහෙත් පිරිමින් ද අඩු වැටුප් ලබන අතර ඔවුන්ගේ රැකියා, වැටුප් සහ කොන්දේසි වල කප්පාදු කිරීම් වලට මුහුණ දෙති. සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන්ගෙන් සියයට 75 ක් අවිධිමත් ආර්ථිකයේ නියැලි සිටින අතර ඔවුන්ට රැකියා ගිවිසුම්, නීතිමය අයිතිවාසිකම් හෝ සමාජ ආරක්ෂණය නොලැබේ. මිලියන 600ක් සිටින්නේ ඉතාමත්ම අනාරක්ෂිත සහ අවිනිශ්චිත ආකාරයේ රැකියා වලය. ගෝලීය රැකියාවලින් 39% ක් කාන්තාවන් වන නමුත් කොවිඩ් වසංගතය කාලය තුළ සමස්ත රැකියා අහිමිවීම්වලින් 54% ක් කාන්තාවන් විය. කෝවිඩ් වෛරස කාලයේදී කාන්තාවන් විසින් රෝගීන් රැකවරණයේ බර විශාල ලෙස කරනු ලැබීය.

කාන්තාවන් පිරිමින්ට වඩා අඩුම තරමින් දෙගුණයක්වත් නොගෙවූ රැකවරණයකින් තොරව කටයුතු කරයි, එනම් ළමා රැකවරණය සහ ගෙදර වැඩ, – සමහර විට 10 ගුණයකින් වැඩිය. සෑම වසරකම මෙම ශ්‍රමයේ වටිනාකම අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 10.8ක් ලෙස ගණන් බලා ඇත – ගෝලීය තාක්‍ෂණ කර්මාන්තයේ ප්‍රමාණය මෙන් එය තුන් ගුණයකටත් වඩා වැඩිය. සමාජවාදීන් විසින් කාන්තාවන්ට සහ පිරිමින්ට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ හොඳ තත්ත්වයේ සේවයක් සමග නම්‍යශීලී පොදු ළමාරක්ෂක පහසුකම් වෙනුවෙන් සටන් වදී. හොඳ තත්ත්වයේ සේවාවන් පවත්වාගෙන යාම මෙන්ම, ප්‍රාදේශීය ප්‍රජාව විසින් පවත්වාගෙන යනු ලබන පොදු ආපනශාලා විසින් ආහාර සැපයීමේ ක්‍රමයක් හරහා ඔවුන්ට ගෙදර දොරේ වැඩවලින් නිදහස් වීම සඳහා අවකාශය උදා කරදිය යුතුය. වැටුප් හා නොගෙවූ වැඩ එකට ගණන් කළ විට කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි දිනගනනක් වැඩ කරනු ලබයි. එනම් ගෝලීය වශයෙන්, අද තරුණ කාන්තාවක් ඇගේ ජීවිත කාලය තුළ පිරිමියෙකුට වඩා අවුරුදු හතරකට සමාන වැඩ කරනු ඇත. නමුත් සියලු‍ම කම්කරුවන් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කාලයක් වැඩ කරන්නේ ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් උපයා ගැනීම සඳහා ය.

ඇෆ්ගනිස්ථානය සහ ඉරානය

2021 දී තලේබාන් සංවිධානය නැවත වරක් ඇෆ්ගනිස්ථානයේ බලයට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ විශේෂයෙන් කාන්තාවන්ට එරෙහි නිර්දය මර්දනයකි. ඇෆ්ගනිස්ථානයේ, ජනගහනයෙන් 97% ක් දරිද්‍රතාවයේ ජීවත් වන අතර, ජනතාවගෙන් තුනෙන් දෙකකට මානුෂීය ආධාර අවශ්‍ය වේ, මිලියන 20 ක් උග්‍ර කුසගින්නෙන් පෙළෙන අතර දෙමාපියන් තම පවුල් පෝෂණය කිරීම සඳහා මුදලට වකුගඩු පවා විකුණයි. කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කිරීම තහනම් කිරීමෙන් ඔවුන් කරන්නේ කාන්තාවන්ට සහ ළමයින්ට අත්‍යවශ්‍ය, ජීවිතාරක්ෂක සේවාවන් ලැබීම ප්‍රතික්ෂේප කිරීමයි. ප්‍රසිද්ධියේ කස පහර දීමේදී දඬුවම් ලැබූවන් අතර කාන්තාවන් ද සිටින අතර තලේබාන්වරුන්ට අභියෝග කිරීමේදී කාන්තාවන් අසාමාන්‍ය ධෛර්යයක් සහ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇත. තවද කාන්තාවන් සෑම මහද්වීපයකම පීඩනයට එරෙහිව සටන් වදිමින් සිටින්නේ 2023 වසරේ සැප්තැම්බර් මස 13 වැනිදා 22 හැවිරිදි ජිනා “මහසා අමිනී” ඉරානයේ සදාචාර පොලිසිය විසින් “අයුතු ලෙස” හිජාබය පැළඳීම නිසා අත්අඩංගුවට ගෙන දරුණු ලෙස පහර දෙන ලදී. දින තුනකට පසු ඇය පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගියාය. මෙම සිදුවීම සමග කාන්තාවන් ඔවුන්ගේ හිජාබ් ඉරා දමා හිසකෙස් කපා ගැනීමට පවා පියවර ගත්හ. ඔවුන්ගේ විරෝධතා ඉරානයේ තරුනයින්ට ආස්වාදයක් ලබා දුන් අතර කුරිරු පාලනයකට එරෙහිව කම්කරුවන් වැඩ වර්ජනයකට ඇද දමනු ලැබීය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම්වලට කාන්තාවන්ට තමන්ට අවශ්‍ය දේ ඇඳීමට තිබෙන අයිතිය, තමන් වැඩ කරන ස්ථානය සහ ගමන් බිමන් තෝරා ගැනීමට අවසර දීම ඇතුළුව කාන්තාවන් සඳහා පූර්ණ සමාන අයිතිවාසිකම් ඇතුළත් විය යුතු බව අවධාරණය කර සිටි. මෙම විප්ලවවාදී තරුණ ව්‍යාපාරය කාන්තා මර්දනයට එරෙහිව පැනනැගුණු නිසාත්, කාන්තාවන්, විශේෂයෙන් තරුණියන්, අරගලයට දැඩි ලෙස සම්බන්ධ වී සිටින නිසාත්, මෙය සාධනීය වර්ධනයකි.

ඒ අතරම, ඇෆ්ගනිස්ථානයේ මූලධාර්මික පාලන තන්ත්‍රයෙන් සිදුවෙමින් පවතින දේවල් පිළිබඳව සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යය. අප ඊට විකල්පයක් ලෙස යෝජනා කරන්නේ කම්කරුවන්, දුගීන් සහ තරුනයින් විසින් නායකත්වය දෙන සමාජවාදී ආන්ඩුවක් ගොඩනැගීම සඳහා ය. මෙයින් අදහස් කරන්නේ කම්කරු ව්‍යාපාරය, දුප්පතුන් සහ විප්ලවවාදී තරුනයන් කම්කරු පන්තියේ, තරුනයන්ගේ හා දුගීන්ගේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් තාවකාලික ආන්ඩුවක් වත්මන් තලේබාන් පාලනය විස්ථාපනය කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි. කම්කරුවන්ගේ ආන්ඩුවක් වහාම කාන්තාවන් සඳහා පූර්ණ සමාන අයිතිවාසිකම් ඇතුළු විප්ලවයේ මූලික ඉල්ලීම් ක්‍රියාවට නැංවීමට පියවර ගනු ඇති අතර මැද පෙරදිග පමණක් නොව ලොව පුරා ජාත්‍යන්තර වශයෙන් සමාජවාදී පරිවර්තනය ආරම්භ කළ හැකිවනු ඇත.

1917 ඔක්තෝබර් විප්ලවයේ ආශ්වාදය

වසර 109 කට පෙර සිදුවූ රුසියානු විප්ලවයෙන් අපට ආශ්වාදයක් ලබා ගත හැකිය. 1917 සහ 1927 අතර, ලෙනින් හා ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් බිහිවූ සමාජවාදී රජය කාන්තාවන්ට පිරිමින් සමඟ විධිමත් නෛතික සමානාත්මතාවය ලබා දීම සඳහා නව නීති මාලාවක් සම්මත කළේය. අන්‍යෝන්‍ය කැමැත්ත මත විවාහය පහසු ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් බවට පත් කරන ලදී. අවජාතක දරුවන් යන සංකල්පය අහෝසි විය. නොමිලේ, නීත්‍යානුකූල ගබ්සාව සෑම කාන්තාවකගේම අයිතියක් බවට පත් කරන ලදී. සමලිංගිකත්වය සාපරාධී ක්‍රියාවක් නොවේ යන්න පිළිගැනුනි. ළමා නිවාස, පොදු රෙදි සෝදන මධ්‍යස්ථාන සහ මහජන ආපනශාලා ස්ථාපිත කරන ලද්දේ කාන්තාවන් ගෙදර දොරේ වැඩවලින් නිදහස් කර ගැනීමටත් ආර්ථික හෝ සමාජීය සලකා බැලීම්වලින් තොරව සබඳතා වර්ධනය කර ගැනීමටත් ය. එවකට ආරම්භ කළ මෙම ප්‍රතිපත්ති බොහොමයක් අද බොහෝ දියුණු යැයි පවසන රටවලට පවතින තත්වයට වඩා ඉදිරියෙන් තිබු ඒවා බව අවධාරණය විය යුතුය.

සියලු‍ම රටවල කම්කරු පන්තිය ගෙන යන පංති අරගලය සමඟ එක්වන ලෙස අපි කාන්තාවන්ගෙන් සහ සියලු‍ම පීඩිත කොටස්වලින් ඉල්ලා සිටිමු. ධනේශ්වර ක්‍රමය පෙරලා දමා කාන්තා පීඩනය ද්විත්වය අවසන් කිරීමට හැකියාව ඇත්තේ කම්කරු පන්තියට පමණි. අපි කෙටි වැඩ කරන සතියක්, වෘත්තීය සමිති වැටුප් අනුපාත, සමාන වැටුප් සහ උද්ධමනය හරහා කප්පාදු නොකිරීම, නොමිලේ සහ ප්‍රවේශ විය හැකි ළමා රැකවරණය සහ නොමිලේ සහ ප්‍රවේශ විය හැකි ගබ්සාව සහ උපත් පාලන ක්‍රම ඇති නිදහස් ලෝකයක් ඉල්ලා සිටිමු. ජාත්‍යන්තර කාන්තා දිනයට නියම අරුතක් ලබා දිය හැක්කේ මෙවැනි වැඩපිළිවෙලක් වෙනුවෙන් අරගලය කිරීමෙන් බව අපි අවධාරණය කර සිටිමු.

එක්සත් සමාජවාදී පක්ෂය

Related Posts

The Left and the Presidential Election 2024
From the Press

The Left and the Presidential Election 2024

  Original Article: Socialistworld.net The United Socialist Party (USP), the Sri Lankan section of the Committee for a Workers’...

by dhammika
September 10, 2024
AI –  කෘතිම බුද්ධිය   කම්කරු පංතියට  ඇති කරන බලපෑම -‘The Socialist’ ලිපියක් ඇසුරෙන් – ප්‍රසාද් වැලිකුඹුර –
Articles

AI – කෘතිම බුද්ධිය කම්කරු පංතියට ඇති කරන බලපෑම -‘The Socialist’ ලිපියක් ඇසුරෙන් – ප්‍රසාද් වැලිකුඹුර –

මේ වන විට ලොව පුරා කතාබහට ලක්ව පවතින කෘතිම බුද්ධියේ ''Artificial Intelligence (AI)''නවතම විකාශනයන් පිළිබඳ ලංකාවේ වමේ ව්‍යාපාරය තුළ...

by Taniya
February 16, 2024
අදටත් වැදගත්  ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්
Articles

අදටත් වැදගත් ට්‍රොට්ස්කිගේ න්‍යාය – ටෝනි සනුවා – CWI ජාත්‍යන්තරයේ ලේකම්

ට්‍රොට්ස්කි ඝාතනයේ 83 වැනි සංවත්සරය: ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ප්‍රහාරයට ලක්වීමෙන් පසු විප්ලවවාදී සමාජවාදීයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කි 1940 දී ඝාතනයට...

by Taniya
October 10, 2023
ජාත්‍යන්තර කාන්තා දිනය 2023
From the Press

ජාත්‍යන්තර කාන්තා දිනය 2023

කම්කරු පන්තියේ කාන්තාවන් මුහුණ දෙන පීඩනය ජය ගැනීම සඳහා වැඩ පිළිවෙලක් වර්ධනය කිරීම   ලොව පුරා සිටින කාන්තාවන් විවිධ...

by Taniya
March 14, 2023

Subscribe Our Newsletter

Facebook Youtube

© 2025 සමාජවාදීන් වෙනුවෙන් සයිබර් අවකාශයෙන් ඉඩක්…

No Result
View All Result
  • Buy JNews
  • Homepage
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
  • News
  • Sneakers
  • Style
  • Men
  • Women

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.